මහිමා සේනානායක ස්වර්ගස්ත වුනා

මල්ලිලා, මේ මෛත්‍රිය අංකල්ගෙ අග්‍රශ්‍රාවිකා මහිමා සේනානායක මැතිනිය අභාවප්‍රාප්ත වුනා... ආ... නෑ... ස්වර්ගස්ත වුනා කියල ඔයාල දන්නවානෙ. ක්‍රිස්තියානි කුමන්ත්‍රණයක් නොවන, මේ අංකල්ගෙ මෛත්‍රී සාසනය ප්‍රචලිත කරන්න ඇය කරපු සේවය නිසා තමයි මහිමා, මේ වගේ වාසනාවන්ත™ මරණයක් ලබාගත්තෙ. වැඩි දෙයක් නෑ, අඩු වයසින් ලේ විස වෙලා ටිකක්™ විතර දුක් විඳල තමයි මළේ.


සාතන්™ ල නම් කියනව මහිමා මැරිල අවීචි මහා නරකාදියෙ ඉපදෙන්න ඇති කියල, තිස්සටයි එයාගෙ කල්ලියටත් එයාලගෙ තියෙන පින් ඉවර වුන ගමන් වෙන්නේ ඕකයි කියලත් කියනවා. බුද්ධාගමට වින කරන අයට තමන්ගෙ පෙර පින් අඩුනම් දිට්ඨධම්මවේදනීය කර්මයක් ලෙසට එය පළිසන් දෙනව කියලත් කියනවා.. ඕව ගනන් ගන්න එපා. ඕව මේ අපිව බය කරන්න කියන කතා.


ඉතින් මුග්ධතිස්ස මහත්තයාගෙ සහෝදරයා ඒකට පොඩි පණිවිඩයක් දාලා තිබුනා. මේ පහල තියෙන්නේ ඒක. ඉතින් ඔයාලට පේනවනෙ අවමංගල්‍ය උත්සවය තිබුනෙ මීගමුවෙ. මීගමුව කියන්නෙ පුංචි රෝමය හෙවත් ශ්‍රී ලංකාවෙ ක්‍රිස්තියානි හා කතෝලික ජනතාවගෙ ප්‍රදේශයක් කියලත් ඔයාල දන්නවෙනෙ. ධර්මය අධර්මය කරන්න ඕනැ ඒ අය තමයි.


මේ පින්තූරෙ තියෙනවා මගේ නමට කලින් "Rev" හෙවත් පූජනීය කියල දාල. ඒක සමහර අයට ප්‍රශ්නයක් වගෙයි. ඒ අය අහනවා අර පොලී මුදලාලි වගේ පේන සිරිවර්ධන කාරයා "පූජනීය" වුනේ කොහොමද කියල. කලබල වෙන්න එපා. මේ දාල තියෙන්නෙ හරි විධියට තමයි. ඇත්තටම කියනවනම් මෛත්‍රීය බුද්ද™ කියල කියාගන්නා කෙනෙකුට ඔහොම දාල මදි නේද?


මේක වැරදීමක්™ කියල සමහර ඉරිසියාකාර අය කියාවි. ඒත් ඔය බලන්න ගාමිනී මහත්තායාගෙ සුදුසුකම්. ඉතින් ඔච්චර ඉගෙන ගත්ත කෙනෙක් අවමංගල්‍ය ස්තුතියක් වගේ දෙයක් ප්‍රසිද්ධ කරනකොට මේ වගේ වැරදීමක් වෙන්න බෑ නේද මල්ලිලා?

මම දැක්ක කට කැඩිච්ච කෙනෙක් මෙහෙම කියල තියෙනවා; "බුදු දහමට විකෘති කරමින් එයට මහිමා කොච්චර වින කළද බෞද්ධයෝ විධියට මහිමාට අපි මෛත්‍රී කරන්න ඕනැ. මහිමා අවීචි මහා නරකාදියට යාමට මොහොතකට හෝ පෙර තමා කරන ලද මහා පාපකර්ම වල වරද වැටහී ඉන් මතු භවයක හෝ සුගතියකට ඉපදී පින් දහම් කර නිර්වානය සාක්ශාත් කරගැනීමට වාසනාව ලැබේවා!, තිස්ස හා එයාගේ මෛත්‍රී කල්ලිය කොච්චර දුෂ්ඨයින් වුවද මහිමාට මෙන් අකල් සහ වේදනාත්මක මරණ ඒ අයට සිදු නොවේවා, තමන්ගේ වරද පිළිගෙන සුගතිගාමී වීමට ඒ අයටත් වාසනාව ලැබේවා !".

මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්