Monday, September 7, 2009

මේ ගෙවී යන්නෙ ඉංග්‍රීස් භාෂා සහ තොරතුරු තාක්ෂණ වසරයි.


ජනාධිපති තුමා 2009 වසර ආරම්භයේදීම මේ වසරට අපූරු අර්ථකතනයක් දුන්නා. ඒ තමයි ''ඉංග්‍රීස් භාෂා සහ තොරතුරු තාක්ෂණ වසර.'' එලෙස 2009 වසර හැඳන්වීමට හෙතුව ලෙස මම දකින්නෙ ලෝකයත් සමග ඉදිරියට යාමට මෙම අංශ දෙකම එක සේ දියුණු විය යුතු නිසා.

නමුත් මේ ගෙවුන කාල පරිච්ඡේදය තුල මේ ක්ෂේත්‍ර වල සිදුවී ඇති දියුණුව සැලකිය යුතු තරම් සිදුවී නැති බව මගේ අදහසයි.

ඉංග්‍රීසි ඉගැන්වීම නම් වෙනසක් සිදුවෙලාම නැති තරම්. එදා වගේම අදත් පාසල් ඉංග්‍රීසි ඉගැන්වීම කෙරෙනවා. පෞද්ගලික ඉංග්‍රීසි පන්තිත් හැමතැනම තියෙනවා. ඒත් සිදුවී ඇති වෙනසක් නැහැ. ඒ පිළිබඳ විශේෂ වැඩසටහනක් වත් ක්‍රියාත්මක වෙනවද කියලා අපි දන්නෙ නැහැ.(දන්න කෙනෙක් ඉන්නවනම් ඒ ගැන අපිව දැනුවත් කරන සේක්වා.)

නමුත් තොරතුරු තාක්ෂණය පිළිබව සලකීමේදී තත්වය මීට වෙනස්. ඔන තරම් විශේෂ වැඩසටහන් අවුරුද්ද පුරාම ක්‍රීයාත්මක වුනා. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය මේ ගැන බැහැලම වැඩ කලා. මේ හැම උත්සවයකදීම 'ඉංග්‍රීස් භාෂා සහ තොරතුරු තාක්ෂණ වසර' කියන එක මහ ඉහලින් කතා කලා. ස්කෝලෙකට කම්පියුටරයක් දුන්නත් 'ඉංග්‍රීස් භාෂා සහ තොරතුරු තාක්ෂණ වසර' ගැන කතා කලා. හැබැයි ප්‍රෂ්නෙ ඒ හැමදේකටම පස්සෙත් තත්වය ඉස්සර වගේම පැවතීමයි.

දැන් 2009 වසර ඉවර වෙන්නත් ලඟයි. නමුත් 'ඉංග්‍රීස් භාෂා සහ තොරතුරු තාක්ෂණ' ක්ෂේත්‍රයන් ගේ සැලකිය යුතු වර්ධනයක් දකින්නට නැත්තේ මොකද කියන එකට තාම හරි හමන් උත්තරයක් නෑ.

ඒ ඔක්කොම තියෙද්දි අලුත් නීතියක් නීති පොතට එකතු වුනා. ඒ මෘදුකාංග වල හොර පිටපත් විකිණීම තහනම් කිරීම. (මම හොර බඩු විකිණීම සාධාරණීකරනය කරනවා නොවේ.) මේකෙන් උනේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තවත් කඩා වැටීම. කවුරුත් රු. 100කට කඩෙන් ගත්ත මෘදුකාංගයක් පාවිච්චි කරද්දි ඒක හොර බඩුවක් කියලා හිතුවෙ නෑනෙ. දැන් තමන්ගෙ කම්පියුටරෙ ගාන වගෙ කීප ගුනයක් ගෙවලා මෘදුකාංග ගන්නත් සිද්ධ වෙලා.

ඒකටනෙ විවෘත්ත සහ නිදහස් මෘදුකාංග තියෙන්නෙ කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒත් විවෘත්ත සහ නිදහස් වුන පලියට ඒවා හැමෝටමෝටම එක වගේ පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක ප්‍රශ්ණයක්. ඒවා පාවිච්චිකරන අයටත් තොරතුරු තාක්ෂණය ගැන යමක් කමක් දන්න අයටත් ඒවා පාවිච්චිය පහසු වුනාට වින්ඩෝස් පරිසරයටම හුරු වුන කම්පියුටර් ගැන ටිකක් විතරක් දන්න එදිනෙදා කටයුතු වලට පරිගණක යොදා ගන්න බහුතරයට සිදුවන දෙය මොනවගේද කියලත් හිතන්න ඔන. ඒක නිසා අඩු ගානෙ විවෘත්ත සහ නිදහස් මෘදුකාංග භාවිතයට ජනතාව හුරු කරන පැහැදිලි ප්‍රතිපත්තියක් වත් මේ වසර තුල නිර්මාණය වීම වෙනත් වැඩසටහන්/ව්‍යාපෘති 100ක් ක්‍රියාත්මක කරනවාට වඩා කොතරම් වටිනවාද?

ඉතින් 2009 වසර ඉවර වෙලා කාලයේ වැලි තලාවට යට වෙද්දි ඉංග්‍රීස් භාෂා සහ තොරතුරු තාක්ෂණය ගැන අනාගතයට වැඩදායක යමක් සිදු විය යුතුයි.

මේ පිළිබඳ කියවපු ඔයාගෙ අදහස් දක්වන්න අමතක කරන්න එපා.....

3 comments:

budhajeewa said...

[said]
අඩු ගානෙ විවෘත්ත සහ නිදහස් මෘදුකාංග භාවිතයට ජනතාව හුරු කරන පැහැදිලි ප්‍රතිපත්තියක් වත් මේ වසර තුල නිර්මාණය වීම වෙනත් වැඩසටහන්/ව්‍යාපෘති 100ක් ක්‍රියාත්මක කරනවාට වඩා කොතරම් වටිනවාද?
[/said]

ඒක ඇත්ත කතාව.

Kanishka said...

හම්... මේව ඉතින් ආණ්ඩුවෙ ප්‍රතිපත්ති පිළිබඳ ගැටලු.. ඒ ඒ විෂය‍ට නියම දැනුම තියෙන පුද්ගලයින් දැම්ම නම් මේ ප්‍රශ්න නෑනෙ..

මනුශාන් said...

ඇත්ත කතාව
මේක නිකම් ම නිකම් ලේබලයක් ගහපු අවුරුද්දක් විතරයි

Post a Comment

හිතෙන දේ කොටලා යන්න...