සන්ඩේ ලීඩර් පුවත්පතේ පලවූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් කෝපයට පත් පිරිසක් මේ වන විට ලීඩර් ප්‍රකාශණ කාර්යාලය අවට විරෝධතා පෝස්ටර් අලවා ඇති බවට ලංකා පෝස්ටර් වෙත වාර්තා වේ.
මේ දැක්වෙන්නේ එම පෝස්ටර් සහ කටවුට්ය.
කෙසේ නමුත් මෙම විරෝධතාවයට අමාත්‍ය මර්වින් සිල්වා ඇතුලු රජයේ ප්‍රභල මංත්‍රීවරැන් රැසක් සම්බන්ධ බවත් ඒ පිළිබදව අද උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමික් බවත් ලංකා ටෘත් වෙබ් අඩවිය සදහන් කරයි.
වැඩිදුරටත් ලංකා ටෘත් සදහන් කරන්නේ මෙසේයි. ”ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ විසින් විදෙස් රටකින් ලැබුණු ආධාර මුදලක් අයුතු ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් සන්ඩේ ලීඩර් පුවත්පතේ පසුගියදා පළවූ පුවතට එරෙහිව අද පස්වරුවේ උද්ඝෝෂණයක් සංවිධානය කර ඇති බව වාර්තාවේ.
වාර්තාවන ආකාරයට අමාත්‍ය මර්වින් සිල්වා විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කරන අතර මේවන විට සන්ඩේ ලීඩර් ආයතනය ඉදිරිපිට විරෝධතා බැනර් සහ පෝස්ටර් ප්‍රදර්ශණය කර ඇති බව අප වාර්තාකරු පවසයි.
ජනාධිපතිවරයා විසින් ඇමරිකානු ඩොලර් මිලියන 12ක් සහ නාමල් රාජපක්ෂ මහතා විසින් ඇමරිකානු ඩොලර් 500000ක මුදලක් මෙලෙස අයුතු ලෙස පරිහරණය කර ඇති බව එම පුවතෙන් සන්ඩේ ලීඩර් පුවත්පත හෙළිදරව් කර තිබිණි.”
පහතින් දැක්වෙන්නේ අමාත්‍ය මර්වින් සිල්වාගේ මාධ්‍ය දඩයම්වල පැටිකිරියයි..