හුදෙකලා කලුවර: ස්වප්නය

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

ස්වප්නය

සිසිල් කළා නුඹ මගේ හද ගැබ
නමුදු නුඹ සුළඟක් නොවේ
සුළඟ මෙන් නුඹ
කිසිදිනෙක නැත මෙහද
හැරදා ගියේ
එළිය කළා නුඹ මගේ ලෝකය
නමුදු නුඹ සඳ කුත් නොවේ
සඳක් මෙන් නුඹ
කිසිදිනෙක නැත
අමාවක මට හිමි කළේ
සැරසුවා නුඹ මගේ රාත්‍රිය
නමුදු නුඹ ස්වප්නයකුදු නොවේ
ස්වප්න සේ නුඹ
කිසි දිනෙක නැත

6 කමෙන්ටු:

Anonymous

Wachana tika kyawaddima mata melodyak karanna hithuna...
lv dese wordz machan.... <3 <3

 

දෙනෙත් තිරපට අතර නොම රැඳෙන,
හීන සිතුවම් පටක් හිත යට,
කෑලි කපෙනා ඝනදුරේ සිට,
සිවිලිමේ ඇඳ හැඩ බලමි මම.

සිවිලිමේ ඇඳෙනා සිතුම්පට,
පිපාසාවෙන් වේලෙන ඝනදුර,
මකා,විරාමය ගෙනෙන්නට එබෙන,
සඳක් වී ඔබ නොපායානු මැන.

 

නුඹ
අහසයි
මම
සාගරයයි
කිසිදිනෙක
එක්
නොවන...

එහෙත්
ඇස
රවටන
සිතිජයකි
අනන්තයේ...

එය
මගේ
බලාපොරොත්තුවයි
කිසිදිනෙක
ඉටු
නොවන...

 
Anonymous

http://www.facebook.com/photo.php?v=2662455281974&ref=notif&notif_t=video_comment

 

ඇය:- කිසි දිනක හිමි නොවන,
ඔබේ මගේ ආදරය,
ගැන හෙලන උණු කඳුළු,
සීතලට දැනෙනවද?

ඔහු:-මහා රැළි සෝ සුසුම්,
නිමක් නැති වුනත් මට...
නුඹේ කඳුළු බර දැනෙයි,
මගේ කොපුල් මත රැඳෙන

තුන් වැන්නා:-නිමක් නැති කඳුළු බඳු
දියෙන් සැදී සාගරය,
පිරෙන ලෙස බිඳෙන් බිඳ
උරාගෙන අහස් දිය
.

 

Post a Comment

පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!