Pages

Afridi and Gayle take top spots in Bangladesh Premier League auction

පෙබරවාරි මස 10 වැනිදා ආරම්භවීමට නියමිත බංග්ලාදේශ පී‍්‍රමියර් ලීග් තරගාවලිය සඳහා කී‍්‍රඩකයන් මිලදී ගැනීම අද (19) ඩකාහිදී සිදුවු අතර මෙහිදී වැඩිම මිල නියම වූයේ හිටපු පාකිස්තාන නායක සහීඞ් අෆ්රීඩි සඳහයි. ඒ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 07 කි. 

අෆ්රීඩි බංග්ලාදේශ ඩකා කණ්ඩායමට තෝරාගෙන තිබෙන අතර ශී‍්‍ර ලංකාවේ  සනත් ජයසූරිය, ඩොලර් එක් ලක්ෂ 10,000 කට Khulna Royal Bengal කණ්ඩායමටද, මුත්තයියා මුරලිදරන් ඩොලර් ලක්ෂයකට Chittagong Kings කණ්ඩායමටද, මිලදී ගැණින. ශී‍්‍ර ලංකාවෙන් චමින්ද වාස් හා ලසිත් මාලිංගද මෙම වෙන්දේසිය තුළ සිටින බව සඳහන්ය.

මෙම ක්‍රීඩක වෙන්දේසියේදී ක්‍රිස් ගේල් ඩොලර් 551,000 කටත්, මාලන් සැමුවල්ස් ඩොලර් 360,000 කටත් කිරන් පොලාඩ් ඩොලර් 300,000 කටත්, පාකිස්තානයේ ෂොයිබ් මලික් හා බටහිර ඉන්දීය කොදෙව්  බ්‍රාවො ඩොලර් 150,000 කටත්, ඕස්ට්‍රේලියාවේ බ්‍රැඩ් හොග් ඩොලර් 140,000 කටත්, සජීඩ් අක්මල් හා කම්රන් අක්මල් ඩොලර් 100,000 බැගින්ද වෙන්දේසි වී තිබේ.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...