සිරිසේනලාගේ එකමුතුව

Posted: February 11, 2011 in Uncategorized
සිරිසේනට අපූරු දෙයක් මතක් වෙලාය. සෞඛ්‍ය අමාත්‍යංශයේ දෙපාර්තමේන්තු වල කණ්ඩායම් හැඟීමක් නැති බවය ඒ. අදහස හොඳය. අදහස හොඳ නිසාම ඒක දැක්කහම අපටත් යම් යම් අදහස් එන්නේය.
අපේ රට රැකගන්නට, ගොඩගන්නට, සංවර්ධනය කරන්නට ආදී වශයෙන් අමාත්‍යංශ ගණනාවක් ඇත. මේ අමාත්‍යංශ වලත් අමාත්‍යංශ අතරත් කණ්ඩායම් හැඟීමක් නැත. තිබුණානම් මෙහෙම වෙන්නේ නැත.
අප මෙම බ්ලොග් අඩවියේ පෙරත් ලියා තිබූ පරිදි ස්වාභාවික විපත් නිසා දිස්ත්‍රික්ක 17ක ජනතාව විපතට පත්ව ඇත. මෙරට අමාත්‍යංශ අතර කණ්ඩායම් හැඟීමක් එහෙම නැත්තං ඒකාබද්ධතාවක් ඇත්දැයි මෙහිදී සොයාබැලිය හැක.
මෙම ආපදා තත්වය හමුවේ ආපදා කළමනාකරණ අමාත්‍යංශය, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය, සමාජ සුභසාධන අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, මහා මාර්ග අමාත්‍යංශය, ආහාර හා සමූපකාර අමාත්‍යංශය, වාරිමාර්ග අමාත්‍යංශය, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය වැනි අමාත්‍යංශ ගණනාවකට එක්ව කටයුතු කිරීමෙන් වඩාත් වේගවත්ව මේ වෙනුවෙන් පිළියම් යෙදීමට හැකියාව ඇති බව අපගේ හැඟීමයි.
එහෙත් අවාසනාවකට මෙන් ඒකාබද්ධ වැඩපිළිවෙළක් යොදනවා තබා තම තමන්ට අදාළ කොටසවත් ඉටු කිරීමට මේ කිසිවකුට වැඩපිළිවෙළක්වත්, අවශ්‍යතාවයක්වත්, ඒ සඳහා වන දැක්මක්වත්, දැනුමක්වත් ඇති බවක් නම් පෙනෙන්නට නැත.

Leave a comment