Friday, January 27, 2012

ගඩාෆි හිතවාදීන් බානී වාලීඞ් නගරයට කඩා වැදී අත්පත් කරගනී


lankahotnews.org
ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පාලනය අවසන් කිරීමෙන් පසු ලිබියාවේ පාලනය අතට ගෙන සිටින්නේ ජාතික අන්තර්වාර පාලක මණ්ඩලයයි.ලිබියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමේ අරමුණින් මේ වසරේ මහ මැතිවරණයක් පැවැත්වීමට ලිබියා ජාතික අන්තර්වාර
පාලක මණ්ඩලය සැරසෙයි. එහෙත් ලිබියා වැසියන් චෝදනා කරන්නේ පාලක මණ්ඩලය තමන්ට වාසි වන අයුරින් එම
මැතිවරණ පැවැත්වීමට සැරසෙන බවය. කෝපයට පත් ලිබියා විරෝධතාකරුවෝ පසුගියදා බෙන්ගාසී නුවර පිහිටි ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩල  මූලස්ථාවයට කඩා වැදී එහි සභාපති අබ්දුල් ජලීල් වටකරගෙන ඔහුට බල කර සිටියේ වහාම ජාතික අන්තර්වාර පාලක මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉවත් වන ලෙසය.

ඝාතනය කෙරුණු ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ හිතවාදීහු පිරිසක් (23) දා එරට පාලනය අතට ගෙන සිටින ආයුධ සන්නද්ධ කැරැලිකරුවන්ට පහර දී බානී වාලීඞ් නගරය අත්පත් කර ගත්හ. ගඩාෆි හිතවාදීන් බානී වාලීඞ් නගරයට කඩා වැදී පහර දුන්නේ අන්තර්වාර පාලක මණ්ඩලයට සම්බන්ධ කැරැලිකරුවන්ටය. ගඩාෆි හිතවාදීන් සහ එම කැරැලිකරුවන් අතර ගැටුම පැය ගණනක් තිස්සේ පැවැතුණු අතර එම ගැටුවේදී කැරැලිකරුවෝ හත් දෙනෙක් මිය ගියහ. ගැටුම්වලින් තවත් 20 දෙනෙක් තුවාල ලැබූහ. ගඩාෆි හිතවාදීන් බානී වාලිඞ් නගරයට පහර දී ඇත්තේ බර අවි සහ යුද ටැංකි නාශක අවි යොදා ගනිමින් යැයි කැරැලිකාර  පාර්ශ්වය පවසයි. ඔවුන් පැමිණ ඇත්තේ කොළ පැහැකි ධජ අතැතිවය. එය ගඩාෆි පරිපාලනයේ සංඛේතයයි. බානී වාලිඞ් නගරය පිහිටා ඇත්තේ ලිබියාවේ ටි‍්‍රපොලි අගනුවර සිට කිලෝ මීටර් 200 ක් පමණ දුරිනි. ”බානී වාලීඞ් නගරයේ පාලනය මේ වනවිට ඇත්තේ ගඩාෆි හිතවාදීන් අතේ. ඔවුන්ගෙන් නගරය මුදා ගැනීමේ මෙහෙයුම් මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ලිබියා නව පාලනයට හිතවත් කැරැලිකාර කණ්ඩායම් කිහිපයක් ඔවුන් සමඟ සටනට යොදවා තිබෙනවා. ගුවන් ප‍්‍රහාර ද එල්ල කිරීමට සූදානම් වෙනවා” යැයි ජාතික පාලක මණ්ඩලය පවසයි. ගඩාෆිගේ පාලනය පෙරළා දැමීමට ආයුධ අතට ගෙන සටන් වැදුණු කැරැලිකාර පාර්ශ්වයේ ‘දේශපාලන හඬ’ වූයේ ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩාලයයි. බානී වාලීඞ් නගරය ගඩාෆි හිතවාදීන් අතට පත්වීම අන්තර්වාර පාලක මණ්ඩලයට හිසරදයක් වී ඇත.

මේ අතර ලිබියා අන්තර්වාර පාලක මණ්ඩලයට පාලනය කල නොහැකි අතිරේක හමුදා කණ්ඩයන් දේශපාලන සිරකරුවන්ට දැඩි වදහිංසා කිරීමේ ක්‍රියාවලියක නිරතවීම මානව හිමිකම් සංවිධාන වලත් ස්වේච්ජා සංවිධාන වලත් දැඩි දෝෂ දර්ශණයට ලක්වී ඇත. සිරකරුවන්ට වදදීම අතරමග සිහිසන් වන ඔවුන් රෝහල් ගත කොට ප්‍රතිකාර අතරතුරදී නැවත වද වේදනාවන්ට පත්කිරීම ඉතා ම්ලේච්ජ ක්‍රියාවක් බවයි ලිබියාව හැරයන මානව හිමිකම් සංවිධාන පවසන්නේ.

No comments:

Post a Comment