Sunday, October 23, 2011

අන්ධයා

අන්ධයාගේ අතින් අල්ලාගත්
මම සෙමින් සෙමින් ඉදිරියට ගියෙමි.
ඇසින් දුටුවා සේ
ඇය තෙපලන වදන්
බොරු බව මා හොදින් දැන සිටියත්
නිහඩව ඉදිරියට යන්නේ
ඇය සතුටු කිරීමටය....
එහෙත් ඇය සිතනුයේ
මා රැවටුන බවක් විය යුතුය.......
දරුව ඔබගේ දෑස වැසී ඇති
අදුරු පටලය
ඉවත් කෙරුමට මට
හෙට දිනයේ
හෝ ඉඩ ලැාබනු ඇති
එය මගේ
පැතුමයි..........

2 comments:

ඔබ නොදු‍ටු ලොවක්..... said...

හප්පේ මොකක්ද මේ සන්තැසිය ....

මාතලන් said...

බොහෝ කළකට පසු...