Wednesday, March 7, 2012

රූපයට රැවටෙන්න එපා


රූපයට රැවටෙන්න එපා.

1960 දශකයේ අඩ නිරූප චිත්‍රපට ලෝකයේ කිරුලු පලන් නිලියක් හිටියා.  ඒ දිනවල ඇයගේ චිත්‍රපටයක් නොබැලූ කොල්ලෙක් නැති තරම්.  ඒ චිත්‍රපට නිෂ්පාදකයන්ට අවශ්‍ය වූයේ එයින් ලැබෙන මුදල් සම්භාරය පමණයි.  සමාජයට එයින් කිසිම සෙතක් උනේ නැහැ. දැනට වුවත් සිටින කාමාතුරයන්ට මෙය පෙනෙන්නේ වෙනස් අන්දමකට විය හැකිය.   ඒ සියල්ලටම ඒ අවස්ථාවෙ බුදු බණ අම්තක වුනා.  සියවසකටත් වඩා අඩු මේ මනුශ්‍ය ජීවිත නිති පතා වෙනස් වනබව කාටත් අමතක වුනා.  එදා සියොළඟ නිරුවත විදහා පාමින් රාගයෙන් ලොව කුල්මත් කල ඒ නිලියගේ අද හැඩ රුව අනෙක් පින්තූරයෙන් බලා ගන්න.  සත්‍යය පිලිබඳව විචාරාත්මකව සිහිකරන්න. සියලු දේ අනිත්‍යය යන අගනා බුදු වචන සැඟවී ගියත් අවසානයේ එය මතු වෙන හැටි මෙයින්ම දිස්වේ.. මේ අප හඇමටම පොදුවේ සිදුවන මෙසින් ගැලවී සැඟවීමට තැනක් නොමැති සත්‍යයකි.   මේ නිලියගේ නම බ්‍රිජට් බාර්ඩෝය. (Bridjit Bardo)


7 comments:

නදී said...

අනේ සංසාරෙක හැටි.

Anonymous said...

රූපය වියලී වේලී යන සත්‍ය ඇසට පෙනෙන්නක්. ඒ බව බාර නොගන්නා හිතට වෙදනාකාරී අසහනයක්. ගසක කොටසක් කපා ඒ තුලින් වෙනම රූපයක් මවන්නේ මේ මායාකාරී ඇස පිනවීමට මිසක් වෙන කුමකටද? බොරුව වංචාව පැතිරෙන්නේ මහ භයානක විලසින්. අප ඒවාට රුවටෙන්නේද පුදුම වෙගයකින්. අවබෝධ කල යුත්තේ මේ සත්‍ය ධර්මතාවයයි. ඔබට බොහෝ පිං මෙ සත්‍ය අපට අවබෝධ කරවීමට ගත් උත්සහයට.......තෙරුවන් සරණයි...

Anonymous said...

මේ රූපයේ මොනවා අගයන්නද????
ඔබට බොහෝ පිං අපට සත්‍ය වටහා දීමට ගත් උත්සහයට....තෙරුවන් සරණයි.....

ලහිරු said...

ඇත්ත, බුදුරජාණන් වහන්සේ රූපය උපමා කළේ පෙණ පිඩකටනේ, ඇතුළ හිස් නිස්සාර දෙයක්. අද තමයි ඉස්සරවෙලා ම බ්ලොග් එක බලන්න ආවේ. මේක දැනුම ආකරයක්නේ. සුබ පැතුම්!

Unknown said...

තාම නරක නෑ......හික් හික් හික් ...

සරත් ගුණතුංග said...

අනේ මට සමා වෙන්න, ඔබ නොදුටු ලොවක්.... තාම නරක නෑ කියන්නේ කුමන අදහසක් ඇතීවද කියල මට නම් තේරෙන්නෙ නැහැ. තාම නරක නෑ කියන්නෙ කුමණ කරුණක් උදෙසාද? ඔබගේ නොදැමුණු මේ හම රැලි වැටුනු මැහැල්ල උදෙසා "තාමත් නරක නැත්නම්" ඔබට මේ සසරේ බොහෝ දුර ගමන් කරන්නට සිදු වෙනු නියතයි. බුද්ධ දර්ශනය පෙනි පෙනී මෙසේ පවසන ඔබ බෞද්ධයෙක් නම් විය නොහැක. බුදු රජානන් වහන්සේ අපට මීට වසර 2600 කට කලින් කියා දුන්නේ මේ ඝෝර වූ සසරින් ගැලවීමටයි. එය අද එසේමයි, හෙටත් එසේමයි, මෙය නොපෙනෙන්නාගේ සසර ගමන බියකරුය.

Anonymous said...

ඔබතුමා කාලෙකින් දකින්නට ලැබීම හොඳය.
ලිපිය අගනාය.
මෙවන් සිද්ධි තව කොතරම් තිබේද?
තෙරුවන් සරණයි!