වීරයන්ට ඇබෑර්තු

Posted: February 28, 2011 in Uncategorized
ඊයේ ලෝක කුසලාන ක්‍රිකට් තරගය නරඹමින් සිටියෙමි. හදිසියේම මගේ ඇස් උඩ යන ආකාරයේ වෙළඳ දැන්වීමක් ප්‍රචාරය විය. වසර 2500ක් තිස්සේ භක්ත්‍යාදරයෙන් රැකගත් බෞද්ධ උරුමයට කෙළවන්නම හැදූ ඇඩ් එකක් වාගේය. හැබැයි මේ වෙළඳ දැන්වීම මෙරට නාලිකාවක නම් ප්‍රචාරය කිරීමට කොහෙත්ම ඉඩක් නැත. අපේ රජයේ හා පෞද්ගලික නාලිකා ඒ තරං සිරාය. මම ඊයේ තරගය නරඹමින් සිටයේ ඉන්දියානු නාලිකාවකිනි.
ඉහත කී දැන්වීම නිර්මාණය කොට තිබුණේ හීරෝ හොන්ඩා ආයතනය වෙනුවෙනි. ඒ දැන්වීමට අනුව හිමාලය කන්ද විකට්ටුවට අරගෙන මුහද හතරේ සීමාවට අරගෙන ක්‍රිකට් ගහන්න තරං ඉන්දියාවේ ක්‍රිකට් බරපතළය. ඇත්තටම ඒකෙන් අපට වැඩකුත් නැත. වැඩේ තියෙන්නේ එකම එක රූප රාමුවකය. හිමාලය පසුබිමින් පෙනෙන, සුදු හිමෙන් වැසුණු කඳු මුදුනක සිට තමන් වෙත එන පන්දුවකට වැරෙන් පහරක් එල්ල කරන්නේ වයස අවුරුදු දහයක දොළහක පමණ හාමුදුරු නමකි.
“අඩෝ…. තොපි ක්‍රිකට් බැරිනං ඕන බම්බුවක් ගහගත්තට අපිට කමක් නෑ යකෝ. අපි හතර පෝයටම සිල් රකින උපාසක අම්මලාගෙන් උපාසක බාප්පලාගෙන් පිරුණු ජාතියක් හරි…. ‍අපි පන්සිල් රකින බෞද්ධයො. තොපි අපේ ආගමට අත තියන්න ආවොත් කැවුතු කනවා යකෝ. තොපි එකා එකා බාවනවා දැනගනියව්.”
ගේම ඉල්ලන්නට නිමිත්තක් පහළ වෙලාය. දැන් වීරයෙකුට වේකන්සියක් ඇති වී ඇත. මේ චාන්ස් එක ගන්නේ කව්දැයි අපි බලා සිටිමු. එදා අනගාරික ධර්මපාල “සිංහලයිනි නැගිටිව්. බුද්ධගයාව බේරාගනිව්” කියලා, අධිරාජ්‍යවාදයට එරෙහිව නැගෙමින් ආ බලවේගය වෙනත් පාරක හරවා යැව්වා සේ අද ද වෙනත් කාරණා වලට එරෙහිව නැගෙන විරෝධය තාවකාලිකව ගොලෑවේ යවා හීන කර දමන්නට මේ අවස්ථාව ප්‍රයෝජනයට ගතහැක.
වීරවංශ අමති තුමනි, මෙරට හීරෝ හොන්ඩා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් කොට දවසින් පණ අදින්නට පටන් ගෙන මේ කුමන්ත්‍රණකරුවන්ට පාඩමක් උගන්වනු මැනවි. එවිට මහරජතුමාටද මේ සීන් එකට හොට දාන්නට අවස්ථාව සැලසේ. එතුමාට අවශ්‍යයැයි හිතුනොත් මේ පිළිබඳ කටයුතු කරන්නට කොමිටි කිහිපයක් හා පොලිස් කණඩායම් කිහිපයක් ද පත් කළ හැකිය. තවත් ගැඹුරට යන්නේනම් මේ පරීක්ෂණ අධීක්ෂණය කරන්නට ආධුනික මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකු පත් කොට ඔවුන්ට කෝටි දෙක තුනේ පොඩිපහේ ජීප් ගෙන්වා දෙන්නැයි ද අපි ඉල්ලා සිටිමු.එවිට මේ පරීක්ෂණ කඩිනම් හා විධිමත් වනවා ඇත.
රතන සාදුටයි චම්පිකටයි අපි කියා සිටින්නේ ධර්ම සංඝායනාවක් පවත්වා මේ වෙළඳ දැන්වීමට පෙනී සිටි දුසිල් මහණාව වහාම උපැවිදි කරන්නැයි ඉන්දියාවට බල කරන ලෙසයි. ඒ වගේම ඒ සංඝායනාව ඉන්දියාවේ පමණක් පවත්වනවානම් හොඳ බව ද අපි මතක් කරන්නෙමු. නැත්තං කාගේ කාගේ සිවුරු ගැලවේදැයි අපට වගකිව නොහැකි බැවිනි.
කුමන්ත්‍රණකාර ඉන්දියාවෙන් බුද්ධාගම බේරා දෙන ලෙස ඉල්ලා ගාමිණි ආනන්දගේ අම්මාට (කාලි අම්මාට) කන්නලව් කොට පොල් ගැසීමේ ව්‍යාපෘතියක් දියත් කරන්නැයි අපි ඊ ඒ පී සෝමා අම්මාගෙන් ඉල්ලා සිටිමු.
පරණ ඉන්දියානු විරෝධයෙන් ඔද වැඩී, හීරෝ හොන්ඩා මෝටර් සයිකල් ඇතුළු ඉන්දියානු නිෂ්පාදන වර්ජනය කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින ලෙස අපි සෝමවංශ අයියාට කියමු. මේ මගින් ලැජ්ජාව පසෙක තබා පංචායුධ සමග එකම වේදිකාවට නැග මේ සියල්ල රට ජාතිය වෙනුවෙනැයි බෙරිහන් දෙන්නට ද අවස්ථාවක් උදා වනු ඇත.
සජිත් ප්‍රෙමදාසට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හිමි වී තිබුණානම් මෙවැන්නක් සිදු වෙන්නට ඔහු කෙසේවත් ඉඩ නොතබන බැවින් ඉන්දියාවෙන් බුද්ධාගම බේරාගැනීම පිණිස සජිත් ට නායකත්වය දී ගෙදර යන්නැයි රනිල් ට බල කරන ලෙස අපි දයාසිරි අයියාගෙන් සහ රෝසි අක්කාගෙන ඉල්ලා සිටිමු.
අපි ක්‍රිකට් පාලක මණ්ඩලයට යෝජනා කරන්නේ, ඉන්දියාවට එහෙම කරන්න හොඳනම් අපි මෙහෙම කළාම මොකදැයි කියා තහනම් වූ ලහිරුගේ ක්‍රිකට් ගීතය නැවත ප්‍රචාරය කරන ලෙසය.
මේ කුමන්ත්‍රණයට සම්බන්ධයැයි සැක හිතෙන සියලු ධිවරයින් අත් අඩංගුවට ගන්නා සලස අපි නාවුක හමුදාවට මතක් කර සිටිමු. විදේශ අමාත්‍යංශය වශයෙන් අපි මේ ගැන තදින් ක්‍රියා කරන බවට ප්‍රකාශයක් කරන්නැයි අපි ජී එල්ගෙන්ද ඉල්ලා සිටිමු.
අපේ ජනතාවට අප මතක් කර සිටින්නේ අවශ්‍ය වුවහොත් ඉන්දියානු තානාපති කාර්යාලය වටලන්නට සූදානමින් සිටින ලෙසයි.
Comments
  1. gamlath says:

    Fattaaaa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  2. පද්දා says:

    ලියන එකා පුක දෙන්නෙ කාටදයි පහැදිලියි

    • උඹ පුක දෙන එකාටනං නෙමෙයි.
      මොකද උඹ‍ට වඩා මම ආදරෙයි.

    • උඹ පුක දෙන එකාටනං නෙමෙයි
      මොකද මම උඹට වඩා රටට ආදරෙයි

      • ජයශ්‍රී says:

        To rassigeadaviya: වෙන්න බෑ මිත්‍රයා.රටට පොඩි හරි ආදරයක් තියෙන කෙනෙක් අතින් මේවගේ post එකක් කෙහොමවත් ලියවෙන්න විදියක් නෑ.බොරු කියන්න එපා!

        • රටට පොඩ්ඩක් හරි ආදරේ නිසා තමයි වැරැද්ද වැරැද්ද හැටියට පෙන්නලා දෙන්න උත්සහ කරන්නේ.

          • ජයශ්‍රී says:

            To rassigeadaviya: ඔබ මේ ලිපියේ රචකයා බව මෙහොතකට අමතක කර මේ ලිපිය මුල සිට නැවත කියවා බලන්න.

            සාමණේර නමක් ක්‍රිකට් ගැසීම ධර්ම-විනය දෙකට එකග ද නැද්ද යන්න මම නොදනිමි.
            නමුත්, අන්‍යාගමික පූජකවරයකු ක්‍රිකට් ගැසීමේ රූප රාමුවක් ඔබට කිසිදිනක හෝ රූප වාහිනියෙන් දක්කට ලැබේයිද?-ඊට එරෙහි වන්නන් (සිතන් මවාගන) උපහාසයට ලක් කරමින් කිසිවකු හෝ blog post ලියනු ඇද්ද?

            • ජය ශ්‍රී,
              සාමණේර හිමි නමක් ක්‍රිකට් ගසනවා පෙන්නීම වරදක් නොවේයැයි කියන්නට මම කෙසේවත් උත්සහ දරා නැත. මම මේ ලිපිය තුළ හුවා දක්වා ඇත්තේ හිතකර හෝ අහිතකර ඔනෑම සංසිද්ධියක් තමාගේ වාසියට පෙරළාගෙන බෙරිහන් දෙන ඇතැම් කොටස් වල ලැජ්ජාසහගත ක්‍රියාකලාපයයි. දේශප්‍රේමය, ජාත්‍යාලය සහ ආගමික භක්තිය මෝසතරකරණය වී ඇති ආකාරයයි.

  3. revenge says:

    ලියන්න දෙයක් නැත්තං ගොවිතැං බතක්වත් කරගන ඉන්න එක හොඳයි මං හිතන්නේ…

    • කියවන්න දෙයක් නැත්තං උඹත් සූජීව ප්‍රසන්නආරච්චිගේ පොතක් කියවපං

Leave a comment