යුධ අපරාධ පිලිබද සොයා බැලිය යුතුමයි ?

“මානම හිමිකම්” ගැන උණුසුම නැවත කරලියට පැමිණ ඇති මාතෘකාවක් බවට පත්වී ඇත. ආසන්නතම හේතුව වන්නේ අද දින ජිනිවා හී ආරම්භ වීමට නියමිත එ.ජා. මානව හිමිකම් කවුන්සිල සභා රැස්වීම හා එහිදී ගෙන ඒමට නියමිත ලංකාව හා සම්බන්ධ යෝජනාවලියයි. මෙම යෝජනාවලිය ඇමෙරිකාව, කැනඩාව, ප්‍රංශය යන රටවල මූලිකත්වයෙන් සභාගත වන බවට ආරංචියක් පවතිනවා. මෙය පිටුපස ඇති මූලික හා ඒකායන අරමූණ වන්නේ මානුෂික මෙහෙයුම හා සම්බන්ධ කාරණා සදහා පරීක්ෂණයක් පැවැත්වීමටයි(උගත් පාඩම් කොමිසමෙහි නිර්දේශ ආදිය). මේ සදහා වලිකන පුද්ගලියින් අතලොස්ස අතර එ.ජා. මහා ලේඛම් මූන් විසින් පත්කල කමිටු සමාජිකයින් හා ඉහත සදහන් කල රාජ්‍යයය ප්‍රමුඛ වෙනවා.

මේ වනවිට රට පුරා උද්ගෝෂණ මෙන්ම දේශපාලන, ජාති හිතයිශී පුද්ගලයින් එකරොක්වී එකා මෙන් මෙම යෝජනාවය තම විරෝධය පාමින් සිටිනවා. වැරදි සිදුවී තිබේ නම් සොයා බැලීම ඉතාමත් වැදගත් දෙයක්. ඒ සදහා අදාල ක්‍රියාමාර්ග ගත යුතුමයි. දේශීය හා අන්තර්ජාතික කමිටු සදහා ඒ පිලිබද පරික්ෂා කිරීමට ඉඩ දිය යුතුයි. මෙලෙස විරෝධතා පල කිරීමේ අර්තය කුමක්ද? වැරැද්දක් කරලා නැතනම් බය වෙන්නේ ඇයි, ඕකට ඔච්චර කෑ ගහන්න අවශ්‍යයය නෑ. කාට හරි මෙහෙම හිතෙන්නත් පුලුවන්.

ඇත්තටම අපි මේකට විරුද්ධ වෙන්න ඕනේද, නැද්ද එහෙනම්. මේකට උත්තරයක් දෙන්න කලින් අපි පොඩ්ඩක් මේ රටවල් ගැන හොයලා බලමු.

ඇමෙරිකාව : ලෝකේ වටේ ප්‍රශ්න ඇති කර කර පුලුවන් තරම් තෙල් ටික සුරාගන්න බලන් ඉන්න, ඊට පස්සේ යුද්ධ කරන්න තමන්ගෙම ආයුධ විකුණගෙන ඒකෙනුත් හම්බ කරගන්න තරම් පහත් අඩියකට වැටිලා ඉන්න මේ රට මේ වෙනකොට ඇෆ්ගනිස්ථානය, ඉරාකය, සිරියාව, ඊජිප්තුව වගේ රටවල් වලට අත දාන්න ගිහින් ඒ රටවල් කබලෙන් ලිපය ඇදලා දාන්න ප්‍රධාන වශයෙන් මූලික වෙච්ච රටක්. බොරු චෝදනා කර කර ඊලගට ඉරානයේ තෙල් වලට කෙල හලන එකත් මේ දවස් වල වෙන දෙයක්.

ප්‍රංශය : ලිබියානු කැරැල්ලට ප්‍රධාන වශයෙන් සහාය දුන් රටක්, කොන්දේසිය තෙල් වෙලදාම ප්‍රංශය වෙත ලබාදීම. ඒ වගේම ඉහත රටවල් ආක්‍රමණයට උඩින්ම සහාය දක්වපු රටක්, බ්‍රිතාන්‍යයය වගේ, (ඉරාකය හා ඇෆ්ගනිස්තානය ප්‍රධාන වශයෙන්)

ඉතින් මෙවැනි රටක් සද්භාවයෙන් මේ වගේ වැඩකට අත ගහයි කියලා හිතන්න පුලුවන්ද? අන්න ඒක නිසයි අපි අපේ රටේ ප්‍රශ්නය විසද ගන්න ඕනේ. අපේ රටේ පාලනයට යෝජනා හෝ අණ හෝ ලබා දෙන්න ඕනේ අපේ රටේ පාලකයින් මිසක් අන්තර්ජාතික ප්‍රජාව නෙමේ. ඒක අපේ ස්වාධීනත්වයට මරු පහරක්  වනවා නිසැකයි. මෙම යෝජනා ගෙන එන්නේ එම රටවල සිටින කොටි හිතවාදී පීඩනය නිසා බව අප අමතක කල යුතු නෑ. කැනඩාව හා ප්‍රංශය යනු කොටි ක්‍රියාකාරින්ගේ පාරාදීසයක් කිව්වොත් නිවැරදියි.

ඔන්න ඔය දේ නිසා මෙවැනි දේකට පොඩි හෝ නිදහසක් ලබාදීම කරන්න පුලුවන් ලොකුම මෝඩ කමක්. මේ රටවල් සෘජුව (කිසි ලැජ්ජාවක් නැතිව) අනෙක් රටවල පාලනයට මැදිහත් වෙන්න දගලන හැටි දැක්කම ඇති වෙන්නේ පිලිකුලක්. මෑතකදි ඇමෙරිකා රජය දන්වා සිටියේ හමුදා කදවුරු උතුරෙන් ඉවත් කරගන්න කියලා. ඔක්කොම දන්න දෙයක් තමා රට වටේම හමුදා කදවුරු තියෙන බව. බූඩි ඉන්න පැත්තේ 3 ක් 4ක් විතර තියෙනවා. ලෝකේ වටේට ඇමෙරිකානු යුධ කදවුරු තියෙනවා, ඒක ප්‍රශ්නයක් නෙමේ. අපේ රටේ තියෙන දේ ගැන තමා අමාරුව තියෙන්නේ. ඉතින් අනික අපේ රටේ තියෙන හමුදා කදවුරු අයින් කරගන්න එක ගැන වචනයක් හරි කතා කරන්න තියෙන අයිතිය මොකක්ද? ප්‍රභල රටවල් වලට ඕනේ ඒ ගොල්ලන්ට ගැති නායකෝ ඉන්න පඹ රාජ්‍යයය බිහි කරගන්නයි. ඒ කට කැමති නම් මෙන්න අවස්ථාව.

 මේ ලිපිය ඉවර කරන්න කලින් සදහන් කරන්න අවශ්‍යයයයි යුධ අපරාධ ගැන.

අපේ හමුදා කොච්චර නෑ කිව්වත් ඇමෙරිකාවට ෂුවර් නෑ. ඒක සාධාරණයි. ඉතාමත් ශක්තිමත් බුද්ධි ජාලයක් තියෙන, සුපිරි යුධ තාක්ෂණයක් තියෙන ඇමෙරිකාවට පුලුවන්ද එක සාමාන්‍යයය මිනිසෙකුට මුකුත් වෙන්නේ නැතිව ප්‍රහාරයක් එල්ල කරන්න. ඇමෙරිකානු හමුදාව බෝම්බ දානවා ජනාධිපති ඔබාමා සමාව ගන්නවා. මොකද බැලිනම් ගහලා තියෙන්නේ සාමාන්‍යයය ජනතාවට. බින් ලාඩන්ව කිසිම විභාගයක් නැතුව මරන්න කිසි ප්‍රශ්නයක් නෑ, හැබැයි ප්‍රභාකරන්ට විතරක් නඩු විභාග තියන්න ඕනේ. හතර බීරි කතා අහන්න ඕනේ නම් මේවා ගැන තව ටිකක් කියවන්න. ඇමෙරිකානු රජය කියන්නේ ඒ වගේ කතාවලට දක්ෂ රජයක්.

අවසානයේ සදහන් කරන්න ඕනේ මෙන්න මේ ටිකයි.

අපේ රටේ වෙච්ච දේවල් ගැන පරීක්ෂණ කරන්න කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි ඊට කලින් ඇමෙරිකාව, ඊශ්‍රායලය වගේම අනිත් රටවල් වලින් වෙච්ච මිනිස් සංහාර, විනාශ කරපු රටවල් ගැන පරීක්ෂණ තියන්න ඕනේ. සැමට සාධාරණ, පටු අරමුණු නැති තලයක අභිමානවත් රටක් වශයෙන් ශ්‍රී ලාංකිකයන් ඕනේම පරීක්ෂණයකට මුහුණ දෙන්න සූදානම්.

මානව හිමිකම් රකින්න ඕනේ නම් කරන්න තියෙන්නේ ඔහොම දගලන එක නෙමේ, අපේ රට අපිට පාලනය කරන්න දීලා ඔහේලගේ වැඩක් ඔහේලා බලා ගන්න කියන එකයි !  නැතුව මානව හිමිකම් ආයුධයක් කරගෙන අනෙක් රටවල් සූරාගෙන කන්න දගලන එක නෙමේ.

ඉතින් මේ ගැන ඕගොල්ලෝ හිතන්නේ මොකක්ද?

ප්‍රතිචාර 4ක්

  1. උන්ට වැඩක් නැතිව වගේ වෙන රටවල් වලට අත දානවා. බැන්කි මුන් කියන එකා නිසා ඇමෙරිකාවේ ආර්තිකේ කඩන් වැටිලා කියෙනවා නේද.? කඩන් වැටෙන්නේ නැතිව තියෙයි වෙන රටවල් වලට ගහනකොට කොචර වියදම්ද තමන්ගේ රටටත් වඩා වැඩියෙන් හිතන්නේ උෘ අනුන්ගේ රටවල් ගැන. මිනිසුගේ දෝස් අහලම වෙන්න ඇති ඇමෙරිකාවට ඔහොම උනේ . මේ පාර ජන්දෙන් ඕකා පැරදුනොත් හොදයි. මුන් කියන්නේ මානසික ලෙඩක් උෘට ඕනේ ලෝකෙම උෘ කියන විදියට ඉන්න.

    දැන් මොකක් හරි උනොත් උන් ලංකාවට ගහයිද? බයෙත් බෑ 🙂

  2. මේ ලිපියෙ තියෙන කරුණු පිළිබඳව 100% ක්ම එකඟ වෙනවා .. මම ලියන්ට හිතපු එක උඹ මට වඩා හොඳට ලියලා තියෙනවා.
    ඔය ඇමරිකානු සහ බටහිර බල්ලො ලෝකෙන් අතුගාල දාපු දවසට මුලු ලෝකෙටම සාමය උදාවෙයි කියල තමා මම හිතනවා.

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න