ඔළුවේ ප්රමාණයට තෝරලා දාගන්න!
එකෝමත් එක දවසක් දා
වෙනදා වගේම
ගමේ හැමෝම
යනෙන විදිහටම
දන්න කියන වතු මැදින්
මාත් ගියා ගමනක්….
අයිති කාරයෝ හොඳින් හඳූනන
ගමේ හැමෝමත්
නිතර යනෙන වතු මැදින්…
ඒත්……..
එක වත්තකට පය තැබූ සැනින්
උං පැනපි මගේ ඇඟටම!
කෙල්ලෝ උසි ගැන්නූ හන්දාද මන්දා
උං…..
මාවම කන්න පැන්නා
නමුත්….
කෙල්ලෝ කිව්ව හන්දා
පන්න පන්නා එන්න එලෙසා
උන්ට මොළයක් නැතිවාද මන්දා!
බොරු චෝදනා එල්ල කරලා
පන්න පන්නා කන්න හැදුවා!
වත්ත හිමිකරු හඳුනන්නා…
හැබැයි මුන්…
කාගේ කවුද මන්දා…
වත්තේ මුරකරුවන්ද මන්දා….
වත්ත හිමි කරුට නැති රුදාවක්…
උන්ගේ හැසිරීමෙන්ම පෙනුනා…
ඒත් දම්වැල ලිහලා තිබ්බා….
උන්ගේ රැස්පොට් බලනු කුමටා….
බොරු චෝදනා ඉවසන්නෙ කුමටා…
යළිත් ඒ මඟ පස් නොපාගා
ගමන් යන්නට සිතට ගත්තා!
[පින්තූරෙ-http://goo.gl/kwRE9]