ආණ්ඩුවේ ටින් අංකය නීති විරෝධියි..! අදහා ගත නොහැකි ගොබ්බ නියෝගයක්..! පොලිටික්ස් LANKA දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල් එන්. එම්. එම්. මිෆ්ලිගෙන් අභියෝගයක්! වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනා 2024 ජනවාරි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී TIN අංකයක් (Taxpayer Identification Number) ලබා ගත යුතු බවත් නොඑසේ නම් රුපියල් 50,000 ක දඩයකට යටත් විය යුතු බවටත් මුදල් ඇමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ නිකුත් කළ ගැසට් නිවේදනය ...
අපේ ඡන්දවලට මොකද වෙන්නේ? ඇයි අන්ධභූත කතා කියන්නේ? පොලිටික්ස් LANKA මේ වසර තුළ දී ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් දෙකම පැවැත්වෙන බව මේ වසරේ අයවැය ඉදිරිපත් කරමින් කීවා. ඒත් මුදල් වෙන් කර තිබුණේ කුමක් හෝ එක මැතිවරණයකට පමණයි. එය රුපියල් කෝටි 1000ක්. ඒ බව ප්‍රකාශ කරමින් කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල කීවේ මැතිවරණ දෙකටම ඒ මුදල පිරිමසා ගත යුතු බවයි. ඒක පුදුම කතාවකි. අද රටේ තත්වය අනුව මිනිස්සු එක වේලක් දෙකට බෙදා ගන ...
රනිල් රාජපක්ෂාලාට කඩේ බව පෙන්වන තවත් නිදසුනක්! පොලිටික්ස් LANKA රාජ්‍ය සේවයේ පත්වීම් සිදුවන අයථා ආකාරය ගැන ශ්‍රී ලංකා පරිපාලන නිලධාරීන් පිරිසක් විසින් පෙන්වා දෙන ලිපියක් පසුගියදා ප්‍රසිද්ධ විය. ‘වැටත් නියරත් ගොයම් කා නම් කාට කියනුද ඒ අමාරුව’ යන්නට හොඳම නිදසුනක් ලෙස මෙය ඇසෙන්නේ රාජ්‍ය සේවා කොමිසමෙනි. රනිල්ගේ පරිපාලනයේ ඇති අන්ත දූෂිත තත්වය මෙයින් පැහැදිලි වන අතර, ඔවුහූ මෙයින් පරිපාලන නිලධාරින්ට සිදු වූ අසාධාරණය පෙන්වා දෙන අතර පරිපාලනයේ ජ්‍යෙෂ්ඨයකු වූ ...
මහ පෙරළියක් කළ ශ්‍රී ලංකාවේ වාමාංශික පුවත්පත් පොලිටික්ස් LANKA මෙරට වාමාංශික පුවත්පත්වල මූලාරම්භය වර්ෂ 1934 දක්වා අතීතයට දිවයයි. 1934 මාර්තු මස 06 වන දින ප්‍රකාශයට පත් වූ ‘කම්කරුවා’ නමැති පුවත්පත ලංකාවේ ප්‍රථම වාමාංශික පුවත්පත ලෙස හඳුන්වා දිය හැකි ය. එවකට ‘කම්කරුවා’ පුවත්පතේ ප්‍රධාන කතුවරයා වූයේ බී. ජේ. ප්‍රනාන්දු ය. උප කර්තෘ ධූරයේ කටයුතු කරන ලද්දේ කීර්තිමත් ලේඛකයෙක් වූ හෙන්රි පීරිස්ය (ඔහු පසු කලෙක ලේක්හවුස් සභාපති පදවිය ඉසුලූ ජනදාස පීරිස් ...
මෙම දූෂිත දේශපාලන සංස්කෘතිය මාලිමාවට වෙනස් කළ හැකි ද..? පොලිටික්ස් LANKA ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක ශාන්ත ජයරත්න විසිනි. මා දැනට ටික කලකට පෙර එංගලන්තයේ වෙස්ට්මින්ස්ටර් (Westminster) භූගත දුම්රිය ස්ථානයේ (Underground Railway Station) දුම්රියක් පැමිණෙන තුරු සිටින අතරතුර එවකට එංගලන්ත පාර්ලිමේන්තුවේ කතානායකවරයා (ජෝන් බර්කෝව්) දැක පුදුමයට පත් විය. ඔහු තම රාජකාරි නිමවා නිවස බලා යන බව පේන්නට තිබුණි. අව් කණ්ණාඩි පැලඳ ගත්, කළු කෝට්වලින් සැරසුණු ඔහු අසල කිසිදු ...
ඇත්තට ම EPF පොලියට සිදුවන්නේ කුමක් ද? ප්‍රතිව්‍යුහගතකරණයක් ද? ප්‍රශස්තකරණයක් ද? පොලිටික්ස් LANKA ලෝකයට එකක් කියලා අපේ රටට තව එකක් කියන එක අපේ දේශපාලනඥයන් ගේ පුරුද්දක්. නොදන්නා වචනවලින් සුන්දර ලෝකයක් මවලා පෙන්නලා, බලය අරන් රට ම අසුන්දර ලෝකයක් කරලා, ඉන් නොනැවතී, රට ම බංකොලොත් කරලා පැනලා යන එකත් අපේ දේශපාලනඥයන්ගේ පුරුද්දක්. කටේ දිවේ නොගෑවී බොරු කියන එකත් අපේ දේශපාලනඥයන්ගේ පුරුද්දක්. දැන් ඒ පුරුදු අතරින් මතුවෙච්ච ලොකුම රැවටිල්ල තමයි, ඔවුන්ට හරියට කියා ගන්නවත් බැරි ...
ජනාධිපති කාර්යාලය, විගණකාධිපති පවා රටේ නීතිය දන්නේ නැද්ද? පොලිටික්ස් LANKA කොළඹ හිටපු දිසාපති සුනිල් කන්නන්ගර ප්‍රශ්න කරයි. අද නීතිය ගැන දැනුවත් වීම බින්දුවට ම වැටී තිබේ. අඩු තරමින් තමා රාජකාරි කරන වපසරිය තුළ කටයුතු කරද්දී තිබිය යුතු අවම නීතිමය දැනුම ගැනවත් අවබෝධයක් නිලධරයන් තුළ නැත. ඒ බව දැක්වෙන අපූරු නිදසුනක් පසුගියදා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධරයකු විසින් පෙන්වා දී ඇත. ඔහු, කොළඹ, රත්නපුර හා අම්පාර දිස්ත්‍රික්කවල මහ දිසාපති වශයෙන් කටයුතු කර ...
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය: සේවක අර්ථ සාධක අරමුදලට මොකද වෙන්නේ? පොලිටික්ස් LANKA දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ යෝජනාව පසුගිය ජූලි මස පළමු වෙනිදා පාර්ලිම්න්තුවේ දී වැඩි ජන්ද 60කින් සම්මත විය. යෝජනාවට පක්ෂව ජන්ද 122ක් ලැබුණු අතර විපක්ෂව ජන්ද 60ක් ලැබී තිබුණි. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ යෝජනාව සම්මතවීමත් සමග සමාජය තුළ කතාබහට ලක්වූ ප්‍රධාන මාතෘකාව වූයේ, ඉන් සේවක අර්ථ සාධක අරමුදලට කුමන බලපෑමක් එල්ලවිය හැකි ද යන්නයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයින් ජූලි 10 ...
සමුපකාරයේ ‘මීයන්’ පන්නා අලුත් මගක යන අලුත් අධ්යක්ෂලාගේ අලුත් වැඩ මෙන්න! පොලිටික්ස් LANKA ලංකාවේ සමුපකාර ව්‍යාපාරයට කීර්තිමත් ඉතිහාසයක් තිබුණි. එහෙත් 70 දශකයෙන් පසු සමූපකාරයට "ඌරු මීයෝ" රිංගුවෝ ය. ඒ ඒ දේශපාලන පක්ෂ වල ප්‍රවර්ධන කාර්යාල බවට සමුපකාරය පත්විය. ඔවුහූ සමුපකාරය පෞද්ගලික දේපළක් බවට පත් කර ගත්හ. ඉඩකඩම්, ගොඩනැගිලි අවසතු කළහ. සමුපකාරය හොරුන්ගේ තිප්පලක් විය. සමුපකාර ග්‍රාමීය බැංකු අයථා ලෙස සමිති නිලධාරීන්ට සහ ඔවුන්ගේ හිතවතුන්ට ණය දෙන බැංකු බවට පත්විය. කල්පසු ණය කෝටි ගණනක් ...
අලස් නීතිඥවරුන්ට එල්ල කළ චෝදනා පාරාවළල්ලක් වෙලා..! පොලිටික්ස් LANKA ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂක අමාත්‍යවරයාව වන ටිරාන් අලස් පසුගිය දිනෙක කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට නීතිඥ ප්‍රජාව අතර ලොකු කතා බහක් ඇතිවී තිබේ. ඔහු චෝදනා කළේ ඇතැම් නීතිඥවරුන් මිලියන, බිලියන ගණන් මුදල් ගෙන කුඩු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින බවයි. එවැනි නීතිඥවරුන් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති වීමට විරුද්ධ බව ද ඔහු කීවේය. ‘දේශබන්දු තෙන්නකෝන්ව පොලිස්පති කරන්න මම කියන වෙලාවේ ඒකට ...
වසර 3ක් පැරණි නාමල්ගේ ලක්ෂ 26 විදුලි බිලේ කතාවේ ඇත්ත නැත්ත? පොලිටික්ස් LANKA මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ මංගලෝත්සවයේ අවස්ථාවක්.2019 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගී වූ උත්සවයක් සඳහා රුපියල් ලක්ෂ 26 කට අධික විදුලි බිලක් හිඟව පැවතීම සම්බන්ධයෙන් වූ පුවතක් ඉකුත් සතියේ දී මාධ්‍යය තුළ හුවමාරු වුණා. සමාජ මාධ්‍ය සහ ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබුනේ මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවයට අදාළ විදුලි බිලක් මෙලෙස ගෙවා නොමැති බවයි. අදාළ විදුලි සම්බන්ධතාව ලබා ගැනීම සඳහා ...
අප රවටන්න එන ‘විලී ෆොක්ස්ලා’ ගැන ඔක්ස්ෆර්ඩ් හෙළිදරවුවක්! පොලිටික්ස් LANKA ඔක්ස්ෆර්ඩ් ඇඩ්වාන්ස් ලර්නර්ස් ඉංග්‍රීසි ශබ්ද කෝෂයයට අනුව "Wily Fox" (විලී නරියා) යනු "තමාගේ අවශ්‍යතාව ඉෂ්ඨ කරගැනීම සඳහා ඉතා කපටි ලෙස වෙනත් පුද්ගලයන් පොළඹවා ගැනීමට දක්ෂ පුද්ගලයා" (A person skillful at getting what he wants, especially by tricking people) යනුවෙන් හඳුන්වා ඇත. මෙවැනි පුද්ගලයන් දේශපාලනයට පැමිණි විට ඔවුන් සෑම විටම උස්සාහ කරන්නේ තම දේශපාලන අභිමතාර්ථ ඉටුකර ගැනීමට විවිධ උපක්‍රම, ප්‍රයෝග, සහ ...
පලා මල්ල හා A - තුමා ඔබ වෙත ගේන - ‘තලන්’ට අද 88යි! පොලිටික්ස් LANKA ‘තලන්’ කිසිදාක පත්තර අයිතිකරුවන්ටවත්, කර්තෘලාටවත්, දේශපාලනඥයන්ටවත්, ධනවතුන්ටවත්, ඔහුගේම හිතවතුන් වෙනුවෙන්වත්, ‘කඩේ ගියේ’ නැත. ඔහු ‘කඩේ ගියේ’ සමස්ත පාඨක ජනතාව වෙනුවෙන් පමණයි. ලේක්හවුසියේ සේවය කළ කාලයේ ඔහු දැඩි නිදහස් මතධාරියකු වුණා. ලොකු ලොක්කන්ට පන්දම් ඇල්ලූ කර්තෘලාට ඕනෑ විධියට ඔහු තෙලිතුඩවත්, පෑනවත් හැසිරෙව්වේ නැහැ. මා දකින විදියට ඔහු, අපේ පුවත් කලාවට උචිත නව ආරකට, පැතලි තලයක, ‘ද්විමාන’ චිත්‍ර මවන්න හැකියාව ඇති කර ...
රනිල්, කට පියා ගනින්! උසාවියේ විභාග වන කාරණා ගැන කතා කරන්න උඹට නොවෙයි කාටවත්ම බැහැ...! - ප්රජාතන්ත්රවාදය සඳහා නීතිඥයෝ පොලිටික්ස් LANKA ණය ප්රශස්ත කිරීමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හැර වෙනත් කිසිදු පාර්ශ්වයක නියෝග හෝ උපදෙස් ආණ්ඩුව නොසලකන බව රනිල් වික්‍රමසිංහ ජනාධිපති 2023 අගෝස්තු 4 වැනි සිකුරාදා පොල් වගාකරුවන්ගේ වාර්ෂික සමුළුවේ දී ප්‍රකාශ කළේය. මෙම ප්‍රකාශයෙන් පසුව තහනම් නියෝග ලබා ගැනීම මගින් දේශපාලන න්‍යාය පත්‍ර සඳහා අධිකරණය යොදා ගැනීමේ උත්සාහයක් පවතින බවට අදහස් පළ විය. මිලියන සංඛ්‍යාත ජනතාවගේ විශ්‍රාම ප්‍රතිලාභවලට අහිතකර ලෙස බලපාන ...
උඩරට මැණිකේ "නොමඟ" යැවීම ජාතික ආපදාවකි.! පොලිටික්ස් LANKA වර්තමානයේ පවත්නා විද්‍යා තාක්ෂණික දියුණුවත් සමඟ ලොව පුරා කඩිනම්, ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් ද ශීඝ්‍රයෙන් ප්‍රවර්ධනය වෙමින් පවතී. ඉතා විශ්වාසී සහ ආරක්ෂාකාරී ලෙස කෙටිම කාලයක් තුළ වැඩිම දුරක් ගමන් කළ හැකිවීම අතීතයට සාපේක්ෂව නූතන ලෝකය අත්පත් කර ගත් සුවිශේෂී ජයග්‍රහණයකි. එහෙත්, මේ වන විට අප රටේ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය පිළිබඳව සිතන විට වැඩිම දුරක් අඩුම කාලයක් තුළ ගමන් කිරීම "අඩුම ...
රනිල් ස්කොට්ලන්ඩ් යාඩ් පොලීසිය ගැනත් බොරු කියලා ..! පොලිටික්ස් LANKA පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තා සමාලෝචනය කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්ඩ් යාඩ් පොලීසියේ සහාය ලබා ගත් බව රනිල් වික්‍රමසිංහ ජනාධිපති පසු ගිය වසරේ ප්‍රකාශ කළ නමුත් බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසන්නේ තමන් දන්නා පරිදි එවැනි ඉල්ලීමක් කර නැති බවයි. එවැනි ඉල්ලීමක් කළේ නම් කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හරහා එය සන්නිවේදනය විය යුතු බව ඒ ආරංචි මාර්ග සඳහන් කරයි. ...
ටිරාන්ගේ සහ දේශබන්දුගේ ඇත්ත මුහුණ, ස්වයංක්‍රීය මුහුණු හඳුනා ගැනීමේ පද්ධතියට හසුවෙලා...! පොලිටික්ස් LANKA පසුගියදා (2024 ජනවාරි 6දා) රූපවාහිනී ප්රවෘත්තිවල රාත්‍රී නිව්ස් එකක් පෙන්නුවා, ඇමති ටිරාන් සහ වැබ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඩබල ගිහින් පීත්ත පටියක් කපලා කටුනායක ගුවන් තොටුපළේ අලුත් යුනිට් එකක් විවෘත කරනවා. ඒ යුනිට් එක නම් 'ස්වයංක්‍රීය මුහුණු හඳුනා ගැනීමේ පද්ධතිය' යි. (Face Recognition) වැඩිදුරටත් මේ නිව්ස් එකේම කියනවා මේක "මුට්ටිය" සොරි සොරි වැරදුනා "යුක්තිය" මෙහෙයුමට සමගාමීව අපරාධ මෙහෙයුම් කොට්ඨාසය, තොරතුරු තාක්ෂණ ...