බල්ලා ගැන

පොඩි අලුත් වැඩක්, ආභාෂය නිහාල් අයියගේ බ්ලොග් එකෙන් !

ලංකාවේ ගොඩාරියක් ගෙවල් වල බල්ලා හුරතලයට ඇති කරන සතෙක්ය. යම් ගෙයක කොල්ලෙක් මෙන් නිදහස උපරිමයෙන් බුක්ති විදින බල්ලා තවත් ගෙයක දම්වැලෙන් බැද දමා ඇති කරනු ලබයි. ගොඩාක් බල්ලන්ට අයිතිකරුවෙක් නොමැත්තේය. මෙනිසා දඩාවතේ යන බල්ලන්ද විශාල වශයෙන් දැකිය හැකි සුලභ දෙයකි. කාලයගේ ඇවෑයමෙන් බලු වෑන එක්ද අභාවයට ගිය අතර දඩාවතේ යන බල්ලන් ගැන විවිධ සාකච්චා ඇති විය.

බූඩි බල්ලන්ට හරිම ආසය. ගොඩාරියක් බල්ලෝ පොඩි කාලෙදී ලස්සන පුලුන් ගොඩවල් වුවද කල් යෑමේදී ඒ ලස්සන නැතිවී යනු දකින විට ඇති වන්නේ දුකකි.

බල්ලාට කකුල් හතරකි. එක් රාජ්‍යයය නායකයෙන් පැවසුවේ දඩාවතේ යන බල්ලන් බැද දමවු කියාය, හැබැයි මෙහිදී බල්ලා යයි කිවේ කකුල් හතරේ බල්ලන්ට නොව. “Who let the gods out” කියා අසන්නේ සින්දු කියන අයියා කෙනෙක්ය. ඒ කුමන බල්ලෙක් ගැනද යන්න අදහසක් නැති උවත්, අපේ අම්මා නිතරම කියන්නේ බල්ලෝ සිටිය යුත්තේ නිතරම බැදදමා බවයි. ඒ නම් අපේ ගෙදර ඉන්නා බල්ලා ගැනය. බල්ලාගේ ගෑනු සතා බැල්ලී වන බව සැමගේ පිලිගැනීම උනත් අද මෙම වචනය බොහෝ විට භාවිතා වන්නේ *** පාර්ශවය සදහාය. අපේ ගෙදර බල්ලෙක් ඉන්නවා කිව්වට ඌ බැල්ලියකි. සමහර බල්ලන්ට ඇත්තේ මිනිස්සුන්ටත් වඩා සැපකි, සුවයකි.

ඒ වුනත් බල්ලෙක් උනා නම් හොද යැයි නොසිතෙන්නේ බල්ලන් බ්ලොග් ලියන්නේ නැති බැවිනි. ඇත්තටම බ්ලොග් නොලියන බල්ලාගේ ජීවිතය හරිම ඒකාකාරී වියයුතුමය. කොහොමත් බල්ලන් කරන්නේ නිදා ගැනීමයි. වැටුනු ඇටුනු තැන බල්ලා කරන්නේ නිදා ගැනීමයි. හෙමින් ගමනක් නැති බල්ලාට වේගයෙන් දුවන්න පුලුවන්ය. බල්ලෝ යොදා ගෙන කරන රේස් පවා ඇති බවත් ඒවාට මිනිසුන් ඔට්ටු අල්ලන බවත් බූඩිට මතක් වූයේ මේ දැන්ය.

බුරන බල්ලෝ සපා නොකන බව කව්දෝ කිව්වේ වැරදිලාම විය යුතුය. මොකද සමහර බල්ලෝ බිරුවත් නැතත් කරන්නේම සපා කෑමය. බල්ලා කන්න කැමති මස් ජාතිය. වෙජිටේරියන් බල්ලේ සිටීදැයි බූඩි නොදනී.

බල්ලා හුරතලයට ඇති කලද ඔවුන් කරන්නේ රැකියාවකි. එනම් ගේ මුර කිරීමය. ඒත් සෑම බල්ලෙක්ම ගෙවල් මුර කරන්නේ නැත. සමහරුන් බල්ලන්ද මුර කරන්නේ ඌ උස්සයි කියන බයටය. ජොබ් එකක් කලද කන්න බොන්න දෙන දේ ඇරෙන්න බල්ලාට ලැබෙන දෙයක් නැත. ඌ බල්ලෙක් උනේ හොද වෙලාවටය නැතිනම් ඌත් වැඩි වරප්‍රසාද ඉල්ලා වර්ජන කරනු ඇත. වර්ජන කරන මිනිසුන්ට ද මේ කාලයේ සලකන්නේ බල්ලන්ට වගේ බව කව්දෝ කියනවා ඇසුනි.

බලු යන විශේෂනය පද ය ඉතාමත් බහුලව භාවිතා වන පදයකි. බූඩි ‘බලු’ පදය ගැන කතා නොකරන්නේ මෙය බොහෝ කතා කල පදයක් වන බැවිනි.

බල්ලන් පිලිබද කතා ගොඩකි. බල්ලන් වීරයන් වූ අවස්ථාවන් එමටය.

ප්‍රතිචාර 9ක්

  1. මගේ බල්ලා ඉන්නේ අම්මලාගේ ගෙදරය. උගේ කල වයස දැං හරිය. ඒත් මූට තාම හරි හමං මඟුලක් කතාකරන්නට බැරි විය. යෝජිත මනාලියන් කිහිප දෙනෙක්ම අයිතිකාරයන් සමඟ ආවාය. පැටියෙක් දෑවැද්ද විදියට පස්සෙ දෙන්නං කිව්වේය. ඒත් මූ නෙමේය ඇහැක් ඇරලා බලන්නේ. මනමාලියෝ ඇවිත් මූ වටේ කැරකෙයි, ඉඹියි, හොම්බෙන් අනී.. ඒත් අපේ එකාට ඒවා වගේ වගක් නැතිය. ඌ ඔහේ ඉඳී.

    මේක දැකපු අම්මා කිව්වේ කොල්ලාට තරං බල්ලාට තදියමක් නැතිවගය.

    බල්ලා “ගේ” ද දන්නේ නැතිය.

  2. සීතල පැති වල බල්ලන්ට සීතලට ඔරොත්තු දීම සදහා පුලුන් බෝල වගේ ලෝම ඇත. සීතල පලාතක බල්ලෙක් ගෙනවිත් අපේ පැත්තේ හැදුවොත් ටික කාලෙකින් බූල් හැලී නාටු බල්ලෙක් වී යයි !!!

    අපේ අම්මා හැම නිතරම කියන කතාවක් අත. ඒ කොල්ලොන්ට වඩා බල්ලෝ හොද ය. 🙂

  3. මිනිසාට කොන්දේසි විරහිත ආදරයක් දක්වන බල්ලාගේ නම ඇතැම් මිනිසුන්ට ඇමතීමට යොදාගැනීමට බල්ලන්ට ආදරය කරන මගේ විරෝධය!
    “Hatchiko” ‍ෆිල්ම් එක බලලා තියෙනවද?
    henryblogwalker the Dude

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න