Thoughts of Me මගේ සිතුවිලි

Random thoughts from a nonrandom Mind | අසම්භාවි සිතක සසම්භාවී සිතුවිලි

හැරී පොටර්ගේ දිනපොත

with 25 comments

“නිස්කාරණේ මොන කෙහෙල්මලකට තමන්ව තමන්ගේ තාත්තත් එක්ක සංසන්දනය කරනවද මන්දා තමන්ගේ අගය තේරෙන්නේ නැති මෝඩයා”

අපැහැදිලි කුරුටු අකුරු වලින් පිරිච්ච හැරී පොටර්ගේ දිනපොතේ පලවෙනි පිටුවේ පලවෙනි පේලිය ඩ්‍රැකෝ කියවන්න ගත්තේ ඇස් වලට කඳුලු පිරී එන අතරේම.

“මම එයාට ආදරෙයි. ඒත් මට ඒක කියන්න විදියක් නෑ. හේතුව අපි දන්න කාලේ ඉඳලම හතුරෝ නිසා. අද උනත් එකට අවුරර් සහකාරයෝ හැටියට වැඩ කලත් ඒකේ වෙනසක් නෑ. අනේ මට ආපහු අතීතයට ගිහින් එදා ඩ්‍රැකෝ අත දික්කරපු වෙලේ ඒක පිලිගන්න පුලුවන්නම්.”

කුරුටු අකුරු දිගේ හිමිහිට ඇඟිලි තුඩු ගෙනියන ගමන් ඩ්‍රැකෝගේ හිත අතීතයේ ඒ අවාසනාවන්ත දවසට ඇදිලා ගියා. එදා ඩ්‍රැකෝ හැග්රිඩ්ට අපහාස කලේ නැත්නම්, වීස්ලිත් එක්ක රණ්ඩුවක් ඇදල ගත්තේ නැත්නම් හැරී තමන්ගේ අත පිලිගන්න තිබ්බ බව ඩ්‍රැකෝ කල්පනා කලා.

“එයා මං දිහා බලා ඉන්න හැම වෙලාවෙම මට හුස්ම ගන්න පවා අමතක වෙනවා. ඒ හැම වෙලාවෙම මට හිතෙනව ගිහින් එයාව තදින් බදාගන්න. මට ඕනෙ එයාව ඉඹින්න, එයාට කියන්න එයා වෙනුවෙන් ලෝකේ කෙලවරටම උනත් යන්න මම ලෑස්තියි කියල. මම හොග්වර්ට්ස් කාලේ එයාට වෛර කරපු බව ඇත්ත. ඉතින් මොකද ?”

ඩ්‍රැකෝට කෑගහන්න ඕන උනා එයාටත් හැරී වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන් කියල. ඒත් හැරී එහා පැත්තේ කාමරේ ඉන්න බවත්, එහෙම කලොත් දිනපොත හොරෙන් ගත්තු බව අහුවෙන බවත් ඩ්‍රැකෝට මතක් උනා.

“මම එයාට ගොඩක් ආදරෙයි. ඒ මදිද ?”

ඇති. හොඳටම ඇති. ඩ්‍රැකෝට හයියෙන් කෑගහලා අඞන්න ඕන උනා. ඒත් කිසිම සද්දයක් පිටනොකර හිටියේ එහෙම කලොත් එහා කාමරේ ඉඳන් හැරී මුමුණන සින්දුවට බාධා වෙන නිසා.

“යුද්ධේ ඉවර වෙලා අවුරුදු හතරක් ගතවුනා. ඒත් ඇයි තාමත් මිනිස්සු එයාට නිදහසේ ජීවත් වෙන්න දෙන්නෙ නැත්තේ ? මුන් ඔක්කොම එයා සියදිවි නසාගන්නකන් කරදර කරාවි. පත්තර කාරයන්ටත් ඊට වඩා හොඳ ආරංචියක් නැති වෙයි. ‘මැල්ෆෝයි පරපුරේ අන්තිමයා සියදිවි නසා ගනියි.’ පත්තරේ එහෙම යයි. “

ඩ්‍රැකෝ එලියට පනින්න ආපු ඉකිබිඳුම අමාරුවෙන් නවත්ත ගත්තත් කඳුලු නවත්තගන්න බැරි උනා. ඩ්‍රැකෝ අද ඉස්කෝලේ යන කාලේ හිටපු රදල තාත්තාගේ පුතා නෙමේ. යුද්ධය ගොඩක් දේවල් වෙනස් කලා.

“මම ඩ්‍රැකෝ මැල්ෆෝයිට ආදරෙයි. එච්චරයි. මගේ හැඟීම් වලට බලපෑම් කරන්න කාටවත් අයිතියක් නෑ. මම කොහෙවත් යන සක්කිලින්ට, පාහර පත්තරකාරයන්ට, ස්කීටර් වගේ ගණිකාවන්ට ඉඩ දෙන්නෙ නෑ එයාට තව දුරටත් කරදර කරන්න. එයා මගේ. ඒක ගලේ කොටපු දෙයක් වගේ ස්ථිරයි. එයා වෙනුවෙන් නැති මගේ මැජික් යශ්ඨිය වෙන මොනාටද ?”

ඩ්‍රැකෝගේ ඇඟිලි වෙව්ලන්න ගත්තා. ඇහේ කඳුලු නිසා හරියට පේන්නෙ නැතුව ගියා.

“ඕන කෙනෙක් ඕන ඕපදූපයක් පතුරපුවාවේ. ඒ එකෙක්ටවත් අපිව වෙන් කරන්න බෑ. මම මගේ උපරිමයෙන් එයාව ආරක්ෂා කරනවා. ඩ්‍රැකෝ මැල්ෆෝයිටත් අයිතියක් තියෙනවා සතුටු වෙන්න. ඇයි හැම කෙනාම ඒ අයිතියට හරස් වෙන්නෙ ?”

“මට එහා පැත්තේ කියුබිකල් එකේ ඉන්න එයාගේ හුස්ම ගන්න සද්දේ තරම් මාව සන්සුන් කරන්න පුලුවන් වෙන සද්දයක් නෑ. එයා කරදරේක නම් මොකක් හරි ප්‍රශ්නයක් නම් මම දැන ගන්නේ එතකොට එයාගේ හුස්ම ගන්න සද්දේ නෑහෙන තරමට අඩුවෙන නිසා. “

“මට ඇහෙනවා අනිත් අය එයාට අපහාස වෙන්න කියන කතා, ඇනුම්පද. ඒ ඔක්කොම මරල දාන්න පුලුවන්නම් ඒ වෙනුවෙන් ඇස්කබාන් හිරගෙදරට යන්න උනත් මම ලෑස්තියි.”

“සමහර වෙලාවට ඒ කිසිම දෙයක් ගනන් ගන්නෙ නෑ වගේ ඉන්න හදන එයාගේ උත්සාහය කඩන් වැටෙනවා මම දැකල තියෙනවා. එයා එහෙම දකිනවා තරම් දුකක් මට තවත් නෑ. ඉස්කෝලේ යන කාලේ ඩ්‍රැකෝ කියන්නේ කාටවත් අල්ලන්නවත් බැරි කෙනෙක්. එයාට සංසන්දනය කරන්න කිසිම කෙනෙක් නෑ. එයා අඩු පාඩුවක් නැති අපූරු මිනිහෙක්. එයාට පාඩුවේ ඉන්න දීපන් කියල මුලු ලෝකෙටම කෑගහල කියන්න ඕනේ මට. අවුරුදු කීපක් තිස්සේ එයා දුක් වින්දා හොඳටම ඇති. අවංක හිනාවක් එයාගේ මූනේ මම මෙච්චර කාලෙකට කවදාවත්ම දැකල නෑ.”

ඒ වෙලාවේ ඩ්‍රැකෝ කඳුලු අතරින් හිනා වුනා.

“ඩ්‍රැකෝ කොච්චර යටහත් පහත් කෙනෙක්ද කියල මට තේරෙන්නේ දැනුයි. මම තරමටම වොල්ඩ්මාට්ට වෛර කලත් අන්තිමට එයාට උනේ අඳුරු සලකුණ අතේ කොටා ගන්න; ඩම්බල්ඩෝර් දිහාවට යෂ්ඨිය දික් කරන්න. මට ඕනේ එයා මාව විශ්වාස කරන්න. එයාගේ පැත්තට කවුරු නැතත් මම ඉන්න බව, එයාට උදව් කරන බව එයාට ඒත්තු ගන්වන්න. එයා ඒක දැන ගත්තොත් එයාට ඒක ලොකු දෙයක් වෙයි. මම හිතන්නෙ.”

දිනපොතේ තිබ්බ එකම සටහන් එච්චරයි. HJP කියල යටින් අත්සන් කරල තිබ්බා.

ඩ්‍රැකෝ පොත වහල කතාවක් නැතුව කවරේ දිහා ඇහිපිය නොගහ බලාගෙන හිටියා. තමන් දිහා කවුරු හරි බලන් ඉන්නවා කියල දැනුනු නිසා ඩ්‍රැකෝ ඔලුව උස්සල බැලුවම දැක්කා අවුල් වෙච්ච කලු කෙස්, දිලිසෙන කොලපාට ඇස්, රවුම් කන්නාඩි එක්ක හැරී තමන් දිහා බලාගෙන ඉන්නවා. හැරීගේ මූණ රතු වෙලා.

“මැල්ෆෝයි, බැරිවෙලාවත් මගේ ජර්නල් එක දැක්කද ? රිදී පාට පොඩි එකක් ?”

ඩ්‍රැකෝගේ ඇස් කඳුලු වලින් පිරෙන්න ගියේ තත්පරයකටත් අඩු කාලයක්. හැරී මේක දැක්කා.

“මැල්ෆෝයි මොකද උනේ ? ඇයි අඞන්නේ ?”

හැරී ඩ්‍රැකෝ ලඟට හිමින් ආවා. ඩ්‍රැකෝ හැරීගේ දිනපොත උස්සලා පෙන්නුවා. හැරී ගල් ගැහිලා බලන් හිටියා. දිනපොත ආපහු මේසෙන් තියපු ඩ්‍රැකෝ නැගිටලා හැරී ගාවට ගියා. හිමින් සීරුවේ හැරීගේ වටේ අත්දෙක යවලා හැරී ලඟට ඇදල ගත්තු ඩැකෝ හැරීගෙත් තමන්ගෙත් දෙතොල් අතර තිබ්බ අඟල් කීපයක දුර නැති කලා. හැරීගේ පුදුමයෙන් ගල්ගැහිලා හිටියේ තත්පර කීපයක් විතරයි. හැරී ඩ්‍රැකෝගේ ඉන වටේ අත් යවලා තව ඩ්‍රැකෝව තමන්ගේ ඇඟට හිර කර ගත්තා.

අහල පහල හැමදෙනාම වැඩ නවත්තලා ඇස්, කටවල් ඇරගෙන බලාගෙන ඉන්නවා. කැමරා විදුලි එලි එකදිගට වදිනවා. ඒත් හැරීවත් ඩ්‍රැකෝවත් ඒ එකක්වත් ගානකටවත් ගත්තේ නෑ. දිනපොතේ ලියල තිබුන විදියටම කිසි කෙනෙක්ට, කිසි දෙයකට බෑ දැන් එයාලව වෙන් කරන්න.

 

inspired by a story i read on fan fiction.net

Written by Sayuru Gajasinghe

December 31, 2010 at 10:22 am

Posted in Sinhala

25 Responses

Subscribe to comments with RSS.

  1. පිස්සු හැදෙයි…. “හැරී පෝටර්+ඩ්‍රැකෝ මැල්ෆෝයි”
    මල කෙලියයි….

    MaRlaN

    December 31, 2010 at 12:27 pm

    • @Marlan
      නරකද ඉතින් වෙනසකටත් එක්ක ?

      Sayuru Gajasinghe

      December 31, 2010 at 1:11 pm

      • අනේ නෑ…. මං දැනං හිටියෙ නෑනෙ මෙහෙම දෙයක්… දන්නවනම් බලන්නෙත් නෑ… හික්ස්…. 😀
        බැරි වෙලාවත් ඕක රෝලින් ඇන්ටි එහෙම දන්නවනම් ලගට ගෙන්නගෙන ටොක්කක් අනියි….

        MaRlaN

        December 31, 2010 at 2:09 pm

      • මේ පිස්සු කරන්න එපා. ඇන්ටිට එහෙම කියනව නෙමේ

        Sayuru Gajasinghe

        December 31, 2010 at 4:17 pm

      • 😀
        මං නොකියා ඉන්න බලන්නම්කෝ….

        MaRlaN

        December 31, 2010 at 4:28 pm

  2. මෙහෙම දේවල් නොලියුවුන එක නිසා තමයි මේවා “මල කෙලි” වෙන්නේ. මෙහෙම දේවලුත් වෙන්න පුළුවන්

    Denny

    December 31, 2010 at 2:15 pm

  3. OMG! I luv it. Wonder what old Dumbledore would say to all this? I feel like going and re-reading and watching all the Potter films within this context 🙂

    AselaK

    December 31, 2010 at 4:04 pm

  4. Cool Nice
    wating for something like this
    Thank you

    myviththi

    December 31, 2010 at 8:01 pm

    • thanks myviththi !

      Sayuru Gajasinghe

      December 31, 2010 at 8:03 pm

      • you are welcome bro

        ක්ෂිතිජ විජේමාන්න | විත්ති

        January 1, 2011 at 3:12 pm

  5. උං ඉපදුනේ එංගලන්තෙ නිසා හොඳා. නැත්තං දෙන්නටම එකපාරක Avada Kedavra එකක් එන්න තිබ්බා!

    budhajeewa

    January 1, 2011 at 9:01 pm

  6. “Fanfiction.net
    මේකත් ඒ එක කතාවකින් inspired වෙච්ච එකක් තමා.

    ඊයේ දවසම මමත් ඕකේ තමා ඉන්නේ


Leave a comment