Pages

ICC to fund US$ 9.4 million for T20 World Cup in Sri Lanka‎

20-20 ලෝක ශූරතාවයේ සත්කාරය සඳහා ICC යෙන් ඇ.ඩො.මි. 9.4

ජාත්‍යන්තර ක්‍රිකට් ස‍ම්මේලනය  සමඟ 2006 වසරේ දී ඇති කර ගත් ගිවිසුම පරිදි මෙම වසරේ සැප්තැම්බර් හා ඔක්තෝබර් කාලය තුළ දී සිව්වන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක ශූරතාව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සැලසීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙන අතර මේ සඳහා ICC ආයතනය සත්කාරක රට ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඍජුව ඇ.ඩො.මි. 9.4 ක ප්‍රදානයක් ලබා දීමට නියමිතය. තවද මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාවට දැරීමට සිදුවන පිරිවැය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දී තවත් ඇ.ඩො.මි. 30 ක වියදමක් දැරීමට ICC ආයතනය සැලසුම් කර තිබේ.

මෙම තරගාවලිය සඳහා පිරිමි හා කාන්තා කණ්ඩායම් 20ක් සහභාගිවීමට නියමිත අතර සමස්ත තරගාවලිය තරග 52 කින් සමන්විතවේ. මෙම අවස්ථාව ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය හා ආර්ථික වර්ධනය සඳහා බෙහෙවින් ඉවහල් වන බැවින් ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට අයත් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය, ශ්‍රී ලංකා හෝටල් ආයතනය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය හා සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ අමාත්‍යංශ මගින් අවශ්‍ය ප්‍රවර්ධන කටයුතු සංවිධානය කරන බව සදහන්.

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...