November 15, 2011

රහස් පොලිසිය භාරත ඝාතන නඩුව මගහරියි !

ඉකුත් ඔක්තෝබර් 08 වැනිදා සිදුවූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හා වෘත්තීය සමිති කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය නඩුවට අද (15) රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් වාර්තාකර නොතිබිණි.

රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් නොපැමිණීම හේතුවෙන් මෙම නඩුව විනාඩි 5 ක කාලයක් සඳහා කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.

මෙහිදී අගතියටපත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ටිරන්ත වරලියද්ද මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ අධිකරණයට පැමිණීම මඟහැර රහස් පොලිසියේ විශේෂ විමර්ශන නිලධාරීන් කර ඇත්තේ අධිකරණය හෑල්ලූවට ලක්කිරීමක් බවත්, අදාළ නොපැමිණීම සම්බන්ධයෙන් තොරතුරු විමසා ඔවුන්ට වරෙන්තු නිකුත් කරන ලෙසයි.

මෙහිදී සැකකාර පොලිස් කොස්තාපල් අනුර තුෂාරමෙල් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අනුජ පේ්‍්‍රමරත්න මහතා අධිකරණ ශාලාවේ සිටි අය සිනහගස්වමින් කියාසිටියේ තමාගේ සේවාදායකයාට ඇප ලබාදීමට සිදුවන බැවින් රහස් පොලිසියේ විශේෂ විමර්ශන නිලධාරීන් පැමිණ නොමැති බවයි.

ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා සැකකරුවෙකු ලෙස නම්කරනවාද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය අද (15) අධිකරණයේදී ප‍්‍රකාශයට පත්වීමට නියමිතව තිබිණි.

මෙම නඩුව පසුගිය 01 වැනිදා හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී සියලූම විත්තිකරුවන්ගේ නාම ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා රහස් පොලිසියේ විශේෂ විමර්ශන නිලධාරීන්ට නියම කර තිබිණි.

No comments:

Post a Comment

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.