විෂම ලිංගිකයන්ගේ අයිතිය තහවුරු කරනු !!!!!!!

සමලිංගිකයන්ට පෙර විෂම ලිංගිකයන්

රිවිර පත්තරකාරයා පළ කල හෙඩ් ලයින් එකක් නිසා නැවතත් ගේ සංවාදයක් ඇතිවී තිබේ. ඊක්වල් ග්‍රවුන්ඩ්ස් නැමැති එන්.ජී.ඕ. එක හෙමින් සැරේ දීගෙන යන ගේමක් මීට පාදක වී ඇත. මේ සම්බන්ධව ගොසිප් මල්ලි පළ කල ලිපියකට පිටකොටුව කොමෙන්ට් එකක් ලීවේය. පහත දැක්වෙන්නේ එම කොමෙන්ටුවයි.

සමලිංගිකත්වය කියන්නේ මානසික විකෘතියක්. ඒක එහෙම නෑ කියලා සමලිංගිකත්වය නීතිගත කලේ බටහිර රටවල්වල දේශපාලකයෝ සමලිංගිකයන්ගේ ඡන්ද ටික කඩා ගන්න. මොකද ඒ රටවල්වල බරපතල ගේ ජනගහනයක් ඉන්නවා ධනවාදී ජීවන ක්‍රමයේ පුද්ගල ගැටළු නිසා. ඉතින් මේ දේශපාලනික මතයට බටහිර වෛද්‍යවරුන්ටත් අන්තිමේ එකඟ වෙන්න වුනා. මොකද ප්‍රොයිඩියානු මනෝ විද්‍යාවෙන් මේක විකෘතියක් කියලා ඔප්පු කරගන්න ඔවුන් අසමත් වෙච්ච නිසා. ඉතින් ඒක එහෙම වුනා කියලා සමලිංගිකත්වය කියන්නේ මානසික විකෘතියක් කියන සත්‍යය යටපත් කරන්න බෑ.

ලංකාව වගේ රටවල්වල මේ ගේ සංස්කෘතිය බලහත්කාරයෙන් ප්‍රෙමෝට් කිරීමේ ප්‍රතිථලය වෙන්නේ ඒ මතින් ලොකු සමාජ ගැටළු ඇතිවීම හා කෘතිම ගේ ජනගහනයක් බිහිවීම. මේක හරියට පොකට් ගැහීම නීතිගත කලොත් පොකට් කාරයෝ වැඩි වෙනවා වගේ සීන් එකක්. ඇත්තටම කළ යුත්තේ ගේ ජනගහනය පිළිකුල් නොකර (මොකද සමලිංගිකත්වය කියන මානසික විකෘතියට බෙහෙතක් මෙතෙක් හොයාගන්න බටහිර මනෝ විද්‍යාව හෝ වෙනත් මනෝ විද්‍යාවක් අසමත්), එහෙත් සමලිංගික ක්‍රියාවල යෙදීම අධෛර්යට පත් කිරීම. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ ලිංගික ක්‍රියාවල යෙදීමට නොහැකිවීම නිසා මිනිසුන් මරණයට පත් නොවන බව. නමුත් මාර්ග අනතුරුවලින් දිනකට ලංකාවේ 10 – 15 වල පල්ලට යනවා. (ඒත් මොන එන්.ජී.ඕ. කාරයෙක්වත්, දේශපාලකයෙක්වත් මාර්ග අනතුරු අඩු කර ගන්න් කිසිම පබ්ලික් කැම්පේන් එකක් ඕගනයිස් කරනවා පේන්න නෑ)

මේක කිව්ව ගමන් සමලිංගිකයන්ගේ මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කලා කියලා පිරිසක් කඩා පනින්න පුළුවන්. නමුත් සත්‍යය තමයි එහෙම බැලුවොත් සමලිංගිකයන්ට වඩා විෂම ලිංගිකයන්ගේ මානුෂික අයිතිවාසිකම් ලංකාවේ සමාජය විසින් බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බව. මොකද විෂම ලිංගිකයන් බහුතරයකට නිදහසේ හැසිරීමට හෝ ලිංගික ක්‍රියාවල නිරතවීමට (විවාහකයන්ට හැර) ලංකාවේ සමාජය විසින් ඉඩකඩ සලසා දී නෑ. නැත්නම් ඔවුන්ට එසේ කිරීමට නොහැකිවනසේ සමාජ පීඩනයක් දරුණුවට එල්ල කරලා තියෙනවා. ඒ සීමා ඉක්මවා යන්න හැකියාව තියෙන අය සමාජයේ තාම සිටින්නේ සුළුතරයක් පමණයි.

ඉතින් එහෙම බැලුවොත් මුලින්ම කල යුත්තේ විෂම ලිංගිකයන්ගේ ඊනියා මානුෂික අයිතිවාසිකම් තහවුරු කරලා ඉන්න එක. ඉන් පස්සේ පුළුවන් මානසික විකෘතියකට ලක්වුනු ජන කොටසක් වන සමලිංගිකයන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම ගැන කථා කරන්න.

ගේ ප්‍රොමෝෂන් ගැන පිටකොටුවගේ කලින් ලිපියක් : පාරට පේන්න උජාරුවෙන් ආප්ප ගැසීම

This entry was posted in Uncategorized and tagged , , , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

12 Responses to විෂම ලිංගිකයන්ගේ අයිතිය තහවුරු කරනු !!!!!!!

  1. බලුරාළ පවසයි:

    සමලිංගිකයන්ට කෙසේ වෙතත්, පුටුවේ වාඩි වී, මනස්මානයෙන් බේගල් ඇදබාන්නටනම් අයිතිවාසිකම් වල කිසිම අඩුවක් නැති හැඩැයී. විශමලිංගිකයන් අල්ලා කුදලා හිරේ දාපිය කියලා ලන්කාවේ නීතියක් තියෙනවාද? විශම ලිංගිකයක් මිය පරලොව ගිය පසු, සහකරුට හෝ සහකාරියට දෙපල අයීති නොවෙනවාද? හිස් පුන්චි මනසේ ඇති පටු කරුනු පමනක් යොදා ගන්නේ නැතුව, ගොබිලෙයෙක් වීමේ ආශාවක් ඇත්නම්, කරුනු අද්‍යනය කර, ගොබිලෙයෙකූ වීම සුදුසුය.

  2. abercrollitch පවසයි:

    බලුරාල, සමලිංගිකයන් සමතැන ඉල්ලන්නේ මැරුනහම දේපොල ලියාගන්නද? ඇයි ඕක අන්තිම අකැමති පත්‍රය්කින් ලිව්වා නම් ඉවරයි නේ?

    ලංකාවේ විශමලිංගිකයන් අල්ලා හිරේ දාන්න කියලා නීතියක් නම් නෑ, හැබැයි පත්තරයක් එහෙම කියවනවන්ම් දැකලා ඇතිනේ ඕන තරම් ගණිකා නිවාස වැටලුවයි අරකයි මේකයි කියලා ඔන්න ඕනේ නම්තව නිව්ස් එකක් තියෙනවා http://pihiya.blogspot.com/2011/09/blog-post_21.html. සමලිංගිකයෝ කීයක් අල්ලලා හිරේ දාලා තියෙනවද ස්මලිංගික හැසිරීම් හින්දා?

  3. බලුරාළ පවසයි:

    තමාට වඩා වයසින්, දැනුමෙන්, පාටෙන්, ලිංගයෙන්, ජාතියෙන්, ආගමෙන්, දේපලෙන්, කැමැත්තෙන්, පලාතෙන් වෙනස්, උදවියට තලා, හූ කියා, විනෝදයක් ලබනා පාහරයන් ඉන්නේ ලංකාවේ පමනක් නොවෙයී. ලොව පුරාම. http://www.cnn.com/video/#/video/us/2011/09/20/ac-kth-bullying-in-america.cnn මෙවැනි පාහරයන්ගේ උසුලු විසුලු දරාගත නොහැකිව අද සිය දිවිනසා ගත් කොලුවාගේ ප්‍රවෘථිය මෙතන. හිරේ දැම්මාද නැද්ද කාරනයෙන් පළක් නෑ. නීතිය තීබීමම ඇතී. අන්තිම කැමැත්තෙන් සියලූම දේපල බෙදන්න බැහැ. ප්‍රතිපතිමය වශයෙන් යමකට විරුද්ද වෙනවානම්, මීට වඩා දැනුවත් වී, පළල්ව කරුනු විමසා විරුද්ද වන්න. සිල්ලර කතා කියමින් තමාට වඩා වෙනස් උදවියට පාහර කම් කීරීම ගණිකා මඩම් වාගේ මෝඩ කත කීම අජූතයී.

  4. ජයශ්‍රී පවසයි:

    “නිදහසේ හැසිරීමට හෝ ලිංගික ක්‍රියාවල නිරතවීමට (විවාහකයන්ට හැර)” – අවිවාහකයෝ මොකටද එහෙම කරන්නේ.අනික ඒ වරද ඕනෑ තරම් නිදහසේ කරන නිසා තමයි ලකාවේ දිනකට ගබ්සා කිරීම් 800 සිද්ධවෙන්නේ.ඔයා කොහොමද ඒ වල්බූරු නිදහස නෑ කියල කියන්නේ?මම කියන්නේ ඒ නිදහස ඕනැවට වඩා වැඩි කියලයි.

  5. abercrollitch පවසයි:

    බලුරාල: අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නානම් හොඳයි නේද? එහෙම තර්ක කරන්න අමාරුයි වගේ නේද?

    මොනවද අන්තිම කැමැත්තෙන් බෙදන්න බැරි දේපොල?
    ගණිකා මඩම් ගැන ප්‍රශ්නය මතුකලේ විශමලිංගිකයන්ගේ ලිංගික ක්‍රියාවලියට ඇති අයිතිය අහපු නිසා.

    සමලිංගිකත්වය සාමාන්ය දෙයක් කීම මෝඩ කථාවක්. සමලිංගිකත්වය නිසා කිසිම සාමාන්ය එහෙම නැතිනම් ස්වාභාවික ක්‍රියාවලියක් වෙන්නේ නෑ. එහෙම නෙමෙයි එක සාමන්ය දෙයක් කියන්න හේතු දෙන්න පුලුවන්ද?

  6. බලුරාළ පවසයි:

    බ්ලොග් ලිවීමේ පටන්, විවාහය, ආගම, අද්‍යාපනය, උදේ කෑම, තේ බීම, සතුන්ට කරුණාව දැක්වීම සහ මෙකී නොකී කිසිම දෙයක් සාමාණ්‍ය ස්වාභාවික දේවල් නොවේ. වෙනසක් ඇත්නම්, ඒ ඇති එකම වෙනස, තමාට වඩා වෙනස් වීමයී. උසින් වෙනස්, මහතින් වෙනස්, පාටින් වෙනස් ආදරයෙන් වෙනස්, ආගමින් වෙනස්, කෑමෙන් වෙනස් සියලු දෙනාට අසාමාණ්‍යයී, අස්වාබාවිකයී කීම මෝඩකමක් නොවේනම්, මිලේච්ච කුහක කමකී.

    නීතී පොත විස්තර කරන්න මට වෙලාවක් නැත. නීතී සංග්‍රහය කියවා දැන ගන්න. ප්‍රශ්ණ වටයක් නොවනා නිසා, සෑම ප්‍රශ්ණයකයටම උත්තර දීමවත්, විශේශයෙන්ම මෝඩ කුහක ප්‍රශ්ණයන්ට උත්තර දීමවත් අවශ්‍ය වන්නේ නෑ.

  7. quitbeinggay.blogspot.com පවසයි:

    මෙතන මේ සමලිංගිකයන්ට සම අයිතිවාසිකම් ඉල්ලන පුද්ගලයෝ කියන සමලිංගිකත්වය තියෙන්නේ පොත් වලයි, ඉංග්‍රීසි ටෙලි නාට්‍ය වලයි, චිත්‍රපට වලයි ගොඩක් අයගේ මනෝ ලෝක වලයි. ඇත්ත තත්වය එක නෙවේ. හැඟීම් වලට වහල වෙලා තැනක නොතැනක් බලන්නැතිව ලිංගිකව හැසිරෙන අයි ගොඩක් ඉන්නේ. මම නුවර කොළඹ ඉන්ට්සිටි බස් එකේ යනකොට අතපත ගැන හදපු කොල්ලොයි, අන්කල්ලයි ඉන්නවා. කවදාවක් වත නොදැකපු මිනිස්සු ඉන්න තැන එහෙම නං අනෙක් තැන වල කවර කතාද?

    ලංකාවේ ඒඩ්ස් ප්‍රතිශතය අඩු ඇයි කියල පොඩ්ඩක් හිතල බලන්න. සමහරු කියනවා ඒඩ්ස් වැඩිපුර පැතිරෙන්නේ විෂම ලිංගික අය හින්දයි කියල. එත් විෂම ලිංගික – සමලිංගික ජනගහන ප්‍රතිශතයක් විදිහට සැලකිය යුතුයි. ඇමරිකාවේ සමලින්ගිකයෝ ඉන්නේ මුළු ජනගහනයෙන් 2-3 % පමණයි එත් ඒඩ්ස් රෝගීන්ගෙන් 61% කට ඔවුන් වගකියනවා.

    නෙදර්ලන්තය තමයි සමලිංගිකයන්ට පුර්ණ නිදහ දීල තියෙන රට. එත් එහෙ තත්වය වෙනසක් නැහැ. එනිසා සමලිංගිකත්වය නීති ගත කිරීම් එතරම් හොඳ නැහැ — සමලිංගිකත්වය යහපත් දෙයක් කියල ඉන ගම්‍ය වන නිසා.

  8. කළුපුසා පවසයි:

    ඇත්තම කියනවා නම මේ සම ලිංගික වසංගතය නිසා අපිට කවදාහරි යාලුවෙක් එක්ක කරට ඇත දාගෙන කතා කරන්න . bus එකේ එක seat එකේ කතා කර කර යන්න බැරි වෙනවා 😦
    මම කියන්නේ නැහැ සම ලින්ගිකය්න්ව අල්ලලා මරන්න කියල මම කියන්නේ එහෙම විකෘතියක් තියන අය ඉන්නවනම් ඒගොල්ලන්ට තව ඒ වගේම කෙනෙක් හොයාගෙන රහසේ ජිවත් වෙන්න දෙන්න කියල. එහෙම නැතුව මෙහෙම මේවා නීතිගත කලොත් ස්කොලේ යන ළමයින්ව ගේමක් නැතුව මේවට අල්ලගනියි.

  9. සම්පත් පවසයි:

    සමලිංගිකත්වය ගැන තියෙන බොරු මත නැති කරන්න මං බ්ලොග් අඩවියක් හැදුවා.http://malatanoenabambaru.blogspot.com/

  10. rishani පවසයි:

    ලෝකයේ පැවතිය යුත්තේ ඔබ කැමැති දේ පමණක්ද? ඔබ අකමැති දේවල් මේ ලෝකයේ පැවතිය යුතු නැතිද?
    ලෝකයේ පැවැතිය යුත්තේ ඔබේ ජාතිය, ඔබේ ආගම, ඔබේ සංස්කෘතිය, ඔබේ දේශපාලන මතය ඔබ කැමති කෑම,බීම, ඇදූම් පැලදුම් පමණක්ද? ඔබට ඔබ අකමැති අනික් සියල්ල පිළිකුල් නේද?
    බහුතරය ඔබ වුවත් සුළුතරයට මේ ලෝකයේ ඉඩක් නැතිද?
    අනික් කරුණු කෙසේවෙතත් ආදරය කියන උත්තරිතර හැගීමටවත් ඉඩ දෙන්න.
    ඔබට ඔබේ ආදරය අහිමි වීමෙන් ඇතිවන වේදනාවම මටත් එලෙසම දැනේ.

    කරුණාකර එම සුළුතරය වෙනුවෙන් මේ සඳහා සහය දක්වන්න

  11. Hehan Rajitha පවසයි:

    Obe Hadawatha Hoda Bawa Pene .Adaraya Tharam Uththarithara Deyak Melowa Kohewath Natha Mama Eya Hdawathinma Piliganimi

ප්‍රතිචාරයක් ලබාදෙන්න