Home > තොරතුරැ, Other > ඇඹිලිපිටිය කලාපයේ තොරතුරු තාක්ෂණ ගුරුවරුන් සදහා විවෘත කේතක මෘදුකාංග පිළිබදව පුහුණු වැඩමුළුවක්.

ඇඹිලිපිටිය කලාපයේ තොරතුරු තාක්ෂණ ගුරුවරුන් සදහා විවෘත කේතක මෘදුකාංග පිළිබදව පුහුණු වැඩමුළුවක්.


ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ ඇති පාසල් වල තොරතුරු තාක්ෂණ ගුරුවරුන් සදහා විවෘත කේතක මෘදුකාංග (Free and Open Source Software) පිළිබදව තෙදින පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ මෙහෙයවීමෙන් අපගේ සම්පත් දායකත්වයෙන් සිදුකරන මෙම පුහුණු වැඩමුළුව 2010 ජුනි 4,5,6 යන දින වලදී ඇඹිලිපිටිය උඩගම මහා විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරයේදී පැවැත්වීමට නියමිතයි. අප විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ මෙම පුහුණු වැඩසටහන පවත්වනු ලබනවා. ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ පරිගණක ගුරු උපදේශක තුෂාර මහතා විසින් මෙම වැඩමුළුව සංවිධානය කරනු ලබනවා. මේ සදහා මෙම කලාපයේ තොරතුරු තාක්ෂණය විෂයක් වශයෙන් උගන්වනු ලබන පාසල් වල ගුරුවරුන් 40 ක් පමණ සහභාගී වීමට නියමිතයි.

  1. No comments yet.
  1. No trackbacks yet.

Leave a comment