Breaking News
Loading...
March 14, 2012

Info Post
ශ්‍රී ලාංකිකයින් ජාතියක් ලෙස නැඟී සිටීමට නම් ගූගල්, ජීමේල්, යාහූ හා ඇමරිකාවේ නිශ්පාදිත බීම වර්ග ඇතුළු සියළුම ඇමරිකානු නිෂ්පාදන සියල්ලම වර්ජනය කළ යුතු බව ඇමති විමල් වීරවංශ මහතා පවසනවා.


ඔහු අද මේ බව පැවසුවේ ජිනීවාහිදී ඉදිරිපත් වීමට නියමිත ඇමරිකානු යෝජනාවට එරෙහිව කරුණු දැක්වීම සඳහා හයිඩ් පාර්ක් කෝනර් හි පැවති ජනහමුවකදී.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා.

"අපි ඇමරිකානු නිශ්පාදන වර්ජනය කරන්න ඕනේ. එතකොට අපේ ශක්තිය අපිට පෙන්නන්න පුළුවන් ඇමරිකාවට. එතකොට ඔවුන්ට දැනෙයි අපේ ඒ බලපෑම. මමත් ජීමේල් විද්‍යුත් ලිපිනයක් පාවිච්චි කරනවා. නමුත් මම අද ඉඳන් ඒක පාවිච්චි කරන එක නවත්තනවා."

ඇමති විමල් වීරවංශ මහතා මෙවැන්නක් පැවසුවද ඔහු භාවිතා කරන්නේ ඇමරිකාවේ නිශ්පාදිත අයිෆෝන් එකකි. සියළුම ඇමරිකානු දේවල් වර්ජනය කරනවා නම් විමල් වීරවංශ මහතාට නැවත කිසි දිනක පරිගණක ඇසුරක් ලැබීමටද හැකියාවක් ලැබෙන්නේ නැහැ.

තවද, විමල් වීරවංශ අමාත්‍යවරයා කොතෙක් ලංකාව ගැන කතා කළද ඔහුගේ පුතා අධ්‍යාපනය ලබන්නේ විදේශ රටකය.

පහත දැක්වෙන්නේ මීට පෙර විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ඇමරිකාවේ ඩිස්නිලන්තයේ ගොස් විනෝද වන අවස්ථාවක ගත් ජායාරූපයකි
විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් පසුගිය දේශපාලන වේදිකාවක ප්‍රකාශ කළේ අංගුලිමාල විසින් බුදු රජානන්වහන්සේට ගල් පෙරළු බවකි. එම වීඩියෝව පහලින්.

3 comments:

  1. මේ හුත්තට පිස්සු. මූ දකින කොට මගෙ වයසට නොගැලපෙන වචනත් පිට වෙනව. කෝ දැන් මුගෙ අම්මගෙ සමාජවාදෙ?

    ReplyDelete
  2. මෙයාට පිස්සුද හැටිද

    ReplyDelete
  3. කලබල වෙන්න එපා! මෙයා නියම මහජන නියෝජිතයෙක්. ලක්ෂ තුනකට වැඩිය මනාප තියනවා. ඔයාල මොනවා කියුවත් ඊළඟ මැතිවරනේනුත් උඩින්ම දිනනවා.

    ReplyDelete