Lost IN Romance

වියළි ජීවන කතරට වැටෙන ආදරයේ පිණි බිංදු

OFFICE ආදරය

Posted by lostinromance මත පෙබරවාරි 2, 2010

ඊයේ පෙරේදා මම කොල්ලුපිටියේ පොඩි අවන්හලක ඉන්නකොට මගේ පරණ මිත්‍රයෙක් තමන්ගේ බිරිඳත් එක්ක එතනට ආවා පොඩි එකෙකුත් එක්ක. ඉතින් අපි ටිකක් වෙලා ආගිය තොරතුරු කථා කලා. ඔහුගෙ බිරිඳ ගැන වත් ඔවුන් විවාහ වුන හැටිවත් මම දැන ගෙන ‍නො හිටිය හින්දා මම ඒ ගැන ඇහුවම මගේ මිත්‍රයා බිරිඳ දිහා බලලා ඇසක් ඉඟිමරලා මට කි‍ව්වෙ “දන්නැද්ද මචං. පොඩි ඔෆිස් ලව් එකක්” කියලා.

මේ ඔෆිස් එක කියන තැන බොහෝ දෙනාගේ ආදර කථා වලට බෙහෙවින්ම සම්බන්ධවන තැනක්. කී දෙනෙක් නම් තමන්ගේ ජීවන සහකාරිය තමන්ගේ ඔෆිස් එකෙන් හොයා ගෙන තියෙනව ද? නියම සබඳතා, අනියම් සබඳතා හා වෙනත් වයිවාරන්න සබඳතා මේ ඔෆිස් එක ආශ්‍රිතව ගොඩ නැගෙනවා. එක අතකින් ඒකෙ පුදුම වෙන්න දේකුත් නෑ. මොකද නාගරික කාර්යාලීය ජීවිත ගත කරන අයගේ ජීවිතයෙන් වැඩි කාලයක් ගෙවී යන්නේ ඔෆිස් එක තුල නිසා. ඉතින් වැඩිපුර කාලයක් ඉන්න තැන සබඳතාවක් ඇති වීමට තියෙන ඉඩ කඩ උපරිමයි.

ලිංගිකත්වය මත පදනම් වූ සබඳතා දැන් දැන් ඔෆිස් තුල සුලබ වුනත් ආදර සබඳතා නැත්නම් සත්‍ය ප්‍රේම කථා වලත් අඩුවක් දකින්නට නෑ. කෙනෙක් නිතර නිතර දකිත් දී කථා කරත් දී ඒ කෙනා ගැන අපේ හිතේ ඇල්මක් ඇති වෙන්න තියෙන ඉඩ වැඩියි. වයිවාරන්න විලාසිතා වලින් සැරසිලා මේ කාර්ය බහුල ව්‍යාපාරික අවකාශයට ඇතුළුවෙන ‍ඔබේ හදවතේ ආදරය ගැන හිතන්න තියෙන වෙලාව අවම වුනත් ලද නිමේශයකදී ඒ කුඩා ඉඩකඩට හෙමින් හෙමින් ඇතුළු වෙන්න ඒ පරිසරයෙ ඉන්න කෙනෙක් සමත් වෙන්නෙ ඔබටත් නොදැනිමයි. වෙන විදියකින් කියනවා නම් ඔබේ හිතේ ඇඳිලා තියෙන සිහින දෙව් දුව කථා කරන විදියට කථා කරන, ඇවිදින විදියට ඇවිදින, හිනා වෙන විදියට හිනා වෙන කෙනා එතන ඉන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබගේ හිතේ තියෙන රූපයට ඔබ මේ නිතර නිතර දකින කෙනාගේ ඉරියව් කෙමෙන් කෙමන් ඇතුළුවෙලා අවසානයේ ඇය ඒ තැන අයිති කර ගන්නවා.

පස්සෙ කොච්චර සීරියස් වුනත් ඔෆිස් ලව් එක කියන්නේ මාර විනෝදකාමී වැඩක් තමයි. මුලින් මුලින් අනිත් අයට නොදැනෙන්න ආදරය කරන වෙලාවෙදි මේක උපරිමයි. ඇසින් ඉඟි බිඟි පාද්දි, රොමෑන්ටික් දෙයක් ලියපු කඩදාසියක් හෙමිහිට පාස් කරන කරලා ප්‍රතිචාරය බලන් ඉන්නකොට, හොරෙන් මුහුණ දිහා බලන් ඉඳිද්දි දෑසට දෑස හමු වෙනකොට තියෙන චමත්කාරය කියලා වැඩක් නෑ. මම අර කලින් පෝස්ට් එකක කිව්වා වගේ කට්ටිය එහා මෙහා වෙන කම් ඉඳලා කිලි පොලා යන කිස් එකක් වගේ දෙන්න තියෙනවනම් මාරයි.

කොහොම හරි මෙහෙම හොරෙන් හොරෙන් ලව් කරලා අන්තිමට අපි අනිත් අයට කියමු කියලා තීරණය කරලා ළඟම ‍කෙනෙකුට පොඩ්ඩක් කියලා බලනවා. අනේ එතකොට තමයි දන්නේ එයා විතරක් නෙවෙයි ඔෆිස් එකේ ඔක්කොම ඒ වෙනකොට සීන් එක දන්නවා කියලා. 🙂

ඔෆිස් එ‍කක ඇතිවන ලිංගිකත්වය පදනම් වුන සම්බන්ධතා ගැන කථා කරනවා නම් ඉතින් දැන් තියෙන පරිසරයත් එක්ක තමන්ගේ හැඟීම් පාලනය කරගෙන ඉන්න එක කොච්චර ද අමාරුද කියලා මගේ මිතුරෙක් ළඟදි කිව්ව කියමනකින් පැහැදිලි වෙනවා. එයා කියනවා “මේවා දකිනකොට කොහොම ඉන්නද මචං. අපිත් ගස් ගල් ද?” කියලා. ඇත්ත තමයි. දකින දකින අත සෙක්ස් ඇපීල් තියෙද්දී බවුන් වඩන්න ඉතින් කවුරුවත් රහත් වෙලා නෑනේ. අනික ආතතිය වැඩි පරිසරයක සේවය කරන කොට ආතතිය දිය කරලා හරින්නත් ක්‍රමයක් තියෙන්න එපායැ. හැබැයි ඉතින් ඔෆිස් එක ඇතුලේ ලිංගික සබඳතා පවත්වන්න නම් හැම තැනම බෑ. හැබැයි මං දන්න තරමින් නම් බොහෝ තැන් වල කොහොම කොහොම හරි ඒවා සිදුවෙනවා. මේ ළඟදි අපිත් එක්ක හිටපු හාදයෙක් ජාත්‍යාන්තර බැංකුවක කොළඹ ප්‍රධාන කාර්යාලය පෙන්නලා කිව්ව කථාවක් මට මතක් වුනා. එයා ඒ ඔෆිස් එකේ ක්ලීනින් එකක් සුපර්වයිස් කලාලු. ක්ලීන් කරපු කට්ටිය බිල්ඩින් එකේ බිත්ති අතර තිබුනු කුඩා ස්පේස් එකකින් කසළත් එක්ක එළියට අරගත්තු කොන්ඩම් ගොඩ දැකලා එයා පුදුම වුනාලු. මිනිහා අතින් දාලා කිව්ව ද කියල නම් මම දන්නේ නෑ.

ඒවා මේවා කෙසේ වෙතත් ඔබ කාර්යාලයක වැඩ කරන කෙනෙක් නම් ඔබේ ආදරය ඔබ අසලටම පැමිණ තිබෙන්නට ඇති අවස්ථාව වැඩි බව මතක තියා ගන්න.

One Response to “OFFICE ආදරය”

  1. ආදරය වගේම ලිංගික ආරාධනාත් අපි අවට ඕනෑ තරම් තියෙනවා. ඒවා බොහෝ විට සැබෑ ආදර හෝ ලිංගික ආකර්ෂණයන් හෝ හැඟීම් මත පදනම් වුනු ඒවාම වෙන්නෙත් නැහැ. බොහෝ විට වර්තමානයේ කාර්යාලයක් තුළ ආදර සබඳතාවයක් හෝ ලිංගික සබඳතාවයක් “පාවිච්චි කිරීමක්” බවට පත් වෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. ඒවායේ මානුෂීය අවශ්‍යතාවයක ස්වරූපය වෙනුවට දකින්න ලැබෙන්නේ වාණිජ ස්වරූපයක්, නැත්නම් ඔබ සඳහන් කළ ආකාරයේ “යාන්ත්‍රික” ක්‍රියාවලියක්.

    කොහොම වුනත් ලස්සන පැත්ත බැලුවොත්, කාර්යාල පරිසරයක් තුල ඇතිවෙන ආදර සබඳතාවයක් හෝ වේවා ලිංගික සබඳතාවයක් හෝ වේවා, ගොඩනැඟෙන කාලය සුන්දරයි තමයි. 🙂

    ~ හිපියා

ප්‍රතිචාරයක් ලබාදෙන්න