Pages

නව වසරේදී නව ඉ-සේවාවන් පනහක්




ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) මෙම වසර තුළ දී තවත් නව ඉ-සේවාවන් පනහක් ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන බවත් මෙම නව ඉ-සේවාවන් ලබා දෙන ආයතන අතරට ජනතාවට ඉතා සමීප ආයතන වන දුම්රිය දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව‍, මැතිවරණ දෙපාර්තමේන්තුව, ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඞලය  ඇතුළු ආයතන රැසක් වන බව සදහන්.

දැනටමත්  වාහන ආදායම් බලපත්‍රයක් ලබා ගැනීම, දුම්රිය ධාවන කාලවේලාවන් දැන ගැනීම, අයදුම් කරන ලද තම ජාතික හැඳුනුම්පත සුදානම් ද දැන ගැනීම, අයදුම් කරන ලද පොලිස් වාර්තාව සුදානම් ද දැන ගැනීම ඇතුළු ඉ-සේවාවන් ගණනාවක් අන්තර්ජාලය සහ ජංගම දූරකතනය ඔස්සේ ලබා ගැනීමේ පහසුකම් ජනතාවට ලබා දී තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...