Sunday, April 15, 2012

Oracle SQL සිංහලෙන් - Chapter 1 - Part 07

Columns සම්බන්ධ කිරීම තවදුරටත්.

කලින් පොස්ට් ඒකෙන් Column එකතු කිරීම ගැන කතා කලානේ. අද තවත් ඒවා ලස්සනට එකතු කරන හැටි කියල දෙන්නයි යන්නේ.



























දැන් බලමු ඉහත විදියට Column එකක් හදා ගන්න ආකාරය. මේකෙදි අපිට දැක ගන්න පුළුවන් departments table ඒකෙ තියෙන Department Name එකත් Manager Id එකත් යොදාගෙන තියෙන බව.

 මුලින්ම තියෙනේ Department Name එකනේ ඊට පස්සේ Department's Manager Id:  කියන කොටස ඇවිත් තියෙනවා. ඒත් අපි කලින් ඉගෙන ගත්ත විදියට උඩු කොමාව ( ' ) දැම්මහම ඒක ඇතුලේ තියෙන දේ තමයි Result එක විදියට එන්නේ. නමුත් ඒක Result එකට ගන්නේ කොහොමද කියල බලමු.

ඒ  සඳහා අපි භාවිතා කරන්නේ Quote (q) operator එකයි.
එකේදී quote  කරන්නේ මෙහෙමයි.

q'['s Managers Id: ]'

මෙතැනදී වරහන තුල තියෙන ඒවා Result එකට එනවා. ඒ වගේම [ ] වෙනුවට අපිට { }, < >, ( ) ඒවත් භාවිතා කරන්න පුළුවන්. මේ අනුව මේකට අදාල SQL Statement එක මෙහෙම ලියන්න පුළුවන්;

SELECT department_name || ' Department' ||
q'['s Manager Id: ]'
|| manager_id
AS "Department and Manager"
FROM departments;

Column එකතු කිරීම ගැන කියන්න තියෙන්නේ එපමණයි. තව දුරටත් තනියෙන් අත්හදා බලන්නකෝ. ඊළඟට අපි තවත් කොටසකට යමු.

එකිනෙකට වෙනස් පේලි සෙවීම

සාමාන්‍යයෙන්  අපිට ලැබෙන්නේ යම් Column එකක තියෙන සියලුම දත්තයි (පේලි).
දැන් අපි බලමු යම් Column එකක තියෙන එකිනෙකට වෙනස් පේලි බලාගනනේ කොහොමද කියන එක.

සාමාන්‍ය ආකාරය...

SELECT department_id
FROM employees;





















එකිනෙකට වෙනස් පේලි ගන්නා ආකාරය...

SELECT DISTINCT department_id
FROM employees;





















ඒ වගේම මේක අපිට Column කිහිපයකටත් යොදා ගන්න පුළුවන්. එතනදිත් වෙන්නේ සමාන ඒවා ඉවත් වෙලා වෙනස් rows පමණක් result එක විදියට එන එකයි.

DESCRIBE Command එක භාවිතා කිරීම

DESCRIBE Command එක මගින් අපිට යම් Table එකක සැකැස්ම කොහොමද කියලා බලාගන්න පුළුවන්.

employees Table එක සඳහා DESCRIBE යොදා ගත් විට...




















මෙතනින්  මුලික දේවල් අවසන් වෙනවා... මීළඟට දත්ත සිමා කිරීම් සහ සැකසීම් බලාපොරොත්තුවන්න...
Facebook Comments Plugin Bloggerized by උත්පලගේ අඩවිය

0 අදහස්:

Post a Comment