- බස් ගාස්තු වැඩි වෙච්ච එක මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ. මිනිස්සු බස් වල යන්න පොර කනවා. කොහේ වත් බස් වල යන සෙනඟ අඩු උනා කියල වාර්තා වෙන්නේ නැහැ - ප්‍රවාහන ඇමති පාර්ලිමේන්තුවේදී (මාර්තු 7 දා)
---------------------------------
- බස් ගාස්තු වැඩි නිසා හාමුදුරුවන්ට නොමිලේ බස් වල යන්න ඉඩ දෙන්න - විපක්ෂය පාර්ලිමේන්තුවේදී (මාර්තු 7 දා)
- ඔබතුමාලගේ ආණ්ඩුව තියන කාලේ හාමුදුරුවන්ට නොමිලේ යන්න දෙන්න තිබ්බනේ; එදා කරන්නේ නැතුව දැන් මෙතන කයිය ගහන්න එනවා - ඇන්. සිරිපාල පාර්ලිමේන්තුවේදී (මාර්තු 7 දා)
---------------------------------
- ඉස්සරහට ලෝකේ දරුණු අහාර හිඟයක් එනවා. එතකොට ඔය තෙල් තියන රටවල් වලට කන්න නැතුව යනවා. එතකොට අපිට පුළුවන් හාල් දීලා තෙල් ගන්න. එතකන් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. - කෘෂිකර්ම ඇමති මහින්ද යාපා (මාර්තු 8 දා)
---------------------------------
මේ පහුගිය දවස් දෙකට ලේ කෝප වෙන්න ඇහුන කතා 3 ක් විතරයි. ඔන්න අපේ වාසනාවට ඊගාවට කවද හරි රට කරවන්න 'පොඩි' සම්භාවිතාවක් තියන එක්කෙනා කියන දේ...
- අපි ගම් මට්ටමෙන් බිම් මට්ටමෙන් සංවිදානය වෙලා මේ ආණ්ඩුව පෙරලලා එක්සත් ජාතික පාක්ෂිකයන්ව සුඛිත මුදිත කරන්නට, නැවතත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට බලය අරන් දෙනවා. - සජිත් ප්‍රේමදාස (බොහෝ කාලයක සිට) [යුඑන්පි කාරයන්ට බලය නැති එක තමා දැන් තියන එකම ප්‍රශ්නේ?]
අපි ඔක්කොම හරක්ද?
ප.ලි: මේ කාලෙකට කලින් ප්‍රවාහන ඇමති තුමා තවත් ඇමතිවරු රොත්තක් හිටපු වේදිකාවකදී කිව්වා මතක හිටපු කතාවක්:
"දේශපාලනේට එන්න අධ්‍යාපන සුදුසුකම් බැලුව නම් අද මම මෙතන නැහැ. මමත් නැහැ මේ ඇමති තුමත් නෑ, අපේ නියෝජ්‍ය ඇමති තුමත් නෑ. මේ සරත් අමුණුගම මහත්තය විතරක් ඉඳියි"
ප.ලි: මේ කාලෙකට කලින් ප්‍රවාහන ඇමති තුමා තවත් ඇමතිවරු රොත්තක් හිටපු වේදිකාවකදී කිව්වා මතක හිටපු කතාවක්:
"දේශපාලනේට එන්න අධ්‍යාපන සුදුසුකම් බැලුව නම් අද මම මෙතන නැහැ. මමත් නැහැ මේ ඇමති තුමත් නෑ, අපේ නියෝජ්‍ය ඇමති තුමත් නෑ. මේ සරත් අමුණුගම මහත්තය විතරක් ඉඳියි"
මුං ඔක්කොම නැට්ටෙන් අල්ලල පොලවෙ ගහන්න ඕනෙ.කාලකණ්ණි.
ReplyDeleteyakku...
ReplyDelete