මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා 2 – crossword puzzle on Sinhala blog (2)

සිංහල බ්ලොග් අවකාශයේ මුල්ම හරස්පද ප්‍රහේලිකාව පල කලේ මේඝය විය හැක ??????????.(මා වැරදි නම් නිවැරදි කරන්න).

පහත ඩිලාන් ගේ ප්‍රතිචාරය අනුව ප්‍රමාණ සමීක්ෂක බ්ලොගයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රහේලිකාවක් පලවී ඇත http://www.qsonline.info/2011/04/qs-crossword-1.html

හරීන්ද්‍ර ගේ පහත ප්‍රතිචාරය අනුව සිංහල ඒවා ද මීට පෙර බ්ලොග් අවකාශයේ පලවී ඇත.දන්නා කෙනෙක් යොමුව දෙන්න.

මේ මේඝය ඉදිරිපත් කරන දෙවැනි හරස්පද ප්‍රහේලිකාවයි.මෙහි ද මෘදු පිටපත (soft copy) අවැසි නම් meeghaya@gamail.com වෙත ඊයක් එවන්න.නොවැලැක්විය හැකි ප්‍රාෙයා්ගික ගැටලුවක් නිසා මෘදු පිටපත එවිය හැක්කේ අද (22-ඉරිදා) දිනය තුල පමණක් බව කරුණාවෙන් සලකන්න.

(පළමු ප්‍රහේලිකාව විසඳුවේ නැත්නම් විසඳන්න මෙතැනින් පිවිසෙන්න.)

හරහට
1 අතීතාවර්ජනය
5 ධනය රැස්කරන මාධ්‍යයකි
6 අතීතයේ පාලකයන් විසූවේ මෙහිය
8 මගේ සිත
9 දේශපාලන තිඹිරිගෙයකි
10 අහරට ගන්නා ශාක කොටසකි
12 මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවකි
16 ආන්දෝලනාත්මක දේශපාලන පක්ෂයක ලාංඡනයයි
17 වාසනාව
18 සැරිසරන
පහලට
1 ලෝපතල ගෞරවනීය නායිකාවකි
2 සමහරු තවමත් මෙහි වාසය කරති
3 මිනිස් සිත
4 යකුන්ට එරෙහි සටනට ගන්නා අවියකි
7 එක්තරා සාකච්චා මණ්ඩපයකි
8 මද වැසි සහිත කාලගුණය
10 බොහෝ දෙනා වෙහෙස වන්නේ මේවා මකාගැනීමටය
11 සාහිත්‍යකරනයේ දී හමුවන දෝශයකි
13 සමහර දේශපාලකයන් ගේ මුව මීට උපමා කෙරේ
14 උදාහිරු
15 අපාය මෙලෙස ද හැදින්වේ

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 22/04/2012, in හරස්පද ප්‍රහේලිකා. Bookmark the permalink. 8 Comments.

  1. මීට කලින් සති දෙකකට සැරයක් ප්‍රෙහෙළිකාවක් දාපු සයිට් එකක් තිබුනා.. මම හිතන්නෙ ලාංකීය සිතිවිලි වෙන්න ඕනා..

    • මම ස්ථිරවම කිවිවේ නැත්තෙත් ඒකයි හරීන්ද්‍ර.ලිනක් එක දෙන්න පුලුවන්ද?

  2. ```Outsider```

    ප්‍රහේළිකාවනම් ලේසියි.
    ඒත් මේකෙ පුරවන්න බෑනෙ. අනෙක තෑගිත් නෑනෙ :))

  3. මගේ බ්ලොග් එකෙත් මම කලින් ප්‍රහෙලිකාවක් දැම්මා.

    http://www.qsonline.info/2011/04/qs-crossword-1.html

  4. I’m extremely impressed with your writing skills as well as with the layout on your blog. Is this a paid theme or did you modify it yourself? Anyway keep up the nice quality writing, it is rare to see a nice blog like this one today..

    • Thank you very much seo.
      You mean the theme “නිලඔර සිසාරා සැරිසරන මේඝය”? It is my own creation.Layout is presented by wordpress free of charge.
      KIT

  5. kathandarakaraya

    දැක්කෙ දැනුයි!

ඔබේ අදහස් දහස් වටී ....................