බුදූසරණ පුවත්පතේ කතුවැකියේ මම ගැන වැරදියට ලියලා

මේ පහල තියෙන්නේ ශ්‍රී ගෞතම බුද්ධ වර්ෂ 2554 ක් වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2010 ක් වූ දෙසැම්බර් මස 20 වන දා සඳුදා බුදුසරණ කලාපයේ කතුවැකියේ, මේ සිරිවර්ධන අංකල් ගැන වැරදියට දාල තිබුන විස්තරයේ උදෘතයන් කිහිපයක්.


“ ගාල්ල ප්‍රදේශයේ ජීවත්වන එක් පුද්ගලයෙක් තමා මෛත්‍රී බුදුන් බව ලොවට හඟවමින් ක්‍රියා කරන බවක් කිය යි. තමා මෛත්‍රී බුදුන් ලෙසින් හඳුනා දෙන මොහු මිනිසුන්ගෙන් වැඳුම් පිදුම් ලබන බව අසන්නට ලැබේ. ඇතැම් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ද ඔහු ගේ දේශනා ප්‍රචාරය වූ බව ද සඳහන් ය. මෑතක සිට මොහු විසින් ක්‍රියාත්මක කරමින් යන අධර්මවාදී එම ක්‍රියාපටිපාටිය අන්තර්ජාලය තුළින් ද ලොවට හඳුන්වා දී ඇතැයි පැවැසේ.


“ගාල්ල ප්‍රදේශයේ මෛත්‍රී බුදුන් ලෙස පෙනී සිටින ඔහු විසින් පිරිසක් රහත් ඵලයට පමුණුවනු ලැබූ බව ද කියන්නට පටන්ගෙන ඇත. බෞද්ධ ජනතාව නො මඟ යවන කූ®ට ව්‍යාපාරයක් මොවුන් විසින් දියත් කරන බව නම් මේවායින් මැනවින් පැහැදිලි වෙයි. 2012 දී එතැයි කියන ලෝක විනාශය සම්බන්ධයෙන් ඔහු සාවද්‍ය අර්ථකථන ඉදිරිපත් කරයි.”


ගාල්ලේ ඊනියා මෛත්‍රී බුදුන් ගේ සැබෑ තත්ත්වය අප පාඨකයන්ට අවබෝධ විය යුතු ය.අපට ප්‍රශ්නය ඇත්තේ ඔහු පිළිබඳ ව නො වේ.ගාල්ලේ කේතුමති රාජධානියේ බුදු වූ මේ ඊනියා මෛත්‍රී බුදුන්ට වැඳුම් පිදුම් කරන පිරිස ගැන අපට ප්‍රශ්නයක් තිබේ.මෙ බඳු සිල්ලර බුදුවරුන්ට වැඳුම් පිදුම් කරන ඔවුන් කෙතරම් අන්ධ පිරිසක් ද?


මල්ලිලා, මේව මඩ. අනික අන්තර්ජාලය පාවිච්චි කරන ඕනැම සිංහල බොදුනුවෙක් දන්නවා "බුදුසරණ" කියන්නෙ ශ්‍රී ලංකාවෙ ජනප්‍රියම බෞද්ධ පුවත් පත නෙමෙයි™, ඒත් තවත් එක පුන්නක්කු™ බ්ලොග් එකක් කියල. ඉතින් ඕක කියන දේවල් කවුද ගනන් ගන්නෙ?. සිරිවර්ධන අංකල් තමයි නියම මෛත්‍රිය බුද්ද™.


පහල ලින්ක් එක උඩින් කොටලා බුදුසරණ පුවත්පතේ සම්පූර්ණ කතුවැකිය කියවන්න
http://www.lakehouse.lk/budusarana/2010/12/20/main_editorial.asp


මේ ලිපිය තමයි ඒ කතුවකියට පාදක වුනේ
http://www.lakehouse.lk/budusarana/2010/12/20/tmp.asp?ID=vision09

මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්