හැමදාම හවසට….
“මම්ලකා” කුලුණ පාමුල..
කුලී රථ වලට අත වනමි…
නවාතැනට යාගත නොහී….

නැවතූ සැනින් කුලී රිය….
අසමි දන්නා සියලු බස් වලින්….
මා නවාතැන් පෙදෙස.. ඔවුන් දනීදැයි…
ඇත්මුන් හිස වනා…ඔව් කියති…
ඇතමුන් දමා යයි…
මා කියනා දේ නොතේරී……

හිස වැනූ ..කෙනෙකු රථයට…
ගොඩ වැදි වහා….
ඔහු අසයි……ඉන්දියා……?
මම කියමි…ශ්රිඉ ලන්කා….
ඔහු කියයි……ආ………..සිරි ලන්කා…..

නිහඩයි..ඉන් පසු මොහොතක්….
ඇසේ රිය සක ලිස්සා යන හඩ….
මීටරය…කැරකෙයි….වියලි හුලගට…..
නොදනිමි ඔහු මා…කොහේ ගෙනයාදො…..

දූවිලි ගැසුනු මහා මන් පසුකර….
දමමින් තවත් කුලී රථ වලට වෙට්ටු…..
රිය යයි ඇදී..බොහො..වේගෙන්…..

නිහඩ බව බිදිමි මම….
ඔබ කොයි රටේද…..?
ඉන්දියා…පකිස්තාන්…..බන්ගලිදේෂ්…….යේමන්…..
ඔවුන් සැම ඇත…සුක්කානම පිටුපස…..
ඇතමෙක් සිනාසී…..තනිවම දොඩයි……
‍යූ……මාලින්ගා….කන්ට්රී……………..

සිනාසෙමි මම සෙමෙන්……
පලමු වර හමුව…..පලමුවර වෙන්ව යති……
නැවත කවදාහො…. හමු නොවන බව දැන දැන…..
නමුත් ලෙන්ගතු කමින් හිනැහී……..රියලක් දෙකක්..අඩුවෙනුත් අරගෙන…..

බැස ගනිමි මම… “අල් බුකාරිය” ලගින් ..හනිකට………!!

*”මම්ලකා” කුලුණ – The Kingdom Tower, A major land mark in Riyadh, Saudi Arabia
* “අල් බුකාරිය” – A famous Pakistani restaurant in Riyadh.

Comments
  1. Jerry says:

    අති විශිෂ්ටයි !!!

  2. Dilla says:

    Awsome……….

  3. Deran says:

    Patta machan!!!

  4. Ranga says:

    Niyamai malaya.. Uba welenna epaa
    nitharama liyapan..kohomahari…

    kohe giyath uba lankaa puthra… Ubata jaya..

    • Gayan Sri Garusinghe says:

      බොහොම ඉස්තුති රන්ග අයියා !!! නිර්මාන ලොව්දි හැමදාම හමු වෙමු !!

  5. උපරිමයි…

Leave a comment