2 කොටස – ඇයි දෙයියනේ පොඩි කාලෙ අපිට පී.ටී කරපු සර් කියල දීලා තියෙන්නේ පැය 8ක් වත් නිදා ගන්න කියලනේ

Published නොවැම්බර් 20, 2011 by shahendk

උදේ ඉදන් චිරි චිරිය…..වහිනවා වහිනවා ඉවරයක් නැ අප්පා…..එලම් එක හු තියනවා එක පැත්තකින්….අම්මා හු තියනවා එක පැත්තකින්..ඇයි දෙයියනේ පොඩි කාලෙ අපිට පී.ටී කරපු සර් කියල දීලා තියෙන්නේ පැය 8ක් වත් නිදා ගන්න කියලනේ……..මම කොහොමද සර්ට මුහුන දෙන්නේ අඩුවෙන් නිදා ගෙන…මම ගැන මොනවා හිතයිද දන්නේ නැ….

පෙරලුන පිට හොදයි කියලා ගියා ක්ලාස්….හප්පේ අද එකව්න්ට්ස්….මම කැමතිම සබ්ජෙක්ට් එක….මම දිනපතාම මේ සබ්ජෙක්ට් එකා හොයා ගත්ත එකාලගෙ දෙමව්පියන්ට පින් දෙනවා.

අපේ සෙට් එක ඔයාල දන්නේ නැ නේ…පැනියාගෙන් පටන් ගමුකො..පැනියා හොද හැදියාවක් තියෙන කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නැති එකෙක්..(කට ඇරන් බලන්නේ) ඒකනේ ඉතින් පැනියා කියන්නේ…..බුවා…බුවා ඉතින් බුවාම තමයි….අඩි 6ක් විතර උස තියෙන….කිලෝ 100 විතර බර ඇති චුටි කොල්ලෙක්…සුමෝ නැත්නම් ෆන් එකක් නැ ඉතින්….සෙට් එකේ….සොනික්….ඌට උපන් ගෙයිම කරන්ට් එක වැදිලා මම හිතන්නේ…මොකද දන්න කාලෙක ඉදල කොන්ඩෙ කරන්ට් එක වැදිච්ච ලුක් එකක් තියෙන්නේ…ඒක තමයි ඌට සොනික් කියන්නේ…සෙට් එකේ එකෙක් හරි නැතනම් එදාට වැඩක් නැ…ඒ කියන්නේ හැම ෆ්රෙන්ඩෙක්ම වැදගත් මචන්…..

ප්‍රතිචාරයක් ලබාදෙන්න