I made this widget at MyFlashFetish.com.

Saturday, November 13, 2010

පරණ සිoදු...

අපේ අයට කරදරයක්,දුකක් උනාම පන්සල මතක් වෙනව වගේ,මමත් මේ දවස් වල කලකිරීමෙන් ඉන්න නිසා වෙන්න ඇති, විරහ ගීත පැත්තට හිත යනවා වැඩී..
ඒ නිසා තාත්තගෙන් අහගෙන පරණ ගායක ගායිකාවන්ගෙ නම්, You tube එක පැත්තෙ ගිහින් ඒවා හොයාගෙන එකින් එක ඇහුවා..
පුදුමයි කියන්නෙ, මට මතක තියෙන කාලෙක අපේ තාත්තා සිoදු ඇහුවෙ නෑ, මොකද දැන් තියෙන සිoදු වලට තාත්තා පොඩ්ඩක්වත් ආස නැති නිසා. ඒත් පරණ ගීතවල වාදනය ඇහෙද්දිම තාත්තා ගායකයගෙ නම කියනවා..ඉතිo බලන්න ඒ කන් ඒ ගායනයට කොච්චර හුරු වෙලාද කියලා..?
 ඉස්සරම තාත්තා ලoකාවෙන් ගෙනාපු පරණ පුස් කාපු කැසට් වගයක් ලාච්චුවක තිබිල මම හොයාගත්තා.ගුණදාස කපුගේ, මාලිනී බුලත්සිoහ,
නන්දා මලිනී, කරුණාරත්න දිවුල්ගනේ වැනි ගොඩාක්  දක්ෂ ගායක ගායිකාවන්ගේ ගීත ඇතුලත් කැසට් විතරක් නෙමෙයි, මයිකල් ජැක්සන්ගෙ කැසට් එකකුත් හම්බුනා..
  ඒ පරණ සිoදු වලට තාත්තා කොච්චර ආසයිද කිව්වොත්, මම ඒවට උනන්දු වෙන විදිහ දැකලා ගොඩාක් සතුටින් මට උදවු කලත් එක්ක.පස්සෙ මම තාත්ත ආසම සිoදුව රේඩියෝවේ වාදනය වෙන්න සලස්වල (කරුණාරත්න දිවුල්ගනේ මහතා ගායන්නය කරන "ආදරය සුන්දර වරදකී")කාමරේට ආවා.
 පරණ සිoදු වලින් මගෙ හිතට ගොඩාක් දැනුනු , වැදුනු සිoදුව තමයි අපේ අම්මා අදටත් ආසම ගායකයා සුනිල් එදිරිස්oහ මහතා ගායනය කරන "හදේ කොතැනක හෝ" ගීතය.මොකද මට කියාගන්න බැරි හිතේ හිරවෙලා තියෙන සමහර හැඟීම් හරි අපූරුවට ගැබ් වෙලා තියෙනව විතරක් නෙමෙයි.. නියම අර්ථයක්, තාලයක්,වාදනයක් ගීතයක තිබිය යුතු හැම අoගයක්ම හරියටම ඇතුල් කරලා ඒ ගීතය නිර්මාණය වෙලා තියෙන නිසා.(අද සමහර සිoදු වල තියෙන්නෙ සද්දෙ විතරයිනේ)  මම එක දිගට ඒකම 6 වතාවක් විතර ඇහුවා කට පාඩම් වෙනකම්ම.

 "දැන් උඩ  පැන පැන, කෑ ගහ ගහ කියන සිoදු වගේද,ඉස්සර ගියපු සිoදු කොච්චර හිත නිවනවද..?" අපේ තාත්තා කියන කතාව එක අතකින් ඇත්ත තමයි.ඒත් අලුත් සිoදුත් හොඳයි මටනම්... ;)
    ඉතිo මම හිතුව සිද්ධිය මගෙ යාළුවන්ටත් කියන්න.ඔයාලා මේ සිoදුව අහල ඇති.තේරුම හදවතේ තියාගෙන හොඳින් අහල බලන්න. ඔයාලටත් තේරේවි  තේරුම කොච්චර ඇත්තද, ගීතය කොච්චර ලස්සනද කියලා.

      හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්
      බලා අවසර සොයා කල් දැල් වෙලා හස රැහැනින්
      පෙලයි මා...
      මුදා සුව දැහැනින්

      සයුර ඉමලත් ක්ෂිතිජ රේඛාවේ
      මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
      තලා මා සිත පලා ගිය ඔබ
      දවයි මා........ හද,
      තනිවෙනා මොහොතේ...

      උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
      සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
      ඉනූ කඳුලද සිඳෙන්නට පෙර
      යදින්නම්........ ඔබ
      මැකී යනු මතකෙන්....

                 "Old is gold"  කියන්නෙ නිකන් නෙමෙයිනේ....





.

3 comments:

  1. පොඩි කාලෙ අපේ ගෙදර අහන්නෙම සුනිල්, එඩ්වඩ්, අමරදෙව, කපුගේ, නන්දා මාලනි වගේ අයගෙ සින්දු තමා. අද කාලෙ සින්දු වගේ නෙමේ, ඒව හැමදාම පවතිනව

    ReplyDelete