EngX බැලීමට ගියෙමි. (part – I)

මේ දවස්වල වැඩකුත් නැති එකේ මමයි මගෙ යාලුවෙකුයි පේරාදෙනිය සරසවියේ ඉංජිනේරු අංශය ඉදිරිපත් කරන EngX ප්‍රදර්ශනය බලන්න යන්න තීරනය කලා… ප්‍රදර්ශනය විවෘත කරපු 19 වෙනිදම අපි කොළඹ – ගම්පොල බස් එකකින් Engineering Faculty එක ගාවට එනකොට දවල් 12ට විතර ඇති, එහෙන්මම ඇවිත් හිටිය මහ සෙනග කන්දරාවට එකතු උනු අපි දෙන්නත් කොනක ඉදල බලන්න පටන්ගත්ත. මීට කලින් ඉස්කෝලෙන් 13 වසරෙදි අපිව motivate  කරන්න කියල Engineering Faculty එක පෙන්නන්න එක්කන් ඇවිල්ල තිබ්බ නිසා වැඩේ ලේසි උනා 🙂

කොනේම තියන Electric Eng Dept. එකෙන් අපන් අරගෙන හවස 6 වෙද්දි අපි යාන්තන් අංශ 3ක් විතරයි බලල ඉවර කරගන්න පුලුවන් උනේ.අපිට කන්නවත් වෙලාවක් හම්බ වුනේ නෑ 😦  කොටින්න කිව්වොත් දවල්ට කෑවෙ නෑ. කොහොමින් හරි බිම් කලුවර වැටෙන වෙලාවෙ අපි Eng. Faculty එකෙන් එලියට  ඇවිල්ල ආයෙ නුවර යන බස් එකක එල්ලුනා (මොකද නුවර කියල පාරවල් දන්න එකක්යැ) අපි එදා රෑ මගෙ මාමගෙ ගෙදර තමා ඉන්න ලෑස්තිවෙලා හිටියෙ.(මොකද අපි කලින්ම දැනන් හිටිය එක දවසෙන් වැඩේ කරගන්න බෑ කියල 😉 )

 

 

රේඩාර් තරංග ගෙන කරපු ඉදිරිපත් කිරීමක්

 

 

 

බෝල අරන් යන රොබෝ

 

 

 

Eng.Faculty එකේ පරිපාලන ගොඩනැගිල්ල

 

 

 

බිම් කලුවර වැටෙන වෙලාවෙ ප්‍රදර්ශන භූමියෙන් එලියට

 

කොහොම හරි නුවරට එන කොට 7.15 pm විතර ඇති අත්දෙක වන වන යන්න බැරි නිසා අපි Food city එකෙන් මාමගෙ පොඩි උන්ට Chocolate අරන් මාමගෙ ගෙදර යන්න ලෑස්ති උනා, එතකොට තමා වැඩේ තේරුනෙ රෑට කොහොමද පාරවල් හොයන්නෙ ?? මොකද හැමදාම එන තැනක් නෙමේනෙ ආවත් දවල්නෙ රෑට ඇවිත්ම නෑ. ඔය වෙලාවෙ තමා මගෙ මොලේට නියම idea එකක් ආවෙ මේ ලගදි ඒ කියන්නෙ EngX බලන්න එන්න ඉස්සෙල්ල මමයි යාලුවයි ගිහිල්ල ඌට අලුත් ෆෝන් එකක් ගත්ත net එකේ හොයල හොයල අන්තිමේදි උගෙ හිත ගියෙ W995 එකකට මොනා උනත් පට්ට ෆෝන් එක නැති දෙයක් නෑ ඌ ගත්ත කියන්නෙ මම ගත්ත වගේ නිසා 😀 මාත් ඕකෙ තියන හැම option එකක්ම ඔබ ඔබ බැලුව හැබැයි මේක මට Google maps වලට ගිහිල්ල GPS බලන්න දුන්නෙ නෑ සල්ලි කැපෙනව කියල. අර “යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද” කියනව වගේ මේ වෙලාවට නැති GPS මොනාකරන්නද කියල ගියා Google maps ගිහින යාන්තන් පාර හොයා ගත්ත. කොහොමින් හරි විතර මාමගෙ ගෙදරට සේන්දු උනා යනකොට කට්ටිය බයවෙලා මොකද අපි පරක්කු කියල ඒ අස්සෙ ගෙදරිනුත් call කරල කොහොමින් හරි අපෙ නුවර ට්‍රිප් එකේ පලවෙනි දවස නිමා උනා. 🙂

3 thoughts on “EngX බැලීමට ගියෙමි. (part – I)

  1. Pingback: EngX බැලීමට ගියෙමි (part – II) « මගෙ ඩයරිය…. :)

Leave a comment