Wednesday, January 5, 2011

ඔබේ පළාතේ ලංකානෙට් ලිනක්ස් බෙදාහරින්න ඔබ කැමතිද?

LankaNet.Org Linux 3 ලබාගෙන ඇති ඔබ එහි ඇති ප්‍රයෝජනය සහ වටිනාකම අවබෝධ කරගෙන ඇතැයි මම සිතමි. දැන් ඔබට මෙය ප්‍රචලිත කිරීමට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්. ඔබ දන්නවා මෙය අවශ්‍ය පිරිස් තවත් ඇති බව. ලංකාවේ FOSS ප්‍රචලිත කිරීමට ඔබත් දායක වේ යැයි අප අපේක්ෂා කරන්නෙමු.  ඒ අයට මෙහි පිටපත් ලබා දීමට ඔබ කැමතිනම් එය අපිට දැනුම් දෙන්න. ඔබට කරන්න තියෙන්නේ මෙපමණයි,

1. ඔබට DVD writer එකක් තිබිය යුතුයි.
2. ඔබගේ දුරකථන අංකය
3. ඔබගේ ලිපිනය
4. එම ලිපිනයේ ඔබ සිටින වේලාවන් අපට දැනුම් දෙන්න.


අප එම තොරතුරු අන් අයගේ දැනගැනීම සඳහා ලංකානෙට් වෙබ් අඩවියේ  පළ කරනවා.

පිටපතක් අවශ්‍ය අය ඔබ හමුවීමට අලුත් DVD එකක් අරගෙන එනවා. ඔබට කරන්න තියෙන්නේ එයට ලංකානෙට් ලිනක්ස් පිටපත් කර ලබා දීමයි.
මෙයට දායක වීමට කැමතිනම් ඉහත තොරතුරු සමග info @ lankanet . org එකට Email එකක් එවන්න.

ඔබට ස්තූතියි!

10 comments:

Anonymous said...

ubalata pisuda ban?athin kite wedane

Anonymous said...

Bux add ekak click karanawa oita hondai.. :D

Madhawa Habarakada said...

හොඳ වැඩක්. මටත් හෙල්ප් එකක් දෙන්න තිබ්බ නම්, ඒත් ඉතින් නෑ නෙ DVD Writer එකක්. :(
සුභ පතනවා.
සුභ නව වසරකටත් ආසිරි!!!

Anonymous said...

නැ

Anonymous said...

ane ban Madhawa boru nokia kelinma be kiyahan.den kale DVD writer1k nethi PC or laptop1k hoyaganath thiyeida

-HacKrisH- said...

වින්ඩොව්ස් සෙවන් වියාප්ත කරමු...


100%ක් ජෙනුයින් වින්ඩොස් සෙවන් ඔබට නොමිලේ සැපයිමට මා සූදානම්... අවශය කෙනෙක් වෙතොත් හැක්ක්‍රිෂ් අමතන්න.

http://www.hackrish.tk

Unknown said...

@Anonymous 1

නෑ මේක කාටවත් අතින් කයිට් වෙන දෙයක් නෙවෙයි.

@Anonymous

ඒක හරි!

@Madhawa

කමක් නෑ. ඔබට ස්තූතියි! සුභ නව වසරක් වේවා!!

@Anonymous 4

එහෙම DVD writers නැති අය ඕන තරම් ලංකාවේ ඉන්නවා. මම හිතන්නේ ඔබ ලංකාවේ උපන් කෙනෙක් නෙවෙයි?

Unknown said...

@-HacKrisH- | හැක්ක්‍රිෂ්

මම හිතන්නේ ඔබේ පණීවිඩය මෙතනට ගැලපෙන්නේ නෑ කියලයි.

-HacKrisH- said...

විහිලුවක් මචො කරේ... උබලා කරන්නෙ එල වැඩක්. ඒත් මම ලිනක්ස් වලට ආස නැහැ බන්... ඒකයි අවුල... ඒදා ඉදන් පුරුදු වින්ඩොව්ස් තමා අපිට ඉතින්...:ඩී

Anonymous said...

putha athi kite nethan kohenda oyata money parents denawada?ohoma kalakani weda karana epa putha