Tuesday, September 1, 2009

මාලිගා තැන්න රජමහ විහාරය....

කොහොමද කස්ටිය....හුග කාලෙකින්.

මම මේ කියන්න යන්නේ ගම්පහ ප්‍රෙදේශයේ තියෙන ආරන්‍ය සේනාසනයක් ගැන.

මාලිගා තැන්න රජ මහා විහාරය කියන්නේ ඉතාම නිසන්සල සුන්දර ස්ථානයක තියෙන දැකුම්කළු පන්සලක්.
අපි මෙහි ගියේ වාර්ශිකව සිදු කරන දානමය පුණ්‍යකර්මයකට සහභාගි වෙන්න. මම මාලිගා තැන්න රජමහ විහාරයේ ඉතිහාසය ගැන පොඩ්ඩක් කියන්නම්.
හැබැයි ඉතින් අපේ සංචාරක රජතුමා, වලගම්බා රජතුමා මේ ස්ථානයේ ටික කලක් හැංගිලා ඉන්න යොදා ගත් බවට නම් සාධක තියෙනවා.(මම වලගම්බා රජතුමාට සංචාරක රජතුමා කිවුව ඒකට කස්ටිය හිතයිද දන්නෑ මම ඉතිහාසය විකෘති කරන්න හදනවා කියලා. මම එහෙම කිවුවෙ වලගම්බා රජතුමා ලංකාවෙ හැම ප්‍රදේශෙය්ම සේනා සංවිධානය කරමින් සැගවී හිටිය නිසා.) ඉතින් වලගම්බා රජතුමා රට එක් සේසත් කරලා තමන් සැගවී හිටපු ස්ථානවල වෙහෙර විහාර හැදුව නිසා එතුමන් විසින් මේ ස්ථානය කරවන්නට ඇති කියලා ඉත්හාසයේ කියවෙනවා. ඉතිහාස කතාව එහෙම වුනත්, එහි ගිය අපිට ඉතාම චමත්කාර ජනක පරිසරයක් සියැසින් දැක ග්න්න ලැබුනා. ඉතින් එහේදි ගත්ත පින්තූර කීපයක් දැක ගන්න පුළුවන්.






















8 comments:

GNS said...

ආ...!! සිරා place එකක්.. (කෑ ගැහැවට මොකද, මමත් දෙපාරකට වඩා ගිහින් නෑ..) :D

Prabhath said...

@ගයන්න. දෙපාරක් හරි ගිහින් තියෙනවනෙ :)

Anonymous said...

ලස්සන පරිසරය එවාගෙම පන්සලත් දවසක එන්න ඔනි .

චතුරංග රූපසිංහ said...

kohomda yanne paara kiyanawada???

Prabhath said...

@චතුරංග
ඒක ලේසියි. ගම්පහ කිරිදිවැල 205 පාරෙ ගමන් කරන බස් රථයකින් ගමන් කරන විට ගම්පහ සිට (කි.මි.23ක පමණ) මිනිත්තු 45ක පමණ දුරක් ගමන් කළ තැන විහාරයට යන පාර හමුවේ. එතනින් බැස ටික දුරක් එම පාරෙ ගමන් කලාම විහාරය වෙත දිවෙන පියගැට පෙළට ලගා විය හැකියි.(බහින තැන කොන්දොස්තර තැනෙගන් අහගන්න)
වාහනයකින් යනවනම් ඉහත මාර්ගයේම ගමන්කරන විට (කි.මි.23ක පමණ පසු) ගම්පහ සිට නම් වම් පස අදාල නාම පුවරුව තිබෙන තැනින් හැරෙන්න.

Kanishka said...

ලස්සන තැනක්, හැබැයි මම තාම ගිහින් නෑ :P

චතුරංග රූපසිංහ said...

godak sthuuthiy

මිනූ said...

හරිම ශාන්ත පරිසරක්..
ගොඩාක් ස්තූතියි මේ තැන ගැන දැන්නුවට....

Post a Comment

හිතෙන දේ කොටලා යන්න...