Wednesday, September 16, 2009

ඩීන්ස්ටන් චාරිකාව෴

ඔන්න කාලෙකට පසුසෙ මමත් ගියා විනෝද චාරිකාවක්.
මම මේ ගමනට සහබාගි වුනේ නම් අන්තිම මොහොතෙ. ගිය අඟහරුවාද දවල් මූණු පොතේ පිටු පෙරළන කොට කතාකරපු යාළුවෙක් කිවුවා ''අපි හෙට ට්‍රිප් එක යනවා'' කියලා. කලින් මම ගමන ගැන දැන ගෙන හිටියත් අන්තිම වෙනකම් යන්දෝ නොයන්දෝ කියලා හිතාගන්න බැරුවයි හිටියේ. මොකද එකපාරටම අවසර ගන්නත් අමාරුයි නෙ.
හවස 5ට විතර අපේ සංවිධායකතුමා කතාකරලා හෙට යන්න එන්න කියලා කියපි.

මේ ඉන්නෙ ටිකිරි. අපේ නඩේ ගුරා.

මටත් දැන් යන්නමයි හිත. ඉතින් අම්මට අදහස දාලා බොහෝම අමාරුවෙන් අවසරේ ගත්තා.(හොඳ වෙලාවට විභාගයක් එහෙම පේන තෙක් මානයක නොතිබ්බෙ.)
පහු වෙනිද උදේම කතා වුන විදිහට මමත් ගියා. හැබැයි අපි පිටත් වෙන්න හිතන් හිටියෙ උදේ 6ට. ඒත් ගමන ප්‍රමාද උනා 7 වෙනකම්. කියපු වෙලාවට පිටත් වෙන්න ඒක්කෙනෙක් අඩු නිසා.(දන්නවනෙ මෙ ගෑණු ළමයි වෙලාවකට වැඩක් කරන එකක් යැ) (:P)
කොහොම හරි උදේ 7ට විතර ගමන යන්න පිටත් උනා.

අපි යන්න හිතන් හිටියෙ මීමුරේ. හැබැයි ප්‍රමාදය නිසා ගමන වෙනස් කළා.

උදේ 11ට විතර අපි නකල්ස් තොරතුරු මධ්‍යස්ථානය ලඟ හිටියා. එතනින් තොරතුරු ඇහුවම තමයි කිවුවෙ මීමුරේ යනවට වඩා ඩීන්ස්ටන් වල ඇවිදීම වෙලාවෙ හැටියට හොඳම කාරණය බව.
ඉතින් සංවිධායක තැන මේ කාරණය ගමන් සගයින්ට දැනුවත් කරලා, මීමුරේ ගමන ඩීන්ස්ටන් විදිහට වෙනස් කළා.

ඉතින් ඩීන්සටන් චාරිකාව මෙතනින් තමයි පටන් ගන්නෙ. මුලින්ම අපි ගියේ කුඩා ලෝකාන්තය බලන්න.( මෙක හෝර්ටන් තැන්නෙ තියන ඔරිජිනල් එක නෙමෙයි. නකල්ස් වල තියෙන ඩුබ්ලිකෙට් ලෝකාන්තෙ.) (:P)






මේ තියෙන්නේ කුඩා ලෝකාන්තෙදි ගත්ත දර්ශන ටිකක්.

ඒ වෙනකොට නම් බඩගින්න හොඳටම දැනුනා. ඒ නිසාම ඒ ගමනින් පස්සෙ අයෙත් නකල්ස් තොරතුරු මධ්‍යස්ථානය වෙත ඇවිත් දවල් කෑමෙන් සන්තර්පනය උනා. ඒකට අවශ්‍ය පහසුකම් නකල්ස් තොරතුරු මධ්‍යස්ථානය මගින් සලසලා තිබුනා. කැන්ටිමක් හදලා තිබුනත් ඒක තාම විවෘත්ත කරලනම් තිබ්බෙ නෑ. නමුත් අපි ගෙනියපු කෑම ගන්න එතන පහසුකම් හොඳටම ප්‍රමාණවත්. (මේ අතරෙම මේකත් කියන්න එපැයි. අවශ්‍යනම් නවාතැන් ගන්න උනත් සංචාරක නිවස්නයක් මෙතන තියෙනවා. ඒක කලින් වෙන් කර ගත්තම දවස් කීපයක් නැවතිලා උනත් අවට නරඹන්න, සංචාරය කරන්න පුළුවන්.)


ඊට පස්සෙ අපි පිටත් උනේ ඩීන්ස්ටන් පරිසර සංචාරයට. ඒකට අපිට යන්න තිබ්බෙ දෝතළුගල රක්ෂිතය ඇතුලෙ. නකල්ස් තොරතුරු මධ්‍යස්ථානයේ ඉඳල තාර පාරෙ ටික දුරක් ගිහින් කඳවුරු බිම දක්වා දිවෙන අතුරු පාරෙන් හැරිලා කි.මී. 1.5ක් විතර ගියාම කඳවුරු බිම ට ළඟා වෙන්න පුළුවන්. (කඳවුරු බිමහිත් කලින් වෙන්කරවා ගැනීමෙන් පසු වරකට උපරිම 12දෙනෙකුට යටත්ව රාත්‍රී කඳවුරක් පැවැත් විය හැකි බවත් කියන්න ඕනේ.)


ේ කඳවුරු බිම ලඟම අනික් පැත්තෙ තියෙනවා නාන්න කියාපු තැනක්. වතුරනම් සීතලයි තමයි. ඒත් ට්‍රිප් එකක් උනාම නෑවෙ නැත්තම් වැඩක් නෑනෙ. මෙතැන හදල තියෙන්නෙම නාන්න කියල තොරතුරු මධ්‍යස්ථානයේ දී අපිට දැන ගන්න ලැබුනා. නෑම ගැන ඉතිරි හරිය නාන කොට කියන්නම්.





කඳවුරු බිමට හැරෙන තැනින් උඩට තමයි නැරඹුම් මාර්ගය තියෙන්නෙ. ඒක කැලය ඇතුලින් කන්ද ඉහලට ගිහින් අනෙක් පැත්තෙන් ආපහු ගමන පටන්ගත්ත කඳවුරු බිම ළඟින්ම ඉවර වෙන්නයි තියෙන්නෙ. කි.මී. 4.5ක් විතර කැළය ඇතුලින් ගමන් කරන්න තමයි නැරඹුම් මාර්ගය තියෙන්නෙ.




















මේ තියෙන්නෙ නැරඹුම් මාර්ගයේ දර්ශන ටිකක්. වටපිට බල බල යන්න තමයි තියෙන්නෙ. (:D)

හැබැයි ඉත්න් කූඩැල්ලා කියන්නෙ මෙහේදි සුලබව දකින්න පුළුවන් සතෙක්. මේ පායන කාලෙත් සෑහෙන කූඩැල්ලෝ ප්‍රමාණයක් දකින්න පුළුවන් වුනා.වෙන කිසිම සතෙක් දකින්න බැරි උනෙත් ඒකමයි. මොකද දකින හැම කූඩැලෙක් ගානෙම කැලෙ දෙවනත් වන්න කට්ටියම කෑගැහුවනේ.(දන්නවනෙ මොන පාර්ශවයද කියලා.) (:P)

කට්ටියම හරි හරියට කූඩැල්ලො එක්ක ඔට්ටුවුනේ මෙහෙමයි.

ඒ වගේම නිතර දකින්න තිබ්බ තවත් දෙයක් තමයි දොළ පරවල්. ඒ නිසා අමතර වතුර ගෙනයන්න නම් ඕනෙම නෑ. මේ වගේ ස්වාභාවික කඳුකර දොළකින පිරිසිදු වතුර ටිකක් නොබිවුවොත් නම් වැඩක් නෑ. හැමදාම ළිඳේ වතුරම බොන එකේ වෙනසකුත් තියෙන්න එපායැ. (:D)

ගිමන් නිවාගනිමින්....

කන්ද උඩටම ගිය ජයග්‍රාහී පිරිස...
(මෙතන මමයි තව එක්කෙනෙකුයි අඩුයි. පින්තූර ග්න්නත් කැමරා ගානටම ඉන්න එපැයි. අපිටත් ජයග්‍රහණය හිමියි, පිරිස අතර නැති උනාට.) (:D)


















තවත් අවට පරිසරයේ දසුන් පළක්...











ගිය කට්ටිය...

ගමනෙම හොඳම හරියට එනකොට 5.30ට විතර ඇති. ඒ ඉතින් පොඩ්ඩක් නා කියා ගත්ත එකනෙ. එකට සහභාගී උනෙ නම් කොල්ලෝ පස් දෙනා විතරයි. නෑවෙ නැත්තම් ට්‍රිප් එකෙන්ම වැඩක් නැති නිසා හවස පහ මාරට නකල්ස් දියපාරක සීතල ජලයේ පහස ලබන්නත් අපි වාසනාවන්ත උනා. ඊට අදාල ඡායාරූප සහ ගමනෙ දි ගත්ත තවත් ඡායාරූප පෙළක් සමග ළඟදීම තවත් සටහනක් ලියන්නම්.

මේ පිළිබඳ පාඨකයාගෙ අදහස් දක්වන්නත් අමතක කරන්න එපා......

ප.ලි. මෙහි අන්තර්ගත සියලූම ඡායාරූප කිසිවකුට මඩ ගැසීම හෝ වැරදි අර්ථකතනයන් දීමට භාවිතා නොකළ බවත් එවැනි යමක් සිදු වී ඇත්නම් සමාව අයදින බවත් කරුණිකව දැනුම් දැමි.







12 comments:

Sampath said...

Ela aaaaaaaaaaaaa...........
Sahenna mahansi wela wage kathawata.. :D
meket ara $to 2 nati una nam Article 1 meta wada lassanai :D

udith said...

හරිම ලස්සන ප්‍රදෙශයක් Google maps වලින් තැන locate කරලා image එකකුත් බ්ලොග් එකට එක් කලා නම් මරු

Sudev said...

elaz........

Kanishka said...

අපිට හොරෙන් ගියා නේ එහෙනම්... ඉඳපන්කෝ අපිත් ට්‍රිප් යනවනෙ..

Prabhath said...

@kanishka :D ai giye hortone plz apita kiuwai??

මිනූ said...

wow..........niyamai...
mata danune mama hariyata oyalath ekka trip eka giya wage .....lols...

Niyamai ...

Prabhath said...

@doly
බොහෝම ස්තූතියි.

Deeps said...

reminds me of our hortain plains tripp great work malla

Prabhath said...

@ Deeps
බොහෝම ස්තූතියි.

Unknown said...

NIyamai kollo, apooru saundarya charikawak.
I like it.

Anonymous said...

Trip එක ලස්සනයි වගෙම ඔයා ලියන විදියත් හරි Simple ...
මගෙන් සුබපැතුම්!!!!!

Prabhath said...

@ පොඩි මහත්තයා
බොහෝම ස්තූතියි.

@ මධු අක්කා
බොහෝම ස්තූතියි.

Post a Comment

හිතෙන දේ කොටලා යන්න...