බල්ලට ගිය අපූරු වචනය “නීතිය”
තියේ අපූරු වචනයක්
දඩුවමින් මුදවන්න
වැරදි කරුවන්ව
අපූරු වචනය “නීතිය”
ඇමතියෙක්ගේ
ඥාති පුත්රයෙක්
හප්පලා මරලා දැම්මලු
අහිංසකයෙක්
අල්ලලා දීලා වෙනෙකෙක්
වැරදි කාරයා වැජබෙනවලු
යෙහෙන්
වැරදි කාරයාට පිහිට වුනු
අපූරු වචනය “නීතිය”
තුවාල වෙච්චි දඬු ලේනෙක්ව
සුව කළා අහිංසකයෙක්
අල්ලා ගත්තා
පොලෝසිය ඌව බෙල්ලෙන්
වරද
දඬු ලේනෙක් ඇති කිරීම
හැබැයි අන්න
හාමුදුරු නමක් පන්සලේ
දාලලු සත්තු වත්තක්
කූඩුකර දමා සතුන් තොගයක්
නිදැල්ලේ දැම්මාලු වචනක්
“අභය භූමිය”
පන්සල හැදුවෙත්
අනවසරයෙන්
කුඹුරු ගොඩ කරලාලු
පන්සල හැදුවෙත්
අනවසරයෙන්
කුඹුරු ගොඩ කරලාලු
වැරදි කරුවන් සොයනු බෑලු
ලොකු ලොක්කන් සපෝට්ලු
උන් හැමෝටම බේරෙන්න
වැරදි කාරයින්ට පිහිටවන
අපූරු වචනය “නීතිය”
බල්ලට ගිය අපූරු වචනය…
[පින්තූරෙ - http://goo.gl/YFGd2]
1 Notes/ Hide
- haresheranga liked this
- sudupoosa posted this