ජැක්සන් ගේ තොප්පිය, ජොබ්ස් ගේ iphone එක සහ තොටවත්ත යන්ගේ හඳයා..

පසු ගියදා apple සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් අවසන් ගමන් ගියේය. ඔහු මිය යන විට ලොවට apple නාමය යටතේ නිපැයුම් රැසක් ලොවට දායාද වී තිබිණි. ඔහුගේ මරණය පිලිබඳ ලොව පුරා ජනතාව ශෝක වූ බව පෙනෙන්නට තිබුණි. Facebook මගින් ලොව දසත ජනයා තම ශෝකය පළකර තිබූ අයුරු දක්නට ලැබුණි. එසේ ශෝකය ප්‍රකාශ කළවුන් අතර ශ්‍රී ලාංකිකයෝද එක් වී සිටියෝය. දහස් ගණනින් ශ්‍රී ලාංකික apple ලෝලීහු තම ශෝක ප්‍රකාශ පල කළා පමණක් නොව තම Facebook ගොනුව ඔහුගේ රුවින් සැරසූහ.

පසුගියදා ශ්‍රී ලාංකීය ළමා පරපුර වෙනුවෙන් අති විශාල මෙහෙයක් කල ශේෂ්ඨ මිනිසෙකු දැයෙන් සමුගත්තේ ය. නමුත් දැයෙන් සමුගත් මේ අපේ මිනිසා ගැන කතා කල ශ්‍රී ලාංකිකයන් කි දෙනෙක් සිටීද? ඔබ ඔබෙන් ම අසන්න. ස්ටීව් ජොබ්ස් ගෙන් අපට ලැබුනේ මොනවාද? කිසිවක් නැත. ඔහුගේ apple නිපැයුම් පෙළ ඇමරිකාවට අදායම් ඉපයුවා පමණකි. අපේ සල්ලි රටින් එපිටට ඇද්දා පමණකි. ඔහුගේ තාක්ෂනයෙන්ද අපිට පලක් නැත. මන්ද පේටන්ට් හරහා එයද ඇමරිකාව සතු වී තිබීමය. ඉතින් අපිට එම තාක්ෂණයෙන් ගත හැකි ප්‍රයෝජනයක් ද නැත. සාමාන්‍ය අදායමක් අති ශ්‍රී ලාංකිකයන්ට apple නිෂ්පාදන මිලදී ගැනීමට හැකියාවක් ද  නැත. හාස්‍ය ජනකම දෙය වන්නේ ඇතැමුන් මිය යන තෙක්ම ස්ටීව් ජොබ්ස් කෙනෙකු පිලිබඳ අසා තිබුනේ වත් නැති වීමය.මිය යන තෙක්ම දැන නොසිටි මිනිසෙක් පිලිබඳ දුක් වන ශ්‍රී ලාංකීය සමාජය කොතරම් සංවේදීදැයි සිතේ. එවන් මිනිසෙකු පිලිබඳ දුක් වන අපි අපෙන් සමු ගත් අපේ මිනිසා ගැන තුට්ටුවකට මායිම් කර නැත.  අපි, අපි ගැනම ලජ්ජා විය යුත්තෙමු.

මයිකල් ජැක්සන් මිය ගිය විට තත්වය වුයේද මෙයමයි. ඔහු වෙනුවෙන් හඬා වැළපුණු අයද අප අතර විය. උන්මාදයක් මෙන් අපේ මිනිසුන් ජැක්සන් වෙනුවෙන් ඔහුගේ ආරයේ තොප්පි මිලදී ගත්තා ඔබට මතක ඇත. නමුත් රට දැය වෙනුවෙන් තම තාරුණ්‍ය, මාපියන්, දරුවන් මෙන්ම තම ජීවිතය පවා කැප කල රණවිරුවන්  වෙනුවෙන් පොපි මලක් මිලදී ගත්තවුන් සිටින්නේ අප අතරින් කී දෙනාද?

අපිට අපේ දේ අගය නැත. මෙය වහාම වෙනස් විය යුතු තත්වයකි. ස්ටීව් ජොබ්ස් ගැන දුක් වන්නෝ දුක් වුවාට කමක් නැත. නමුත් අපි අපේ දේ, අපේ මිනිසුන්  පිලිබඳ මීට වඩා සැලකිලිමත් විය යුතු නොවේද? රටක දැයක් වටිනා මිනිසුන්ට ගරු කල යුතු නොවේද?

(වැරදි ඇතොත් පෙන්වා දෙන්න.)

2 comments on “ජැක්සන් ගේ තොප්පිය, ජොබ්ස් ගේ iphone එක සහ තොටවත්ත යන්ගේ හඳයා..

  1. විසිතුරු | visituru says:

    සිය රට දේ සිරි සැප දේ! එහෙම හිතුවේ ඉස්සර කාලේ!

  2. sumith says:

    Obage kathaawa mama eka hela anumatha karanawaa….

Leave a comment