ල0කාවේ ඉතිහාසය වෙනස් කිරීමට අපි තවත් ඉඩදෙමුද? එරෙහිව පෙළගැසෙමුද?


මෙවන් විනාශකාරි ක්‍රියාවලින් අපේ අනාගත පරපුරට නැතිවන්නේ රටේ අතීත උරුමය නොවේද?

(මෙම චායාරූපය මට ලබාදුන් මගේ මිත්‍ර ගයාන් එර0ග සොයුරාට ස්තුතිය පළකර සිටිනවා.)

රටක ඉතිහාසය කියන්නේ රටට , ජනතාවට ඉතාම වැදගත් , රටේ උරුමය, අනන්‍යයතාවය ලොවට කියාපාන රසවත්, හරවත්, මතභේද ඇතිකරවන සුළු ස0කීර්ණ දැණුම් සම්භාරයක්. ඒ දැණුමේ අඩු ලුහුඩුකම් අනන්තවත් තියෙන්නට පුළුවන්. මොකද මේ ඉතිහාසය මෙතෙක් කල් පැවතගෙන ආවේ කට වචනයෙන්, වගේම පසුකාලයේ පුස්කොළ පොත්වල ලියපු ලිපි වශයෙන් නිසා, ඒවායේ අතිශෝක්තිය වගේම වර්ණනා තියෙන්න පුලුවන්, සමහර විටක සිතාමතාම කළ වෙනස් කම් තියෙන්නටත් පුළුවන්. ඒත් ඒවා විමසා බලලා ඇත්ත පවසන්න  ඉතා උගත් ආචාර්යය, මහාචාර්යයවරුන්ගෙන් සමන්විත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වගේම රාජ්‍යය ලේඛණාගාරය තුල ඇති ලේඛණ  ද ඉමහත් සේවයක් කරනවා. ඒතුලින් තමයි අද අපි දන්න , කියවන ඉතිහාසය කියැවෙන්නේ.මතභේදාත්මක දෙයක් තිබුනොත් සාක්ෂි සහිතව ඔප්පු කරලා ඒ වරද නිවැරදි කරන්න ඕනම කෙනෙක්ට පුළුවන්.

එවන් උගත් බහුතරයක් පිළිගත්තාවූත්, සාක්ෂිසහිතව ඔප්පු කලහැක්කාවූත් ඉතිහාසයක් රටේ ආගමික කොටසක ප‍ටු අරමුණු උදෙසා වෙනස් කොට අනාගත පරපුර නොමග යැවීම අපි බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක‍තෝලික හෝ සි0හල, දෙමළ, මුස්ලිම්, බර්ගර් කියා කිසි වෙනසක් කොට අනුමත කරන්නේ නැහැ.එම නිසා අප දන්නා දේ වෙනස් කිරීමට උත්සාහ දැරීම යනු තමාගේ හීන මානය ප්‍රදර්ශණය කිරීමක් හැටියටයයි මම දකින්නේ. තමන්ට නැති දෙයක් පිලිබද දුක්වීම , වගේම නැතිදේ තියෙනවා, තිබුනා කියලා පෙන්නන්න හදන 1ත් හීනමානයේ ලක්ෂණයක් තමයි.මේ ලිපිය කිතුණු දහමට නිගරු කිරීමකටවත්, අපහාසයක් කිරීමටවත් දරණ උත්සාහයක් නෙවේයි. මම ගැන හොදට දන්න අය මමත් කිතුදහමට ඇති සම්බන්දයත් හොදටම දන්නවා.ඒ නිසා ලිපිය ආගමික කෝනයකින් බලන්න ඒපා. මධ්‍යස්ථව හිතට එකගව හිතන්න.


මේ කාරණයට මුලික උන කාරණය තමයි අනුරාධපුරයේ ඇතුළු නුවර කැණීමකදි 1913 වසරේදි හමුවුන කුරුස ලකුණක් සහිත සෙල්මුවා පුවරුව. මේ පිලිබද මහාචාර්යය සෙනරත් පරණවිතාන මහතා දැරුවේ මෙවන් අදහසක්, එනම් ධාතුසේන රජු මරා ඉන්දියාවට පැනගිය මුගලන් කුමරා කිතුදහම වැලදගෙන ල0කාවට නැවත පැමිනි බවයි, එමනිසා ඉන්පසු ල0කාවේ කිතුදහම පැතිරුන බවයි. නමුත් පුරාවිද්‍යා චක්‍රවර්තී අචාර්යය කබුරුපිටියේ වනරතන මහනායාක හිමිපානන් ඇතුළු විද්වත් පිරිස සාක්ෂිසහිතව පෙන්වාදුන්නේ මෙය 1547 වසරෙන් පසු කරවන ලද්දක් බවයි. එය කාබන් 14 පරීක්ෂණයකින්ද තහවුරුවී තිබෙනවා. එමනිසා කිතුදහම ල0කාවට පැමිණියේ 1505න් පසුව බව දැන් තහවුරුවී ඇත.එමනිසා මේ කරන්නට යන දෙය බොරුවෙන් ජනතාව මුලාවේ දැමීමක් නොවේද? වැඩිදුර විස්තර සදහා ආචාර්යය ඊ.ඇම්.රත්නායක මහතාගේ “දිලෙන පහන් (චරිත කතා)” කෘතිය කියවනමෙන් ඉල්ලා සිටිනවා. ( පි‍ටු අ0ක 115)

ස0වාදක් අපි ගොඩනගමු මිතුරනේ.

5 thoughts on “ල0කාවේ ඉතිහාසය වෙනස් කිරීමට අපි තවත් ඉඩදෙමුද? එරෙහිව පෙළගැසෙමුද?

  1. ```Outsider``` පවසයි:

    ඕක මොකක්ද දේශපාලන ගැතිකම පෙන්වන්න රාජ්‍ය මට්‍ටමේ අනුග්‍රහය ඇතිව ඉතිහාසය විකෘති කරන මහචාර්යවරු, ඉතිහාසඥයෝ, විද්වත්තු ඉන්න රටක.

ප්‍රතිචාරයක් ලබාදෙන්න