Saturday, April 28, 2012

කාලගුණ අනාවැකි හරියටම කියන රේඩාර් පද්ධතිය ජනපති අනින්

www.lankahotnews.org
කාලගුණ අනාවැකි නිශ්චිතවම කිව හැකි ඩුප්ලෝ රේඩාර් පද්ධතියක් ගොංගල කන්දේ ස්ථාපිත කිරීමට පියවර ගත් බවත් ඒ ඔස්සේ ඉදිරියේ දී කාලගුණ අනාවැකි සාර්ථකව ඉදිරිපත් කළ හැකි බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
නිශ්චිත ලෙසම කාලගුණ අනාවැකි ප්‍රකාශයට පත් කළ නොහැකි බවට සමාජයේ මතයක් පවතින බවත් නමුත් පසුගිය කාලයේ දී මෙම තත්ත්ත්වය තරමක් දුරට හෝ වෙනස් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමත්ව ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය. මේ සදහා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ
මහතා නිරන්තරයෙන් කල සොයා බැලීම මෙම පද්ධතිය ස්ථාපනය කිරීමේදී බෙහෙවින් වැදගත් වූ බවත් සදහන් කළේය.
එසේම අකුණු අනතුරු සහ නායයෑම් අනතුරු අවම කිරීම සඳහා වැඩපිළිවෙලක් රටපුරා ක්‍රියාත්මක කිරීමට ද දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටියි.
මීට අමතරව කිඹුල් ප්‍රශ්ණයද ස්වාභාවික ආපදා තත්ත්වයක් ලෙස සළකා කිඹුල් අවදානම ඇති ප්‍රදේශවල ආරක්‍ෂිත නාන තොටුපළ ඉදි කිරීමට ද පියවර ගෙන ඇති බව මහින්ද අමරවීර අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment