“නදී ගංගා තරණයේ” පසුබිම

මම මීට කලින් මගේ බ්ලොග් අඩවියේ ගීත කීපයක් ගෙන පෝස්ට් දාල තියෙනව අද ඉන් එකක් ගෙන පොඩි update එකක් දෙන්න හිතුව. 🙂

එක ගීතයක් තමා මම වඩාත් ආස කරන නදී ගංගා තරණයේ කියන ගීතය මේක මුලින්ම ගායනා කලේ චිත්‍රාල් සෝමපාල කියන ලංකාවෙන් බිහිවුන විශිෂ්ඨම rock ගායකය පස්සෙ මේ ගීතය “නදීක කරුනාරත්න” විසිනුත් “ඉරාජ්” විසිනුත් ප්‍රති නිර්මාණය කරනව. ඒ නිර්මාණ ගෙන ගොඩක් අය විවිධ මත පළ කලත් මම කතා කරන්න යන්නෙ ඒ ගෙනනන් නෙමෙයි. නදී ගංගා තරණයේ කියන ගීතයට මුල් උන ඉංග්‍රීසි ගීතය ගෙන. 🙂 😀

Many Rivers To Cross

මෙහි මුල්ම ගායකයා හා තනුවේ නිර්මාපකයා වෙන්නෙ ලෝ ප්‍රකට ජැමැයිකානු සංගීතඥයකු වන Jimmy Cliff විසින් මොහු මෙය මුලින්ම නිර්මානය කලේ 1969 වසරේදීයි (නැවත චිත්‍රපටයක් සදහා 1972 වසරේදී ප්‍රති නිර්මාණය කරනව) ඒ වගේම තවත් දෙයක් තමා මුල් ගීතය Rock ශෛලයේ ගීතයක් නොවේ අය Reggae ශෛලයටයි අයත් වෙන්නෙ.

මම මුලින්ම කිවුවනෙ මේක මුලින්ම නිර්මානය කලේ Jimmy Cliff විසින් කියල, දන්නවද මේක නිකුත් කරපු වසරේ ඉදල අද වෙනකන් ඒ කියන්නෙ 2010 වෙනකන් ලෝකෙ විවිද ගායකයන් හා කණ්ඩායම් විසින් මේකෙ cover versions කීයක් නිකුත් කරල තියනවද කියල …? මෙතෙන්ට ගිහිල්ල ගැනලම බලන්න………. 😛

49ක් :0  හැබැයි සිංහල version එක නැතුව  . මේක ලෝකයේ මෙතෙක් නිර්මාණය උන හොදම ගීත 500 [link] අතරෙ  #317 වෙනි තැන හිමි කරගෙන තියනව.පහල තියෙන්නෙ මුල් ගීතයේ හා වැඩියෙන්ම ජනප්‍රිය උන cover version දෙකක වීඩියෝවන් බලන්න එකම ගීතය ශෛලීන් තුනකින් ඇති අපූරුව.

මුල්ම ගීතය Jimmy Cliff

UB40 කණ්ඩායම විසින් 1983 නිකුත් කල ගීතය (UK chart – #16)

 

Cher විසින් 1993 නිකුත් කල ගීතය (UK chart – #37)

 

 

නදී ගංගා තරණයේ හා Many rivers to cross (by Kushal on TNL Rocks)


6 thoughts on ““නදී ගංගා තරණයේ” පසුබිම

Leave a comment