ඉතිපිසෝ ගාථාව අපේ ශෛලියට අනුව හඬ මුසු කර නව පරපුරට ගෙනියනවා – ඩැඩී නායක ගයාන් රිද්ම අතිරේකයට කියයි

ගොසිප් මල්ලීගේ ලිපියක පිටකොටුව පළකල කොමෙන්ටුවකි.

******************************************************************

ඇත්තටම ජයමංගල ගාථා කියන්නේ ලංකාවේ මිනිස්සු මංගල අවස්ථාවලදී පිළිවෙලකට ගරුත්වයකින් යුතුව ගායනා කරන ගාථා විශේෂයක්. ඒවගේම භවතු සබ්බ මංගලම් කියන්නේ කෙනෙකුට ආශිර්වාද කරන්න බොහොම විශ්වාසයකින් කියනු ලබන ගාථාවක්. ඒවා අහනකොට ඕන කෙනෙක්ගේ සිතේ පහන් හැඟීමක් ඇතිවෙනවා.

ඒවා ට්‍රිප් යනකොට කියන්න, ලව් සින්දු අස්සේ ඔබ්බවන්න සුදුසු නැති බව මීහරක් මොළයක් නොතිබෙන ඕන එකෙකුට තේරෙනවා. මේ ජාතියක්, ජන්මයක්, සංස්කෘතියක්, සභ්‍යත්වයක් නැති, කකුල්වලට සින්දු කියන එක තමයි කලාව කියලා හිතන් ඉන්න අය නම් ඊළඟ පාර පන්සිල් කියන එකත් රැප් සින්දුවක් අස්සට ඔබ්බවලා ගැහුවත් අපට පුදුමයක් නෑ.

අඩුම ගානේ අර සමහර විෂුවල්වල තියෙනවා වගේ, මේකේ ගාථා කොටස යනකොට මියුසික් අඩුකරලා ඒක හොඳට ඇහෙන විදියට ප්ලේ කරලා ආයෙත් සින්දුව පටන් ගත්තා නම් අඩුම ගානේ ඒකට ගරු කිරීමක් හරි පේනවා. සමහර සින්දුවලට මේ වගේ දේවල් යොදා ගනිද්දි ඒ වගේ සභ්‍ය ලෙස යොදා ගත්තු අවස්ථා අපි දැකලා තියෙනවා. ඒත් මේකෙ තියෙන්නේ එකෙක් උණ විකාරෙන් වගේ ගාථා කියද්දී තවත් එකෙක් ඒ සද්දේ මැකන්න ගිටාර් ගගහ සින්දු කියනවා වගේ විකාරයක්. මෙතන බලන්නකෝ ගාථා දෙකම “නැඟලා යනකොට” මේ හරක් පැටව් ගිටාර් පාට් එක අල්ලලා දෙන අපූරුව.

අපේ සංස්කෘතියේ තියෙන වටිනා උරුමයන් මේ විදියට කාලා දානකොට, ඒවාට අපහාස කරනකොට ඒවට විරුද්ධව බලධාරීන්ගේ ඇස් ඇරීම ගැන තමයි හරි නම් අපි සතුටු වෙන්න ඕනේ.

අඩුම ගානේ තව මිනිහෙක් ගරුත්වයෙන් සලකන දෙයක් තුට්ටුවට දාලා වැඩ කරන්න වටින්නේ නෑ කියන සරල දේවත් නොතේරෙන මේ මීහරක් අතේ තමයි අපේ රටේ අනාගත කලාව තියෙන්නේ කියලා හිතෙනකොටත් සංසාරේ කලකිරෙනවා.

මේවට විරුද්ධවීම අන්තවාදයක් කියලා උඩ කොමෙන්ට් කරපු අපේ “ලිබරල් මතවාදීන්” ගැන අපට තියෙන්නේ කණගාටුවක්. උන්ගෙ ගෑණු අල්ලපු ගෙදර මිනිස්සු එක්ක බුදිය ගනිද්දිත් මුන් අනේ ඒකට මොකද, ලිංගික නිදහසනේ කියලා පාඩුවේ ඉන්නවා ඇති.

**න යක්කු.

This entry was posted in Uncategorized and tagged , , , , , , , , , , , , , . Bookmark the permalink.

21 Responses to ඉතිපිසෝ ගාථාව අපේ ශෛලියට අනුව හඬ මුසු කර නව පරපුරට ගෙනියනවා – ඩැඩී නායක ගයාන් රිද්ම අතිරේකයට කියයි

  1. Mahesh Wijayamanna පවසයි:

    මල්ලි එකම ප්‍රශ්නේ මේකේ ජයමංගල ගාථා කෑල්ලක් නැති එක නේද? භවතු සබ්බ මංගලම් කියලා ජයමංගල ගාථා වල නැහැනේ.

  2. pitakotuwa පවසයි:

    භවතු සබ්බ මංගලම් ගාථාව ගැන විශේෂයෙන් සඳහන් කරන්න බැරිවෙච්ච හින්දා ඔන්න ඒ ගැනත් එකතු කලා.

    කෝකටත් හොඳට ආයෙත් අහලා බලපන් අයියේ ජයමංගල ගාථා නැත්ද කියලා. ඇත්තටම මේක ගාථා දෙකක්, ලව් සෝන්ග් එකක් එක්ක රීමික්ස් කරපු ඉතිහාසයේ අමරණීය අවස්ථාවක්.

    • Mobileman පවසයි:

      ජය මංගල ගාථා රැප් වුනේ බොහොම ඉස්සර. පිරිත් සජ්ඣායනාවකදි ජයමංගල ගාථා ගායනය කරන්නෙ ඔය මගුල් ගෙවල් වලදි වගේ “මිටසායු දන්තං” කිය කිය නෙවෙයි.
      ජයමංගල ගාථා සහ භවතු සබ්බ මංගලං කියන ගාථාවන් බුද්ධාගමට සම්බන්ධ නෑ. ඒව බුද්ධාගමේ පිහිටෙන් වැඩේ ගොඩදාගන්න හදාගත්තු මන්තර. අර සුනාමියෙන් බේරෙන්න බුදුපිළිම හදනව වගේ.
      වටවල කෝච්චි පාර කෙළවරක් නැතිව නාය යනකොට කට්ටිය මොකද කළේ, බුදුපිළිමයක් හදල ඒකට එහා පැත්තෙන් දැම්ම රේල් පාර. දැන් නාය ගියොත් ඉස්සෙල්ල යන්නෙ බුදුපිළිමෙ. ඕන්න ඔහොමයි අපේ බවුද්දයෝ වැඩ කරන්නෙ.

  3. යකෝ නමත් ඕනද පවසයි:

    අවුලක් නැහැ දැන් මෙතනදී මහා විපතක් වෙලා නැහැ කියලා කෑ ගහන අයත් ඉන්න වෙලාවට උඹට පිස්සුද කොහේද ? නැත්තං මොකටද මේවා ලියන්නේ..

    හෙට අනිද්දට පොඩ්ඩක් මොඩ් කරලා අරං
    “සර්ව බලධාරී දෙයියන් වහන්සේ ගේ නාමයෙන් මුං දෙන්නාට පැණි හද කැවේවා..ආමේන්..” කියන ගමන් පල්ලියක අල්තාරේ ගාව අහවල් එක කොරන සින්දුවකුත් කවුරු හරි එකෙක් ගැහැවුව දවසටත් ඔය නිදහස් අදහස් තියෙන උන්දලා මොනව කියයිද දන්නේ නැහැ නේද?

  4. චමිල පවසයි:

    මෙතන තුට්ටුවට දාල තියෙන්නෙ මොකද්ද කියන එකනන් මට තේරෙන්නෙ නෑ. මේක නිකන්ම නිකන් ලව් සින්දුවක් නෙවේනෙ. ඒ අවස්ථාව සංකේතවත් කරන්ඩ ඕක යෙදුව කියල කිසිම අගෞරවයක් උනා කියල මංනන් හිතන්නෙ නෑ.

    ” ඊළඟ පාර පන්සිල් කියන එකත් රැප් සින්දුවක් අස්සට ඔබ්බවලා ගැහුවත්…” මේව නිකන් හුඹස් බයවල්.

    මේක විතරක් නෙවෙයි, අර සිත්තිමනී ද මොකද්ද සින්දුව තහනම් කරපු එකත්, ඩා වින්සි කෝඩ් චිත්‍රපටිය ලංකාවෙ තහනම් කරපු එකත් මේ වගේම මෝඩ වැඩ.

  5. Weera පවසයි:

    ජාතිය විනාශ වෙන්නේ අපිම කරන වැරදි වලින් මිසක් සින්දු කෑලි වලින් නෙමෙයි. මේ ගැන මෙච්චර අවුස්සන්නේ නැතිව හිටියනම් අහල අමතක කරල දානවනේ.

  6. මිනිසා පවසයි:

    අප්ප කල දේ පුතා නොකලොත් නොට්ටිගෙ පුතාලු
    බලල ඇතිනෙ අප්පගෙ රෝයල් සාජ්ජෙ පටි කෑල්ල

    බෞද්ධයෝ අනික් ආගම් වලට ගරු කෙරුවට ඒ අය ඔහොම තමා ඕවට විසඳුම් 2012 දෙසැම්බර්වල හම්බවෙයි
    හැබැයි අපිත් නිකම්ම ඉඳල බෑ මමත් පොඩි සින්දුවක් ලියනව එක දාල බලමුකො එයාල මොකද කියන්නෙ කියල
    ඔයාලත් ලියන්න ඒක තමා ඕකට උත්තරේ නැතුව ඕකලාට ඕව තේරෙන්න පොල් ගෙඩියක් විතර ඔලුවෙ අබ ඇටයක් තරම්වත් මොලයක් නෑ

  7. Tharaka පවසයි:

    UNICODE

    [

    UNICODE

    [UNICODE]

    ශ්‍රී බුද්ධ වර්ෂ 2552 ක් වූ වප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2008 ක් වූ ඔක්තෝබර් 14 වන දා අඟහරුවාදා

    මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |
    ජයමංගල ගාථා දොස් සහිතයි

    වැලිවිටියේ සෝරත නා හිමි

    උගත් නූගත් හැම දෙනාටම පාඩම් ව තිබෙන ජයමංගල ගාථා නොයෙක් දෝෂයන්ගෙන් දූෂිත ය. ඒ ගාථා රචනා කරන ලද්දේ කවර කාලෙක කවරෙකු විසින් දැයි කීම අපහසු ය. ලක්දිව ශාස්ත්‍රය පිරිහී තුබුණි අවදියක පාලි වචන මිස පාලි ව්‍යාකරණ හා අලංකාර ශාස්ත්‍රාදිය ද නො දන්නා කිසියම් තෙර කෙනෙකුන් විසින් රචනා කරන ලද්දකැයි සිතිය හැකි ය. මෙහි පෙනෙන වැරැදි රචකයාගේ අතින් ම වූයේ යැයි සිතීම අපහසු නොවේ. එහෙත් ‘දුග්ගාහාදිඨි භුජගෙන සුදඪ හත්ථං” යන තැන “හත්ථං” යන්න මෑත දී වූ දෝෂයක් සේ සැලකිය හැකි යි. කුඩා කල්හිම කටපාඩම් වූ හෙයින් මේ වැරැදි සහිත ගාථා උගත්තු ද කියති. මේ දොස් නිදොස් කිරීමට සමහරුන් දක්වන කරුණක් නම් ‘මේ ගාථා මන්ත්‍රාශාස්ත්‍රය අනුව අක්‍ෂර පිහිටුවා බැඳ තිබෙන හෙයින් මෙහි දොසක් නැත’ යන්න ය. මෙසේ කියන්නෝ ‘අපි කිසි විටෙක මන්ත්‍රමහොදධි, සාධනමාලා ආදී මන්ත්‍ර ශාස්ත්‍රීය පොත් නොදැක්කෙමු යි මෙයින් අන් වචන වලින් තත්ත්වඥයන් ඉදිරියෙහි කියා පාති. මන්ත්‍ර ශාස්ත්‍රය පසෙක තිබී යේවා, ‘සෙත් කවි’ බැඳීමට මේ රටේ සමහරු දනිති. ඒ බැඳීමේ දී අක්‍ෂර ගණ ආදිය ශාසෙත්‍රාක්ත පරිදි යොදති. එහෙත් අක්‍ෂර හෝ ගණ අනුව බැඳීමට යයි ව්‍යාකරණය නොමරති. කාව්‍ය ශාස්ත්‍රයට පහර නොදෙති. එබඳු දොස් තුබුණොත් ඒ සෙත් කවියෙන් සෙතක් නොලැබේ.http://www.lakehouse.lk/budusarana/2008/10/14/tmp.asp?ID=fea07

  8. Buwa පවසයි:

    මට නම් ඔය ගීතයේ තියන ලස්සනම තැන ඔය මික්ස් එක ,ජයමංගල ගථා, බවතු සබ්බ මංගලම් යත්දි ගිටාර් පාට් එකත් , උන් ඒක ලස්සනට බ්‍රේක් කරල ගන්න එකත් සංගීතමය පැත්තෙන් උපරිමයි . රාගධාරි සංගීතයට වැඳගෙන ඉන්න කෙනෙකුට එහෙම නොවෙන්න පුලුවන් ඒත් ඒක විකාරයක් කියන්න අයිතියක් නැ

    ගාථාවන් භාවිතා කරල තියෙන්නේ ගීතයේ සමස්ථ අදහසට අනුරූපව . කතෝලික කොල්ලෙක් පල්ලියේ යාතිකා හඬ වෙනුවට (යාතිකා හඬවල් ගීතවලට චිත්‍රපටි වලට ඇති පදම් භාවිතාවෙලා තියනවා )ශ්‍රි ලාංකිය සංස්කෘතික අංගයක් සුභ කටයුත්තක් වෙනුවෙන් භාවිතා කිරීමපිලිබඳ හරි නම් සතුටුවෙන්න ඕනි

  9. sagara පවසයි:

    මේකාට ගායකයෙක් කීවොත් ගායකයට කියන්නෙ මොකා කියලද? මේ වගේ එවුන් රටෙනුත් පන්නන්න ඕන අමිමපා

  10. Waskaduwe Saddharama Thero පවසයි:

    නූතන කුරෝලු මොළයකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ..

  11. gossiplankaupdates පවසයි:

    It also has a seven meter long flag pole that is the most remarkable feature of the place. Many tourists and travelers have visited the place and were very mush astound with its remarkable and delightful Watch Latest News At Gossiplankaupdates

ප්‍රතිචාරයක් ලබාදෙන්න