ඔබ පමණයි

තනි තරුවක්වී රෑ අහසේ
ඔබ පමණයි මා අසල සිටියේ
හද වේදනා විඳින මොහොතේ
අසලින් රැඳෙන් මාගේ සොඳුරේ

ආදරේ දැනෙන මොහොතේ
උණුසුමෙන් ඔබ අසලට ආවේ
තනිවෙන්න නමි අපේ ලෝකේ
ඉඩදෙන්න නැවතෙන්න ඔබේ ලමැදේ

සොඳුරුම විමනක් නැත්මුත්
වළාකුළු අතරේ තනි නොවුනත්
තනිවෙමු අපි අපේම ලෝකෙක
ජීවිතේ සොඳුරුම සමයක

කඳුලැලි සුසුමන් අතරේ
ඔබගේ සුවඳයි දැනුනේ
වේදනා නැගෙනා රාත්‍රියේ
තනිකමින් ඔබ මා අසලින් සිටියේ

ඔබටයි මේ ගීතයේ
පදවැල් තනුවැල් මුමුණන්නේ
ආදරේ ගැයෙන ගීතයේ
වේදනා කඳුලක් නොමවන්නේ

ජීව්තේ හැම මොහෙතක් අසලේ
ඔබමයි මාගේ සිතතුල සිටියේ
වේදනා නැගෙනා මේ යාමේ
මොහදේ සැමදා රැඳෙන්න සොඳුරේ

සිතින් මා වැරදී කලත්
ඔබේ සිතේ බොහෝ දුක් දුන්නත්
ඔබටයි මා ආදරේ මිහිරේ
සමාව දෙනුමැන මගෙ සොඳුරේ

ආදරේ කඳුලක් නොවැටී
ජීවිතේ සුවයහනක සැතපී
ඔබගේ සුසුම් අතරේ
රැඳෙන්නම් මේ මුළු දිවියේ

රුසිරු බොතේජු

One thought on “ඔබ පමණයි

Leave a comment