රට බංකොලොත් වීම ගැන සොයන්න මන්ත්‍රී කමිටුවක්! පොලිටික්ස් LANKA ශ්‍රී ලංකාව බංකොලොත් වීමට හේතු සොයා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට ගරු කතානායකවරයා විසින් පසුගියදා ජූලි 6 වැනිදා විශේෂ තේරීම් කාරක සභාවක් (Parliamentary Special Select Committee) පත් කරනු ලැබුවා. එහි කමිටු සභාපති වශයෙන් පත් කර ඇත්තේ පොදු ජන පෙරමුණෙහි මහ ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයායි. සාගර කාරියවසම් මන්ත්රීවරයාඒකට විපක්ෂයේ මන්ත්‍රීන් කීවේ කතානායකවරයා කරන්න හදන්නේ හොරාගේ අම්මාගෙන් පේන අහනවා වාගේ වැඩක් කියලයි. ඒ අය ...
TRC පනත ලෝක රැවටිල්ලක්! මානවහිමිකම් කොමිසම කියයි පොලිටික්ස් LANKA “සත්‍ය සෙවීමේ කොමිසමක් හෝ ඒ හා සමාන ප්රතිසන්ධාන යාන්ත්‍රණයක් සඳහා වන සැලසුම් ප්‍රකාශයට පත් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම අවශ්‍යයි. වගවීම සහතික කිරීමට අපොහොසත් වූ වෙන වෙන අරමුණු සඳහා ඇටවූ කොමිෂන් සභා පසු ගිය කාලයේ ශ්‍රී ලංකාවේ හතු පිපෙන්නාක් මෙන් බිහි විය,” යනුවෙන් ශ්‍රී ලංකාවේ ප්රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ යෝජනාවක් පිළිබඳ වාචික යාවත්කාලීනය ඉදිරිපත් කරමින් මානව හිමිකම් ...
නව දූෂණ විරෝධී පනත: ඔබ මේවා ගැන දන්නවාද? පොලිටික්ස් LANKA නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. එය සංශෝධන සහිතව අනිද්දා (2023ජූලි 19 වැනිදා) කාරක සභා අවස්ථා විවාදයේදී සම්මත කර ගැනීමට නියමිතයි. මෙය අතීතයට බලපාන පරිදි ගෙන ආයුතු බවට සහ මෙටරටින් පිට කරන ලද සොරකම් කරන ලද ධනය යළි මෙරටට රැගෙන ඒමට හැකි පරිදි සංශෝධන ගෙන ආයුතු බවට විපක්ෂය අධාරණය කරනවා. දුෂණය පිටු දැකීම ...
මෙන්න සේවක අර්ථසාධකේ කොල්ල කන හැටි! පොලිටික්ස් LANKA දේපළ අයිතිකරුගේ කනෙන් රිංගා හොරුන් සමග එකතු වූ අර්ථසාධකේ භාරකරු...! අයිතිකරුගෙන් කොල්ලකන මුදල පොඩි නෑ, රුපියල් බිලියන 3,271.93 ක්..! හඬක් නැති ලක්ෂ 24 ක් වූ මිනිසුන් ඔවුන්ගේ විශ්‍රාම අරමුදල (EPF) හොඳින් ආරක්ෂා කර දෙන ලෙස මහ බැංකු අධිපති ප්රමුඛ මුදල් මණ්ඩලයට පවරා දී තිබුනේ වැඩි හොඳට ය. එහෙත් දැන් එය හරියට වක්කඩේ හකුරු හැංගුවා හා සමාන ය. විශ්‍රාම අරමුදල (EPF) ...
රම්සි රසීක්ගේ මානව හිමිකම් උල්ලංඝනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පොලිටික්ස් LANKA කොවිඩ් වසංගතය පැවති සමයේ මුස්ලිම් සමාජයට එල්ල වූ චෝදනා සහ අවලාද පරාජය කිරීම සඳහා මතවාදී යුද්ධයකට එළැඹෙන ලෙස තැබූ ෆේස්බුක් සටහනක් හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත [ICCPR] යටතේ මාස පහකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් ඉස්ලාමීය සමාජ ක්‍රියාකාරිකයෙකු වන රම්සි රසීක්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි ...
ශ්‍රී ලංකා මහ බැංකුව බොරු ගොතා, ජනතාව නොමග යවනවා! පොලිටික්ස් LANKA වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන එකමුතුව කියයි. වෘත්තීය සමිති හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් ලෙස එකතු වී විශාල පිරිසක් පසුගිය අගෝස්තු 28 සඳුදා, දහවල්, කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ නාමයෙන් අර්ථ සාධක අරමුදල සහ අනෙකුත් විශ්‍රාමික අරමුදල් විනාශ කිරීමට රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව කරන ජනතා විරෝධී උත්සාහයට දැවැන්ත විරෝධයක් පළ කළහ. වෘත්තිය සමිති සහ සිවිල් ...
පණු කරඳ ගස අපවත් කිරීම මෙලොව දීම ඵල දෙන පංචානන්තරීය පාපයක් ! පොලිටික්ස් LANKA ලෝකයෙන්ම තුරන්වී ගිය ශාකයක් ලෙස නම් කර තිබියදී ගම්පහ, දාරළුව ප්‍රදේශයෙන් හමුවු ශ්‍රී ලංකාවට ආවේණික වූ අති පැරණි කෲඩියා සිලනිකා (Crudia zeylanica) හෙවත් පණු කරඳ ශාකය එම ස්ථානයෙන් උගුල්ලා ඉවත් කර තිබෙනවා. ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි වන ලැහැබකින් 2019 වසරේ දී මෙම ශාකය හමුවු අතර මහනුවර අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා දිවෙන කොටස ඉදි කිරීම සඳහා අදාළ ...
අද මල් පොකුර යුදහමුදාවේ කෝප්රල් ‘කරූ’ට! පොලිටික්ස් LANKA කෝප්රල් බී. ආර්. කේ. එල්. කරුණාරත්න.අද මල් පොකුර පිරිනැමෙන්නේ ශ්‍රී ලංකාවේ පාබල හමුදාවේ කෝප්රල් බී. ආර්. කේ. එල්. කරුණාරත්නටයි. ඔහු පසුගිය දිනක මහනුවර සිට මහියංගණය බලා ගිය බස් රථයක ගමන් කරමින් සිටියා. බස් රිය උඩුදුම්බර ප්‍රදේශයෙන් යමින් සිටිය දී හදිසියේ ම බස් රථයේ රියැදුරු අසුනෙන් ඉවතට විසි වී ගියා. සුක්කාම හසුරුවන්නට කෙනෙකු මොහොතකට නැතිව ගියා. මීටර පනහක පමණ දුරක් ...
අස්වැසුම ඇස්වැසුමක් ද? ඇස්බැන්දුමක් ද? පොලිටික්ස් LANKA ‘අස්වැසුම’ සමාජ ආරක්ෂණ යෝජනා ක්රමයේ ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුවට අදාළව පසුගිය බදාදා (ජූනි 28) සවස් වන විට ආසන්න වශයෙන් අභියාචනා ලක්ෂ 4ක් ලැබී ඇති බව මුදල් අමාත්‍යංශය ඊයේ නිවේදනය කළා. මුදල් අමාත්‍යංශයට අනුව ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුව සම්බන්ධයෙන් අභියාචනා 383,232ක් සහ විරෝධතා 5,045ක් ඉදිරිපත් කර තියෙනවා. දුප්පතා සොයා සොච්චමක් දෙන එකත් මේ ආණ්ඩුවට ප්‍රශ්නයක් මුදල් රාජ්‍ය අමාත්‍යා ෂෙහාන් සේමසිංහ ජුනි 25 දින නිවේදනය කළේ, ...
ජනපති මෛත්‍රී ඉතිරි වන්දි ගෙවන්න වසර 10ක් කල් ඉල්ලයි! පොලිටික්ස් LANKA පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝගයට අනුව ඔහු විසින් වන්දි වශයෙන් මේ වන විට රුපියල් මිලියන 15 ක මුදලක් ගෙවා ඇතැයි වාර්තා වෙනවා. වන්දි ගෙවන් කල් ඉල්ලන හිටපු ජනපති මෛත්‍රී හා මුක්තියෙන් ගැලවුණු ...
ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක ජනතාවකට ඇඩ්රස් නෑ! පොලිටික්ස් LANKA වතුකම්කරුවන්ට තැපැල් ලිපින ලබා දීමේ කටයුතුවලට අදාළ සැලසුම් මේ වන විට සකස් කොට ඇති බවත් එය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සති හයක කාලයක් ලබාදෙන ලෙසත් නීතිපතිවරයා පසුගියදා (2023 සැප්. 13 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය. තමන්ට තැපැල් ලිපිනයක් ලබා දෙන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මාවතගම ප්‍රදේශයේ වතු පදිංචිකරුවෙකු වන ජීවරත්නම් සුරේෂ් කුමාර්, නීතිඥ ලක්ෂාන් ඩයස් මාර්ගයෙන් ඉදිරිපත් කළ ...
මාස තුනට ඩොලර් මිලියන 6777ක් ණය අරන්..! ආණ්ඩුව මේ යන්නේ කොයි පාරේ..? පොලිටික්ස් LANKA ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුමට අනුව 2022 දෙසැම්බර් 30 වන දිනට රජයේ මුළු ණය තොගය තිබුණේ අමෙරිකානු ඩොලර් මිලියන 84,703 කි. එහෙත් 2023 මාර්තු මස 30 වන දිනට එය ඩොලර් මිලියන 91,561 ක් දක්වා ඩොලර් මිලියන 6858 කින් ඉහළ ගොස් ඇත. මෙයට ප්‍රධාන වශයෙන්ම දායක වී ඇත්තේ මාස තුනක් තුළ දේශීය ණය ඩොලර් මිලියන 6777 ක් (රුපියල් ට්‍රිලියන ...
සෞඛ්‍ය ඇමතිතුමනි, දෙයියන්නේ නාමයෙන් ඉල්ලා අස්වෙන්න! පොලිටික්ස් LANKA සෞඛ්‍ය සේවාව පත් වී ඇති අනතුරුදායක තත්වය ගැන කලින් ද අප විසින් පැහැදිලි කිරීමක් කළ බවට මතක ඇතුවා නිසකය. රෝහල් සෞඛ්‍ය සේවාවේ ප්‍රධාන අංග දෙකක් වූ ඖෂධ හිඟය, විශේෂඥ වෛද්‍යවරු රට හැරයාම, එදා අප අවධාරණය කළ අංශයි. සෞඛ්‍ය සේවාව පවත්වා ගෙන යන්නට අත්‍යවශ්‍ය වූ තවත් අංග ගණනාවක් තියෙනවා. ඒවාද දැන් අනතුරේ කියලයි, සෞඛ්‍ය සේවක වෘත්තිය සංගම් කියන්නේ. දැනටමත් දිවයින පුරා ...
ශ්‍රී ලංකාව ලෝකයේ සාමකාමී රටවල් අතරින් 90න් 107ට වැටිලා! පොලිටික්ස් LANKA අන්තර්ජාතික ආර්ථික හා සාමය පිළිබඳ ආයතනය (IEP) විසින් ගණනය කරනු ලබන ගෝලීය සාමකාමී බව පිළිබඳ ලොව ප්‍රමුඛතම මිනුම වන 2023 ගෝලීය සාම දර්ශකයේ (Global Peace Index) ශ්‍රී ලංකාව 107 වැනි ස්ථානය දක්වා ස්ථාන 18 කින් පහළට වැටී තිබෙනවා. ශ්‍රී ලංකාව 2022 දී සිටියේ 90 වැනි ස්ථානයේයි. < ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සාමය....සාමයේ ප්‍රවණතාව, එහි ඇති ආර්ථික වටිනාකම සහ සාමකාමී සමාජයක් බිහි ...