අන්තිම කැමැත්ත.

මනස හඳුනාගන්න ඔය එක එක තැන්වල කරන වැඩමුළු එහෙම තියෙනවනේ. අන්න ඒ වගේ එක්තරා වැඩමුළුවකදී, බලා සිටින සියලු දෙනා අතරින් 3 දෙනෙක් වේදිකාවට  කැ‍ඳෙව්වා. අදහස් විමසීමට.

ඒ තුන්දෙනාගෙන්ම ඇහුවේ එක ප්‍රශ්නයයි.

“හිතමු ඔහේලා මියපරලොව ගියා කියලා. පෙට්ටියක දාලා වලලලා දැන් මරණයේ වැඩ කටයුතු ඉවරකරන්නයි හදන්නේ.

ඒ අන්තිම මොහොතේ ළඟම ඥාතී හිතමිත්‍රාදීන්ගේ කටින්  ඔහේලට ඇහෙනවනම් හොඳයි කියලා යමක් හිතෙනවනම්, ඒ මොකක්ද?”

පළමු පුද්ගලයා ඉදිරියට ආවා. ඇවිත් මෙහෙම කිව්වා.

“මම ඉස්තරම්ම විදියේ දොස්තර මහත්තයෙක්, පවුලට ඉතාම ලැදි හොඳ මනුස්සයෙක් කියලා ඒ අය කියනවනම් ඊට වඩා තව දෙයක් අහන්න මට උවමනා නෑ.”

ඊටපස්සේ ආවේ දෙවැනියාගේ අවස්ථාව. ඉතාම සංවේදි ස්වරයකින් එතුමා මෙහෙම කිව්වා.

“ඔව්, එහෙම අන්තිම මොහොතේ හිතට සැනසිල්ලක් ගේන එහෙම දෙයක් කවුරුහරි කියනවනම් මම කැමතියි අහන්න, මම බොහොම හොඳ ගුරුවරයෙක්ය, කීකරු ස්වාමියෙක්ය, අපේ අනාගත දරු පරම්පරාවේ උන්නතිය තකා දූරදර්ශිව ක්‍රියාකළ යහපත් මනුෂ්‍යයෙක්ය කියලා”.

තුන්වැන්නා ඉදිරියට ආවා. “ඇහෙනවනම් එක දෙයයි මට ඇහෙන්න ඕනේ. එකම එක දෙයයි”.

“ඒ මොකක්ද ඒ?දේශකයා ඇහුවා.

“හත් දෙයියනේ..මෙන්න මේ යකාට පණ එනවා”.


3 thoughts on “අන්තිම කැමැත්ත.

Leave a comment