Wednesday, February 1, 2012

ඉන්දියාව ශ්‍රී ලංකාවේ පෙනීසිටීම පිටුපස දේශපාලන බලපෑම් කරනවා?


lankahotnews.org
 චීනය,ශ්‍රී ලංකාවේ පෙනීසිටීම හුදු වානිජ අභිමතාර්ථයන් සඳහා පමණක් බවත්,කිසිදු දේශපාලන යටි අරමුණක් එහි නොමැති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබුනේ අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ශ්‍රී ලංකාවේ නේවාසික විදේශීය මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදීය.
පෑළදොරෙහි චීන නාවික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ අභිප්‍රාය ඇත්දැයි මාධ්‍යවේදියකු
විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා මේ බව පෙන්වා දී ඇත. අසල්වැසි ඉන්දියාව,අමෙරිකාව වැනි කිසිදු රටක් එවැනි චෝදනාවක් නඟා නොමැති බවත්,ඉන්දියාව,අමෙරිකාව,බ්‍රිතාන්‍ය වැනි රටවල් පවා මෙරට ආයෝජනය කරන්නැයි චීනයට ආරාධනා කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත. මෙසේ පැවසීමෙන් ඉන්දියාවේ බලපෑම තුල ශ්‍රී ලංකා ජනපතිතුමා ආතතියකින් පසුවන බවක්ද හැගවෙන බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කොට තිබුනේ. නමුත් මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවට එරෙහි දේශපාලනයකට ඉඩ නොතබන බවයි ප්‍රකාශ කරන්නේ.

No comments:

Post a Comment