වශේෂ කාර්ය බලකාය සහ රහස් පොලිසිය ප්රියන්ත ගලබොඩ නැමැති භාරත ඝාතනයේ අවසන් සැකකරු සොයමින් ගිරිතලේ රක්ෂිතය සෝදිසි කරමින් සිටියි. ගලබොඩ අවසන් සැකකරුය යන ප්රකාශයෙන් ගම්ය වන්නේ සෙසු සියලු සැකකරුවන් (පොලිස් පොතේ නම් සඳහන්) පොලිස් අත් අඩංගුවට ගෙන ඇති බවය.
මිනිස් ඝාතනය සඳහා කුමන්ත්රණය කිරීම, ඒ සඳහා අවි ආයුධ සහ පිරිස් රැස් කිරීම, ඊට අනුබල දීම ලංකාවේ නම් මිනි මැරුම හා සමාන වරදකි. ඒත් කටුනායක, කොළොන්නාව, ජයවර්ධනපුර ලංකාවේ ප්රදේශ නොවන නිසා හොඳය. ලංකාවේ ආණ්ඩුවට වෙන එවුන්ගේ රටවල නීති ක්රියාත්මක කොරන්නට පුළුවන් කමක් නැත. ඒවා උන්ගේ රටවල ආණ්ඩු බලාගත යුතුය.
ගලබොඩයා අහිංසකයා. ඇගේ මස් කළඳක් නෑ. අන්න ඒකට අපේ හංදියේ කඩේ මුදලාලි. හයිය හත්තිය තියෙන සද්දන්ත පුරුසයා. මිනිහාට තමා භාරත මැරුවට දඬුවම් කරන්න ඕන. මගේ නම් අවංක අදහස ඒකය.
රෑට රෑට ගමරාලගේ කුඹුරට පැන පැල ගොයමට හානි කරන්නේ ගමේ එවුන්ගේ ගෙවල්වල ඇති වං ගෙඩි බව කාගෙන් හැංගුවත් ගමරාලගෙන් වහං කොරන්නට බැරි විය. කුඹුර පුරා ඇති වං ගෙඩි සලකුණු ඇසින් දුටු සාක්ෂිය.
ගමරාළ ගමේ එවුන්ට නියෝගයක් පැනවූවේය. "උඹලාගේ වංගෙඩි තමා රෑට රෑට මගේ කුඹුරට පැනලා මේ ආසනාසි කොරන්නේ. අද ඉඳලා රෑට ඔක්කොමලා තම තමන්ගේ වංගෙඩි පිලේ කණුවේ බැඳලා තියන්න ඕනැ. මයේ අණ පිළි නොපදින එවුන් ඔක්කෝම දඬු කඳේ ගහනවා"
කුඹුර පාළු කොළාම ගෙදර තියෙන මුව හමට තඩි බානවා කියන්නේ ද මේ වගේ වෙලාවටය. ආඳා යවා තබා වළපත අල්ලා ගත්තා සේ යයිද අශ්වයා ගියාම ඉස්තාලය වැහුවා සේ වැනි යයි ද සමහරු කියති. බඩුත් හාන්දුන්නේ නඩුත් හාන්දුන්නේ යැයි ද ගැමියෝ මේ වැනි අවස්ථාවල දොඩති. අන්තිමට කීමට ඇත්තේ වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව කියාලය.

2 comments:
මේ සැක කරුවො අල්ලල දෙයි හොඳ මතක හිටින දඬුවමක්. මට හිතා ගන්නවත් බෑ. පන පිටින් හම ගහයි ද, උල තියයිද ? එල්ලයිද ?
වෙඩි තියපු ආයුදේ පෙන්නන්න කියල යන අතර මගදි වැවක මුහුදක පනියිද කියලයි මට තියෙන බය
ඇත්ත. ආණ්ඩුව මේ අපරාධකාරයෝ හොයමින් රටම පීරන්නේ පොඩි දෑති තියෙන පනාවකින්.
ඉතින් ලොකු ලොකු අපරාධකාරයෝ පනාවට අහු නොවී රටින් පිටට තල්ලු වෙනවා.
අන්තිමට ප්රධාන අපරාධකරු හැරෙන්න හැම එකාම දඬුවම් විඳිනවා.
සමහර වෙලාවට කඩේ ඇඟපත තියෙන මුදලාලි තමා දඬුවම් විදින්නේ මේ කැකිල්ලේ නීතිය වෙනුවට නීතිය සැමට සාධාරණ විදිහට ක්රියාත්මක නොකළොත්.
වැලේ වැල් නැතුව ඉන්න විපක්ෂයට ඉතින් හරි සතුටුයි. සුද්දාගේ දෙපා ලෙවකාලා කේලම් කියන්න පුළුවන්නේ.
Post a Comment