බොලද නිසා….

 

මාගෙන ඔබවත් හිතුවාදෝ නොවරදවා
නැතිදෝ මට හිමි ඒ ලද තවමත් ඉපදීල
මගෙ හැම මිතුරන් පෙම්වතියන් හා එක්වීලා
කම් නෑ කියන්න ඔබ අකමැති මං බොලද නිසා //

මාහට දැනෙනා ඒ ආදරයේ හැගුමන්
ඇයි ඔබ හට නොදැනුනේ හැගුමක ඒ උනුසුම්
කොහොමද ඔබ සිතුවේ ආදරෙ දුරයැයි
මෙමටත් දැනෙනවා ආදරයෙ තියනා සුන්දරකම්

මාගෙන ඔබවත් හිතුවාදෝ…

මිතුරන් අතරෙ මා අද තනි වී සිටියත්
ඔබගෙ මතකය මට කරනා ඒ ඔච්චම්
කාටත් නොදැනී හැගුමක සිර වී තනිවෙම්
රහසින් ගලනා කදුලක ඇති ඒ සුන්දරකම්

මාගෙන ඔබවත් හිතුවාදෝ…

ඩැඩී සංගීත කණ්ඩායමේ “අරාබිය” ගීත එකතුවේ මම කැමතිම ගීතයක් 🙂
ඉස්සරහට මේ සින්දුවටත් වීඩියෝ එකක් එයි කියල අපි ප්‍රර්ථනා කරමු.

Leave a comment