අන්තිම කැමති පත්‍රය

ඊයේ රාත්තිරියේ නිදාගෙන ඉද්දි හමාගෙ ඔලුවට අමුතු අදහසක් ආවා….

අපි හැමෝම කවද හරි මැරෙනවනේ…. මැරෙන්න කලින් අපි අතින් වෙච්ච වැරදි කොච්චර තියනවද…? ඒ වෙච්ච වැරදි වලට කියෙන් කීදෙනාද ඒ ඒ අයගෙන් සමාව අරන් තියෙන්නෙ….?

ඒ වගේම ජීවත් වෙලා ඉන්න කාලෙ අපි කාටවත් කියන්න බැරුව හිතේ කොච්චර දේවල් හංගගෙන ඉන්නවද….? ආදරේ වගේ දේවල් සමහරු මැරෙනකල් ම හිතේ තියාගෙන ඉන්නවා නේද…..?

ඉතින් ඔය හිතේ තියෙන හැම දෙයක් ම මැරුණයින් පස්සෙ වලට ගෙනියන්නෙ නැතුව, ඒවා එලියට දාන්න ක්‍රමයක් නැද්ද…? තියෙනවා….. ඒකට තමයි කියන්නෙ අන්තිම කැමති පත්‍රය කියලා…. ඒ උණාට ගොඩක් අයට අන්තිම කැමති පත්‍රය ලියන්නත් හිතෙන්නෙ ගොඩක් ම වයසට ගියාට පස්සෙ නේ…..

ඉතින් හමා ට හිතුනා…. ඇයි ඒ වෙනුවෙන් වෙබ් සයිට් එකක් පටන් ගන්න පුලුවන් නේද කියලා…..

ජීවත් වෙලා ඉන්න කාලෙ ඕන කෙනෙක්ට පුලුවන් account එකක් හදාගෙන තමන්ගෙ අන්තිම කැමති පත්‍රය ලියල තියන්න….. තමන් මැරුණට පස්සෙ අනිත් අයට කියන්න තියෙන දේවල්….. ජිවත් වෙලා ඉන්න කාලෙ අනිත් අයට වෙච්ච වැරදි… ඕන දෙයක් මේකෙ ලියල තියන්න පුලුවන්….. අනික මැරුණට පස්සෙ කියන දේවල් වලින් තමන්ට වෙන හානියත් අඩුයි නෙ…..

ඉතින් කව්රු හරි account එකක් හදපු කෙනෙක් මැරුනට පස්සෙ අන්තිම කැමති පත්‍රය ගන්නෙ කොහොමද…? password එක දන්නෙ මැරුණ කෙනා විතරනෙ…. ඒකට වෙනම process එකක් ගේන්න ඕනි….

කව්රු හරි මැරුණම එයාගෙ අන්තිම කැමති පත්‍රය බලන්න ඕනි නම් ඒකට පුලුවන් එයාගෙ මරණ සහතිකය ඉදිරිපත් කරන්න…. එතකොට එයාගෙ මරණය confirm කරලා account  එක unlock කරන්න පුලුවන්…..

අනික මේ වෙබ් සයිට් එකෙන් මුදලක් හොයන්න ඕනි නම්, free account හදන්න දීලා, account එක unlock කරන්න මුදලක් ගන්න පුලුවන්…. අනික එතකොට unlock කරන්නෙ තමන් නොවන හින්ද ගොඩක් අය account හදන්නත් පෙලබෙන්නත් ඉඩ තියෙනවා… 🙂

තවත් ඕනි නම් මේ සයිට් එක පේස්බුක් එකටත් ලින්ක් කරන්න පුලුවන්….. එතකොට තවත් මෝ සෝෂල් එක්ස්පීරියන්ස්…..

ඉතින් හමා ඔය අදහසත් හිතේ තියාගෙන සීතලේ හොඳට පොරවගෙන නිදාගෙන උදේ පාන්දරම නැගිට්ට ගමන් අන්තර්ජාලෙ බැලුවා කව්රු හරි එහෙම එකක් හදල ද කියලා…. තාම නම් හමා ට එහෙම හදපු එකක් හම්බ උනේ නම් නෑ…..

ඉතින් හමා ට මේක බ්ලොග් එකට දාන්න හිතුනා…. කාට හරි මේක කියවලා, හිතෙනවනම් කරලා බලන්නෙ නැතැයි….. තව තව අදහස් තියෙනවනම් කියන්න…..

4 Responses to අන්තිම කැමති පත්‍රය

  1. අදහස හොදයි.හැබැයි කොහොමද අපි ඉදිරිපත් කරන මරණ සහතිකේ තහවුරු කර ගන්නේ මොකෝ එක එක රටවල් වල මරන සහතිකේ කරන විදිය වෙනස්. එක ෆොර්මැට් එකක් නැ.
    අනික තමා අන්තිම කැමති ප්‍රත්‍රය ඒ පුද්ගලයා ඉන්න රටේ නීතිය අනුව ලියාපදිංචි කරන්න ඔනේ / නොකරන්න ඔනේ නේද ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න