බුදු දහම රැකගැනීම අනවශ්‍යයි !!!



දිලූප කියන්නේ මේ මෛත්‍රීය අංකල්ගේ ගෝලයෙක්. එයා ඉතාමත් වැදගත් ප්‍රකාශයක් කරලා තියෙනවා. ඔය උඩ තියෙන්නෙ ඒක. ඒ ගැන සාතන්™ කෙනෙක් මෙහෙම කියල තිබුනා.

===============================================
මේ බලන්න දිලූප කියල තියන දේ. {{Coz there is nothing to protect}} ඒ කියන්නේ බුදු දහම ආරක්ෂා කරගන්න ඕනෑ නෑ කියන එකනේ. ඉතින් දිලූප ගේ කතාවේ හරය තමයි අපි බුදු දහම ආරක්ශා කරගන්න ඕනෑ නෑ, එය ඉබේම රැකේවි, අපි විතරක් බුදු දහමෙන් ආරක්ශා වුනාම ඇති කියන එක.


සිරිවර්ධන සහ තිස්ස වැනි බුදු දහම විනාශ කිරීමට කැස කවන ක්‍රිස්තියානි කුමන්ත්‍රණ කරුවන්ටනම් බුදු දහම ආරක්ශා කරගැනීමට කවුරුවත් නොසිටීම ඉතාමත් වැදගත්. මොකද එතකොට එයාලට බුද්ධ ධර්මය අධර්මය කිරීමට ලේසියි. ඒත් බුදු දහම නිර්මල වූ එකම ධර්මය වූ පලියට එය තනියම රැකෙන්නේ නෑ.


අප පණ දෙවැනි කොට බුදු දහම රැක ගත යුතුයි. අතීතයේ සිටි භික්ශූන් වහන්සේලා, රජවරු සහ අපගේ මුතුන් මිත්තන් තම දිවි පරදුවට තබා බුදු දහම රැක ගත් නිසා තමයි අපිට තාමත් මේ නිර්මල බුදු දහම ඉතිරිව ඇත්තේ. නැත්නම්, අතීතයේ බුදු දහම ප්‍රචලිතව පැවති ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, දකුණු ඉන්දියාව, මැලේසියාව, ඉන්දුනීසියාව, නේපාලය වගේ රටවල බුදු දහම වියැකිලා ගිහිල්ලා, මනුශ්‍ය ඝාතන තුලින් බෞද්ධයින්ව පළවා හරිමින් සහ මරා දමමින් ප්‍රචලිත කරන ලද ඉස්ලාම් ආගම ප්‍රචලිත වුනා වගේ ශ්‍රී ලංකාවෙත් බුදු දහම නැත්තටම නැති වෙලා යාවි. මුස්ලීම් අන්තවාදීන්ට අමතරව තිස්ස වැනි ක්‍රිස්තියානි මූලධර්මවාදීන් අද කැස කවන්නේ බුදු දහම විකෘති කරමින් සහ මහායානය හා ථේරවාදය පටලවමින් බෞද්ධයින් ආනාථ කිරීමට.


බුදු දහමේම තියෙන සමහර දේවල් උළුප්පා දමමින් මේ අය කියන්නේ අපි බුදු දහම රැක ගන්න ඕනෑ නෑ කියන එකය. එයට හේතුව වර්තමානයේදී තිබෙන නීති හා රාජ්‍ය රැකවරණය නිසා බෞද්ධයින් සමූලඝාතනය කර බුදු දහම විනාශ කිරීමට නොහැකි බව මේ අන්තවාදීන්ට වැටහීමත් ඒ වෙනුවට බුදු දහම විකෘති කර, විස සමග මිශ්‍ර කර බොන්න දෙන ඖෂධයකින් පුද්ගලයෙක්ව මරා දමන්නා ලෙස, බුදු දහම ගැඹුරට ඉගෙන නොගත් බෞද්ධ ජනතාවටද ධර්මය ගැන වැරදි මත ලබා දී ඔවුන්ව මතවාදීව අතරමං කර ඔවුන්ව බුදු දහමෙන් ඈත් කිරීමට මේ අයට සුදුසු පරිසරය ලබා ගැනීමටය. මා කලින් කී පරිදි බුදු දහම රැක ගැනීමට හෝ ඒ ගැන වාද කිරීමට කවුරුවත් නැත්නම් මේ මූලධර්මවාදීන්ගේ කටයුතු ඉතාමත් පහසු වනු ඇත. ලඟදී රජයට සම්බන්ධ අන්‍යාගමිකයින් විසින් බුදු දහමට විශේෂ ස්ථානයක් ලබා නොදෙන්න යැයි ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටියේද මේ කුමන්ත්‍රනයේම ප්‍රතිඵලයක් වශයෙනි. අකාලික ධර්මයකට රාජ්‍ය රැකවරණය අනවශ්‍ය යැයි ද මේ අය කියනු ඇත.


දිලූපගේ තර්කය අනුව දුටුගැමුණු රජතුමා බුද්ධ සාසනය රැක ගැනීම සඳහා දමිළ ආක්‍රමණිකයින් සංහාරය නොකෙරුවද බුදු දහම ලංකාවේ රැකේවි. අශෝක රජතුමා දෙවන ධර්ම සංගායනාව නොකර බුදු දහම ප්‍රචලිත නොකළත් බුදු දහම රැකේවි. අපගේ සිංහල රජ දරුවන් රට රැක ගනීමට සතුරන් සමග යුද්ධ කරපු එක මෝඩ කමකි. පානදුරා වාදය, නිදහස් අරගල, ධර්මපාල තුමාගේ ජාතික ව්‍යාපාරය... මේවා පිස්සු විකාර වැඩ විය යුතුය. මන්ද යත් මේවායින් බුදු දහම රැක ගැනීම අනවශ්‍ය වී තිබුන නිසාය.


සිංහල බෞද්ධ දේශප්‍රේමීනි, බුදු දහම විකෘති කරන සිරිවර්ධන කල්ලිය වැනි ද්‍රෝහීන්ට විරුද්ධව තරුණ ඔබ මේ කරනා අරගලය මතු යම් දිනෙක නිර්මල බුදු දහම රැක ගැනීමට යම් පමණකින් හෝ දායක වේවි. බුදු දහම රැක දීම පිණිස අපි දෙන පින්, අපගේ මුතුන් මිත්තන්ට ලැබෙන්නේ කෙසේද, එලෙසම අනාගතයේදී මේ සිරිලක බිහිවෙන බෞද්ධයින් බුදු දහම රැක දීම පිණිස දෙන පින්ද බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස එක මොහොතක් හෝ කැප කළ අයටද ලැබේවි. එහි පුණ්‍ය ශක්තිය මතු දිනෙක නිර්වානාවබෝධය ලැබීම පිණිස හේතු වාසනා වේවා...
===============================================

ඉතින් මල්ලිලා, ඔය කතා පිළිගන්න එපා. අපේ වැඩේ අපි දිගටම කරගෙන යමු. මේ මෛත්‍රිය අංකල් සහ බුද්ද™තිස්ස රහතන්වහන්සේ මහත්තයා සහ ගෝල බාලයෝ ටික ධර්ම පහුර™ අත හැරීමට මේ කරන්නේ දර්මය™ අදර්මය™ කිරීමයි. ඔයාලත් මේ බුද්ද™ දර්මය™ අදර්මය™ කරන්න. කාලය™ ගැන නැති දේ ඇති ලෙස කියන්න. ඇති දේ නැති කරලම දාන්න.

මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්