– අවලස්සන මනමාලිය –

Posted: March 27, 2012 in හිතේ ඇදුනු දෙවල්-Ad hoc thoughts

නොවී නුඹ සරා සද……..ඒත් එලියයි මගෙ ලොව ……
ලොව බලන දෑසින් නොවේ මම…..
නුඹේ වත දකින්නේ……

බල හිනැහී…. නුඹ දිහා…
තවකෙකුත් සමගින් ගතු කියා….
හිනැහේවි……මහා මානෙන්…..
අසුන්දර මනමාලි…නුඹ කියා…..

ඔවුන් නොදකින….බොහො..දෑ….
මගෙ හිතට දැනෙනා….නිසා….
මගෙ ලොවේ රජකරන……
සුන්දරම මනමාලි….නුඹ….තමා…..

පිරිපුන් නැතිය…ලැම හස…..
නමුත් පිරී ඇත හදවත….
කාලවන් සම යට….
ශේතවන්..දිවියකි…පරිනත…..
කැඩුනු නිය මල් මත…….සායම් නැතත් දිලිසෙන….
නුඹේ නෙතු…පියන් යට…….
දිලෙන්නේ ….මගේ හදවත……

දුර්වර්ණ…..වේල් පට….
ඇගලා…රැලි වැටුනු…සාරිය……
අතැගිලි…එකට…බැදිනෙත….
දුටුවා….නුඹේ….සෙනෙහිත….

විසල්…..මන්දිර වල…
කාබී ගයා……තුටුවන….
සුවහසක් දනන් මැද……..ආටොපයෙන්…දිදුලන………

මනාලියකට…..වඩා…….

වටිනවා…මට….ඇය.. !!!

Comments
  1. Jerry says:

    හිතට කාවදින ලස්සන තේරුමක් තියෙනවා මේකට… !!!

Leave a comment