දේශපාලනයට වෛර කිරීම…

රටක වාසය කරන වගකීමක් දැරිය හැකි ඕනෑම පුද්ගලයෙකුට තම රට යා යුතු මග, එය පාලනය විය යුතු ආකාරය, පාලනය කල යුතු පුද්ගලයන්,  රටේ අනාගතය ගැන නිවැරදි දැක්මක් සහ තමන්ට ම අවේනික  දේශපාලනික මතයක් තිබිය යුතුය. දේශපාලනය ගැන තැකීමක් නොකර කිසිදු පුත්ගලයකුට ජිවත් වීමට අසීරු වන්නේ  රටේ සිදු වන දේශපාලනික වෙනස් වීම් සෘජුවම රටේ ජන ජීවිතය ට බලපාන බැවිනි. එනම්  ඔබේ රැකියාව, අධ්‍යාපනය, සෞඛ්‍ය මෙන්න මෙකි නොකී සියලු දේට දේශපාලන නම් හස්තය දිගු වී ඇති බැවිනි. ඉතින් ශ්‍රී ලංකාවේ මෙගා ටෙලිනාට්‍ය , විවිධ අයුරින් පුම්බන ලද  ස්ටාර්ස් ල ට අමතරව වැඩි පුරම කතා බහ කෙරෙන දෙයක් ඇත්නම් ඒ දේශපාලනය යි.  රටේ ජිවත් වන බොහෝ දෙනා මේ නිසා දේශපාලනය පිළිබඳව සිටින්නේ විමසිල්ලෙනි.

ශ්‍රී ලාංකීය ජන සමාජය දෙස බැලු විට බොහේ දෙනෙකුට යම්  දේශපාලන මතයක් ඇති බව පෙනෙන්නට ඇත. එය ආණ්ඩුවට පක්ෂපාති, විපක්ෂයට පක්ෂපාති හෝ මැදිහත් මතයක් විය හැක. මේ අතර වෙනම ම මතයක් දරන පිරිසක් ද සිටින බව පෙනෙන්න ට ඇත. ඒ දේශපාලනය ට වෛර කරන පිරිසයි. මේ බව සොයා ගැනීමට ඇති පහසුමa ක්‍රමය නම් Facebook ගොනු පරික්ෂා කිරීමයි. සමහරුන්ගේ තම දේශපාලන මතය සඳහන් කිරීමට ඇති තීරු වේ දක්වා ඇත්තේ “I hate politics” ලෙසය සමහරුන්ගේ මෙය “politics sux” ය. ඇත්තටම ඔවුන් දේශපාලනය ට වෛර කරනවාද? මෙය විමසා බැලිය යුතු කරණය කි. මන්දයත් රටක ගමන් මග වෙනස් කිරීමට රටේ පොඩි මිනිසා ගේ සිට දන කුවේරයා දක්වා වන චන්ද දායක යා  දායක වන බැවිනි. රටේ සිදුවන දේ, මහජනයා ට අවශ්‍ය දේ, තමන්ට අවශ්‍ය දේ දිය හැකි පුත්ගලයා දන්නේ මහජනයා ය. ඉතින් දේශපාලනය ට වෛර කරන්නන් වැඩි වනවා යනු  “රට ඕන අතක ගියාට අපිට මොකෝ” යයි සිතන මිනිසුන් වැඩි වනවා යන්න නොවේද? බොහෝ අය මෙලෙස දේශපාලනය ට වෛර කරන බව පවසන්නේ තමන් පොෂ් බව පෙන්නන්නටය. නැතිනම් දේශපාලනය ගැන නොසිතන තමා පොරක්  බව පෙන්වන්නටය.  නැති නම් තමන්ට  දේශපාලන බුද්ධියක් නැති බැවින් කියන්නට දෙයක් නොමැති නිසා ය. මෙලස පොෂ් වන්නට දේශපාලනය ට වෛර කරන්නන් බොහෝ දෙනෙක් රටේ සිදු වන්නේ කුමක් ද කියාවත් දන්නේ නැත. නමුත් ඇතැමෙක් සත්‍ය වශයෙන්ම දේශපාලනය ට වෛර කරයි.  නමුත් කල යුතු වන්නේ දේශපාලනයට වෛර කිරීම වෙනුවට දේශපාලනය මඩ ගොහොරුවක් කල දේශ පාලකයන් දේශපාලනයෙන් ඉවත් කර තැබීම නොවේද? ඔබ දේශපාලනයට වෛර කරමින් නිශ්ශබ්දව සිටින්නේ ඇයි?

මම සමාජ විද්‍යාඥයකු නොවෙමි. දේශපාලන විචාරකයෙකු ද නොවෙමි. නමුත් මෙහිදී යම් දෙයක් කීමට කැමැත්තෙමි රටක් වශයෙන් නැගිටීමට නම් රටේ ජිවත් වෙන සියලුම දෙනා දේශපාලනික වශයෙන් සබුද්ධික විය යුතු බවයි.  ඕනෑම පුත්ගලයෙකුට රටේ දේශපාලන ගමන් මග වෙනස් කිරීමෙන් රට ගොඩ නැගීමට දායක විය හැක. ඒ කුඩා මිනිසාටත් ධන කුවේරයා ටත් යන සමටව ඒක හා සමානව ලැබී ඇති ඡන්දය නම් ආයුධය භාවිතා කිරීමෙනි. ඉතින් ඔබත් දේශපාලනය ට වෛර කිරීම පසෙක ලා දේශපාලන බුද්ධියකින් යුත් පුත්ගලයෙකු වන්න. තම මතය පෘෂ්ට වංශිකයෙකු ලෙස ප්‍රකාශ කරන්න. යහපත් පාලකයන් බිහිකිරීමට පමණක් ඔබේ අයිතිය භාවිතා කරන්න. මේ ගැන සිතීමට ඡන්දයක් ලංවන තුරු නොසිටින්න. මාධ්‍ය යන්ට බොරු පොරොන දු වලට ඔබේ දේශපාලන මත ය වෙනස් කිරීමට ඉඩ නොදෙන්න.

Leave a comment