ක්‍රිකට් නායකත්වයෙන් ඩිල්ශාන් පන්නයි………..


එකපාරටම ඔයාලා බයවුනා නේද? පාකිස්තානය සමග ස0චාරය අතරමගදි මේ මොකක්ද වෙන්න යන්නේ කියලා, බයවෙන්න එප. තාම ඩිල්ශාන් පැන්නුවේනෑ. ඒත් ඉක්මනටම එයාව පන්නන බවනම් මට කියන්න පුළුවන්. මොකද ඔයාලට මතක ඇතිනේ මම ක්‍රිකට් ලෝකකුසලානය ගැන ලියපු ලිපිවල කියපු ඒවා කිරිගහට ඇන්නාවගේ හරිගියහැටි. වැඩිවිස්තර කියන්න කලින් ඔයාලා මගේ අදහස ගැන කොමෙන්‍ටුවක් දාන්නකෝ……..

මම දරන අදහස ප්‍රකාශකරාම ගොඩාක් කොමෙන්ට් ඇවිල්ල තිබුනා, නමුත් පලකරන්න පුලුවන් ඒව විතරක් මම ඔන්න දැම්මා. මම ඩිල්ශාන් වැඩක් නෑ කියනවා නවෙයි, නමුත් මේවෙලවේ කණ්ඩායමට අවශ්‍ය දේ කෙරෙන්නේ නැත්නම් සුදුසුකෙනාට ලබදීම හිදයි කියලා කියන්න පොඩි උත්සාහයක් දරනවා විතරයි. ල0කාව දිගටම එක්දින, ටෙස්ට් තරග පරදින නිසා ඩිල්ශාන් නායකත්වයට සුදුසුනෑ කියලා කියන්න හදනවා නෙවෙයි, තමන්ගේ දක්ෂතායවට හානියක් නොකර, කණ්ඩායමටත් හානියක් නොකර, කණ්ඩායමේ සමගියත් ‍රැකගෙන රටේ නම ඉස්සරහට ගෙනියන්න මේ දේ සිද්දවෙන්න ඕනි කියලා මතයක් මගේ විතරක් නෙවෙයි රටේ පොදු ජනයගේත් තියනවා. ඒවා මහ පු‍ටුවලටත් දැන් දැනිලා ඉවරයි. ටෙස්ට් තරගාවලිය ඉවර උනාම නායකත්වයේ වෙනසක් අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන් ඒනිසා.

ඔයාලා හැමෝම දන්නවා 2011 ලෝකකුසලාන තරගාවලියෙන් ල0කාව අනුශුරයෝ වුනාට පස්සේ මොනයම් බලපැමක් මතහරි ස0ගා, මහේල නායක සහ උපනායකත්වයෙන් අයින් උනා. ඉටපස්සේ කප්පිත්තෙක් නැති ශ්‍රි ල0කා නැවට හොද කප්පිත්තෙක් හොයන්න ගියාම පාලක මණ්ඩලය පුදුම අපහසුතාවයකත පත්වුනා. ඒකට හේතුව කලින් සම්ප්‍රදාය අනුව උපනායකයා නායකත්වයට පත්කරන්න විදිහක් නැතිනිසා. මොකද උපනායකයට හිටියෙත් 2007 ලෝකකුසලානයට නායකත්වයට දීපු මහේලම නිසා.මේ නිසා ජේෂ්ඨත්වය අනුව ඩිල්ශාන්ට දෙන්නවුනා නායකත්වය. වයස අතින් ගත්තම ඩිල්ශාන් ස0ගට, මගේලට වඩා වැඩිමල් කෙනෙක් නිසා ඉක්මනටම නායකතවයෙන් ඉවත්කලයුතු මට්ටමක හිටියේ. ඒනිසා වසරක කාලයකට පමනක් ඩිල්ශන්ව නායකය කරන්න පාලකමණ්ඩලය තීරණයක් ගත්ත. ඒ කියන්නේ 2012 වෙනකන් විතරයි. ඒ වෙන කරන්න දෙයක් නැතිකමට මිසක් ඩිල්ශාන් ගැන පැහැදිමකින් නෙවෙයි.

ක්‍රිකට් පාලක මණ්ඩලයත් 2007න් පස්සේ 2011 වෙනුවෙන් ස0ගා ලැහැස්තිකරපු 1 හොදවැඩක් තමයි. ඒත් ඒක කරේ ජයන්ත ධර්මදාස මහතාගේ අතුරුපාලක මණ්ඩලය. නමුත් ඩි.එස් සිල්වගේ අතුරුපාලක මණ්ඩලය ආවවිතරයි සල්ලිවලට පෙරේතකමට ක්‍රීඩා0ගන බාලවිදිහට හදලා ජනාධිපතිතුමගෙන් ලකුණු දාගන්න විතරයි හැදුවේ. ක්‍රිකට් ක්‍රීඩාවගැනවත් ක්‍රීඩකයෝගැනවත් හොයලා බැලුවේනෑ.  ඒනිසා තමයි හොද උපනායකයෙක් 2011 වෙනකොට හදාගන්න බැරිඋනේ. ක්‍රීඩාවේ අනාගතයගැන හිතනවානම් ඉදිරි වසර 5-6ක සැලසුම් හදන්නඕනී, නමුත් එහෙම1ක් උනේ නැතිනිසා අන්තිමට කණ්ඩායමට උපනායකයෙක් විදිහට මහේලටම එන්න උනා. මොකද ස0ගට 2011 ලෝක කුසලානය දිනන්න කලින් 2007 නායකත්වය දුන්න තමන්ගේ හොදම සගයව හැර පිලිසරණක් නොතිබුනනිසා.

ඔය සිද්දියට ඩිල්ශාන්ට තරමක් හිතේ අමරුවෙන් හිටියේ, මොකද ඒ වෙනකොට උපනායකත්වයට සුදුසුකම හොදටම තිබුනේ මුරලිට සහ ඩිල්ශාන්ට විතරක් නිසා. ජාතිවාදනිසා මුරලිට එක්දින නායකත්වය නෙවෙයි උපනායකත්වයවත් ලැබෙන්නේ නෑකියලා ඔයාලා නොදැන හිටියට පරිපාලනය දැනගෙන හිටියා. ටෙස්ට් විතරක් උපනායකත්වය හිමිඋනේ මුරලිව නැතුවම බැරි කෙනෙක් නිසා. මුරලිත් ඒක දැනගෙන හිටියා, ඔහු නිහතමානීව එක ඉවසගෙන හිටියා. දැන් ඩිල්ශාන් තමයි එකම සුදුස්සා ඉතිරිඋන, ඒත් හම්බවුනේ නැහැනේ. ඒකයි ඩිලී හිතේ අමාරුවෙන් හිටියේ.

ඔයකාලේ ඩිලී මැදපෙල පිතිකරුවෙක් විදිහට අසාර්තක වුනා ඒනිසාම කණ්ඩායමෙන් ඉවත් කරා ඒනිසාම උපනායකතවයේ සිහිනය බොදවුනා.ඒ විතරක් නෙවෙයි උපනායකය උනාට පස්සේ නායකත්වයට එන්න පුලුවන් බවත් ඔහු දැනගෙන හිටියා, ඒකට කණ්ඩායමේ දිගින් දිගටම සුපිරි දක්ෂතා පෙන්වන්න ඕනි. ඒ මැදපෙල ඉදල හැමදාන 25 – 30ක් ගහලා ගොඩයන්න බැරිනිසා මුල්පෙල පිතිකරුවෙකු වෙන්න ඔනි කියලා හැගිමක් ආවා. අනික තමන්ට පන්දු යැවීම, කඩුළු ‍රැකීමත් පුළුවන් නිසා අවස්තාව වැඩීබව ඔහු දැනගෙන හිටියා, ඒනිසා පළමුපෙල තරගවලදි ආරම්භක පිතික‍රැ විදිහට ඇවිත් සාර්ථකවෙලා තමයි ආපහු කණ්ඩායමට ආවේ. දක්ශතා පෙන්වලා ආපහු ඇවිත වසර කිහිපයක්ම දිගටම කණ්ඩායමේ විශ්වාසවන්තම පිතිකරුවා බවට විතරක් නෙවෙයි, තරග දිනවන පන්දු යවන්නෙක් බවටත් පත්වුනා. ඒගැන අපිට කිසිම ගැටළුවක් නෑ.

2007 – 2011 කාලයතුල තමයි මැතිව්ස් කණ්ඩායමට ආවේ, දක්ශ තරුණ ක්‍රීඩකයෙක් විතරක් නෙවෙයි, 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ල0කවේ නායකයා හැටියට කටයුතු කරපු  කෙනෙක් හැටියට ඉතා ඉහල සේවයක් කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රීඩකයෙක් හැටියට කරා,  ල0කවේ ක්‍රිකට් අනාගතය ගැන හිතුවනම් ඒවකට පාලක මණ්ඩලය මැතිව්ස්ව උපනායකයා කරලා ඔහුව හොද නායකයින් දෙදෙනෙක් වනම මහේල, ස0ගා වගේම මුරලි යටතේ පුහුණු කරවන්නට තිබුනා. හරියට මහේල අවුරුදු 22 ඉදලා 28 වෙනකන්, සනත්, මාවන්, වාස්, අර්ජුන, අරවින්ද, හශාන් කියන පතාක යෝධයෝ යටතේ හොදට පුහුණු කරාවගේ. ඒකේ ප්‍රතිපල තව වසර 2-3ක් යනකොට මහේල ලෝකේ වැඩිම ලකුණු ලාභීන් අතරේ පෙරමුණ ගන්න වෙලාවට ඔයාලට තේරෙයි. ඉතින් මැතිව්ස් ට එහෙම නොකරපු නිසා 2011 ලෝකකුසලානයෙන් පස්සේ ල0කාව ලොකු අමාරුවක වැ‍ටුනා.

ස0ගගෙන් පස්සෙ ඩිලීට නායකත්වය ලැබුනා ඔහු බලාපොරොත්තුවුනා වගේම, ඔහු යටතේ සාර්ථක සිම්බබ්වේ තරගාවලියක් නවක ක්‍රීඩකයින් යටතේ නිමාකරා. ඔන්න ඔතනදි තමයි ඩිල්ශාන් නායකත්වයට සුදුසුද කියන මුල්ම පැනය පාලක මණ්ඩලයට ආවේ, මොකද ඩිලී තරගය අතරතුරදි විතරක් නෙවෙයි තරගයෙන් පස්සෙත් නායකත්වයේ හයිය අරන් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ඉතා දරුණු විදිහට තරගය අතරතුර කරපු වැරදිවලට බැනවදින නිසා කණ්ඩායමේ සමගිය දරුණු විදිහට නැතිවෙමින් පැවතුනා. තරගය අතරතුර වරදකට බැන වැදීම සාමාන්‍ය දෙයක් උනාට කණ්ඩායම තරගයකට පෙර හා පසු පවත්වන කණ්ඩායක් සාකච්චාවෙදි බනින එක මෙතෙක් කල් කෙරුනේ නැහැ. ඒ වුන වැරදි හදාගන්න හැටි විතරක් සුහදව කතාබහට ලක්වුනා.ඒවගේම පුහුණුකරුගේ උපදෙස්, ජේෂ්ඨයින්ගේ උපදස් සහ ස0වාද මත වැරදි නිවැරදි කරගන්න පෙලබුනා.ඒත් තරගාවලියක් දිනපුගමන් නායකයව ඉවත් කරන්නත් බැරිනිසා ඉවසගෙන ඉන්නට වුනා පාලක මණ්ඩලයටත්.

ඩිලී ක්‍රීඩකයෙක් හැටියට ගත්තම කණ්ඩායමට ඉතාවැදගත් චරිතයක්, පිත්තෙන් බැරිඋන වෙලාවට පන්දුවෙන් හරි ඔහු කණ්ඩායමට අවශ්‍ය සේවය උපරිමයෙන් ලබදෙනවා. ඒනිසා ඩිලී කණ්ඩායමට ක්‍රීඩා කිරීම ඉතාවැදගත්, තරග දිනුම පැරදුම ඔහුගේ තනි හැකියාව මත කෙරෙන දෙයක් නොවන නිසා ඔහුට ඒගැන බැනලා වැඩක් නෑ. නමුත් කණ්ඩායක් ක්‍රීඩාවකදි හැමෝගෙම සමගිය නැත්නම් තරගයක් දිනන්නත් බෑ, මෙතනදි ඔන්න ඩිලී අපේ නොසෑහෙන බැනුම් අහන්න වෙන කෙනෙක් වෙනවා. මොකද ඔහුගේ ක්‍රියා කලාපය නිසා කණ්ඩායමේ සමගිය නැතිවෙනවා විතරක් නෙවෙයි, එමනිසාම කණ්ඩායමේ සාමාජිකයින් කළකිරීමකට ලක්වෙලා ඉන්නේ අදටත්. ඒනිසාම තම සාමාජිකයින්ගෙන් හරියට සේවයක් ලබාගන්න ඩිලීට අදටත් බෑ, ඒකෙන් වෙන්නේ ල0කාවේ ක්‍රිකට් පරිහානියට පත්වෙන1 විතරයි. දැන් පැවැත්වෙන පාකිස්තාන් තරගාවලියෙදි විතරක් නෙවෙයි, කලින්තිබුන ඕස්ට්‍රේලියා තරගාවලියෙදිත් මේදේ සිද්දවුන නිසා තමයි නවකයන්ගෙන් විතරක් නෙවෙයි කණ්ඩායමේ ජේෂ්ඨයන්ගෙන් පවා හරියට කණ්ඩායමට සේවයක් ලබාගන්නට බැරිවුනේ. ඒනිසා ඩිල්ශාන්ව තවදුරටත් නායකත්වයේ පවත්වා ගන්නවාද? නැත්නම් රටේ ක්‍රිකට් අනාගතය ගැන හිතනවාද කියන එක පාලක මණ්ඩලය තීරණය කලයුතුයි. ඒකටනේ එයාලා පත්කරලා ඉන්නේ.

මමනම් කියන්නේ මැතිව්ස් නායකයා කරලා උපනායකත්වය එක්දින තරගවලට තර0ගටත්, ටෙස්ට් ඩිල්ශාන්ටත්, 20-20 මාලි0ගටත් දීලා 2012 දි  20-20 ලෝක කුසලානයත් 2015දි එක්දින ලෝක කුසලානයත් ගෙන එන්නට සැලසුම් කරනවානම් හොදයි.2015 වෙත්දි 2019ගැන හිතලා හොද තරුණ උපනායකයෙක් 2012 ඉදලාවත් පුහුණුකරන්න මහන්සි වුනොත් ඉටත් වඩා හොදයි. නැතුව කණ්ඩම්බිට කරාවගේ කරලා ඔහුගේ ක්‍රීඩාජිවිතය විනාශකරා වගේ වැඩ මීටපස්සේවත් වෙන්නට ඉඩ තියන්න නරකයි මැතිව්ස්ටත්.

4 thoughts on “ක්‍රිකට් නායකත්වයෙන් ඩිල්ශාන් පන්නයි………..

  1. Machan Ubata Waradila Machan, Metana Yana gema Ubala Danne Naha Ekai Ohoma Kiyawanne,

    Captain C ekata mulinma Yojana kale, A Mathews wa, miniyage kakula case nisa tamai dilshanta dunne, sangala mahelala dila ekka wali nisa un serana ekatu wela A Mathews wa danna haduwa,

    ratata penna ball 100 ta 50 gahala madi machan, hamoma eka wage sellam karanna one

  2. kingz පවසයි:

    ඇත්තටම කිව්වොත් මට දැන් ක්‍රිකට් එපා වෙලා. World Cup එකෙන් පස්සෙ ක්‍රිකට් තිත්ත වුණා.ලංකාවෙ පසු බෑමට ක්‍රීඩකයො වගේම ක්‍රිඩා පරිපාලනයත් සෘජුව වගකියන්න ඕනෙ.

  3. ප්‍රියන්ත පවසයි:

    මේ දවස් වල අපේ කණ්ඩායම පරදින්නෙ ඩිල්ශාන්ගෙ අසාර්ථක කම නිසාම නෙමෙයි.පොදුවේ ලොකු අඩු පඩු තියනවා. පෞද්ගලිකව මමත් ඩිල්ශාන්ගෙ නායකත්වයට කැමති නැහැ.පිතිකරුවෙක් විදියට නම් ඉතාම කැමතියි. මම හිතන්නෙ නායකත්වයට ඉතාම සුදුසු මැතිව්ස්..

ප්‍රතිචාරයක් ලබාදෙන්න